Home Tech News software welcome to voice editing…Adobe VOCO
software

welcome to voice editing…Adobe VOCO

Share
blank
Share

1990දි photoshop software එක release කරද්දි Adobe සමාගමේ ඉලක්කය උනේ පැය ගණන් මහන්සි වෙන්න සිදුවුන photo Editing මිනිත්තු කිහිපයකින් කරන්න පුළුවන් කාර්යක් කිරීමයි. පසු කාලයක විවිධ විහිළු නිර්මාණය වගේ දේවල් වලින් පටන් අරන් වෙනත් අයගේ මූණු Nude photos වලට බද්ද කරනව වගේ බැරෑරුම් දේවල් දක්වා වෙනම පරාසයකට photoshop software එක භාවිතා වෙන්න පටන් අරන් තියෙනව. අද ගොඩක් වෙලාවට මාධ්‍ය වල පලවන හැම photo එකක්ම වගේ photoshop Edit එකකින් පස්සෙ තමයි release කරන්නෙ.

මේ අවුරුද්දෙ නොවැම්බර් මාසයෙ පැවැත්වුන Adobe max creative conference 2016 එකේදි Adobe සමාගම තමන්ගෙ නවතම පෙරලිකාර software එක වන Adobe voco හදුන්වා දුන්නා. Photos වලට කරපු Editing ඉදිරියෙදි Voice එකටත් කරන්න පුළුවන් කියල මෙහිදී Adobe සමාගම පෙන්වුවා. ඕනම කෙනෙකුගෙ කටහඩ සහිත Audio file එකක් ලබා දුන්නම ඒ කටහඩින්ම අළුතෙන් type කරල දෙන ඕනම වචනයක් කියන්න Adobe voco software එකට පුළුවන්.

මේක හදුන්වල දීපු Adobe max creative conference එකේදි voco software එකෙන් නිවේදකයෙක් ඔහුගෙ බිරිද සම්බන්ධව කියපු දෙයක් වෙනස් කරල ඔහු වෙනත් කෙනෙක්ව kiss කරා කියල Audio එක වෙනස් කරල පෙන්වද්දි ඔක්කොම හිනා උනත් ඒ එක්කම මතු වෙච්ච ප්‍රශ්නයක් තමයි මේකෙන් ඉතාම සියුම් දේශපාලනික පළිගැනීම් හා පුද්ගලයන්ට මඩ ගැසීම් වගේ දේවලට මේක පාවිච්චි කරන්න පුළුවන් කියන එක.

Adobe voco software එකට කෙනෙක්ගෙ කටහඩ අනුකරණය කරන්න අඩුම තරමෙ එයා කතා කරන විනාඩි 30ක වගේ Audio file එකක් ඕන වෙනව. ඒ එක්කම ආරක්ෂක හේතූන් මත මේකෙන් නිපදවන කටහඩ හදුනගන්න පුළුවන් වෙන විදිහට watermark එකක් මේ තුලින්ම අදාල Audio file එකට එකතු වෙනව.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

2025 හොඳම Free Video Editor එක බවට Shotcut පත්වෙයි.

Shotcut 2025 වර්ෂයේ දී tech reviews සහ comparisons වල “Best Free Open...

වචන වීඩීයෝ කරන Sora වැඩසටහන

OpenAI සමාගම විසින් නවතම new video-generation වැඩසටහනක් හදුන්වා දී තිබෙනව. එහි නම...

CES 2024 තුලින් launch වෙන MSI සමාගමේ නවතම නිෂ්පාදන

ඇමරිකාවේදී වාර්ෂිකව පැවැත්වෙන 2024 CES (Consumer Electronic Show) ඒක සදහා ලොව ප්‍රමුඛ...

ලොව පැරණිතම DOS Version එක අන්තර්ජාලයට

Microsoft සමාගම DOS Operating system එක නිර්මාණය නොකල බවත් සිදුකලේ DOS වෙනුවට...