Press ESC to close

ලොව ප්‍රථම 4TB Micro SD කාඩ්පත

ඩිජිටල් දත්ත ගබඩා කිරීමේ උපාංග නිෂ්පාදන සමාගමක් වශයෙන් ලොව සුපතල නමක් දිනාගෙන සිටින Western Digital සමාගම විසින් ලොව ප්‍රථම 4TB මතක ධාරිතාවයකින් යුක්ත Micro SD කාඩ්පත නිපදවා තිබෙනවා.

මෙය SanDisk Extreme PRO SDUC UHS-1 යනුවෙන් එම සමාගමේ නිල වෙබ් අඩවියේ සඳහන් වන අතර, මෙම නාමකරණය තුළින් මෙම SD කාඩ්පතෙහි කාර්ය සාධන හැකියාව(performance) සම්බන්ධව ද දළ අදහසක් ලබාගත හැකි ය.

Get Your Site Up with A2 Hosting

SDUC (Secure Digital Ultra Capacity standard) යනු 2TB පටන් 128TB දක්වා මතක ධාරිතාවකට අයත් SD Associationහි ප්‍රමිතිකරණ කේතයයි. UHS-1 කේතයට අනුව මෙය 104MB/sට වැඩි දත්ත හුවමාරු වේගයකින් යුක්ත විය යුතු ය. එසේ ම tech radar වෙබ් අඩවිය සඳහන් කරන්නේ මෙහි Video speed class එක V30 වීමට ඉඩ ඇති බව සහ දත්ත ලිවීමේ වේගය 30MB/s විය හැකි අතර මෙම SD කාඩ්පත 8K Video Recording සඳහා ද සහය දක්වනු ඇති බවයි.

Western Digital සමාගම සඳහන් කරන්නේ මෙම SD කාඩ්පත ලාස් වේගාස්හි පැවැත්වෙන NAB 2024 ප්‍රදර්ශනයේ දී ප්‍රදර්ශනය කිරීම සිදු කර ඔවුන්ගේ නිල Amazon Store එකෙහි විකිණීම ආරම්භ කරන බවයි.

Source :- to read the original source

Comments (1)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *