Home Tech News CPU AMD Graphics සමගින් එන Samsung Exynos 2100
CPUPhonesTech News

AMD Graphics සමගින් එන Samsung Exynos 2100

Share
blank
Share

Galaxy S21 flagship smartphone එළිදක්වන්න දින කීපයක් ඉතිරිව තිබියදී Samsung සමාගම Exynos 2100 chip එක පිළිබඳ කරුණු ඉදිරිපත් කලා. ඔවුන් එය දකුණු කොරියානු දැවැන්තයාගේ නැවත පැමිණීම ලෙස සනිටුහන් කරමින් “Exynos is back” ලෙස නම් කර තිබුනා.

Samsung සමාගම මෙලෙස සනිටුහන් කලේ තම Exynos Chips තුල AMD Graphics ස්ථාපනය කිරීමයි. AMD සමාගමේ video accelerators පිළිබඳ samsung සමාගම කල අත්හදාබැලීම් ගැන පසුගිය කාලයේ කතාබහක් ඇතිවුවද , පසුගියදා සමාගමේ වයාපාර කළමනාකරු AMD Graphics පදනම් කරගත් flagship එකක් නිපදවීම ගැන නිවේදනයක් නිකුත් කරන තෙක් ඒ ගැන නිල වාර්තාවක් පළවූයේ නැහැ.

Samsung Exynos 2100 SOC එක එළිදක්වන දිනයක් තවමත් සදහන් නොවූවද Galaxy Z fold 3 සමගින් එය නිකුත් වනු ඇති බවට මේ වනවිට මත පලවී තිබෙනවා.මේ සමගම Samsung ආයතනකේ පලමු 5G integrated mobile chipset එක Exynos 2100 වනු ඇති. මෙම 5nm chip එක දැනට ඇති 7nm ඒවාට වඩා 20% අඩු බලයක් (power consumption) ලබාගන්නා අතර එහි performance 10% කින් වැඩිවී තිබෙනවා.

දැනට Galaxy S21 series එක පළමුවෙන් මෙම Exynos 2100 chipset (Mali G78 GPU සමග) නිකුත් වෙන අතර ඉදිරියේදී AMD Graphics සමග නිකුත් වෙනු ඇති.

Share

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...