Press ESC to close

Windows 10 Fall Creators update එකට සැරසෙමු

මේ අවුරුද්දෙ Windows 10 වලට එන ලොකුම update එක තමයි Fall Creators Update කියන්නෙ. මේකත් එක්ක Windows 10 මෙහෙයුම් පද්ධතිය smart phone වලට තව තවත් පහසුකම් එකතු කරමින් නව අංග රැසක් සහිතව අලුත් වෙන්නයි යන්නෙ.

ඔක්තොම්බර් 17 වෙනිද නිකුත් කරන්න නියමිත මේ Fall Creators update එක එනකම් ඉන්න බැරි අයට Windows insider වැඩසටහන යටතේ මේකෙ Beta පිටපතක් අරන් බලන්න පුලුවන්කම තියෙනව.

Get Your Site Up with A2 Hosting

Fluent Design system

Windows interface එක මේ update එකේදි ලොකු වෙනසකට ලක්වෙනව. ආලෝකය, ගැඹුර, චලනය, වර්ණ රටා, විශාලත්වය වගේම අකුරු වලත් වෙනසක් තුලින් Computer එකේ පෙන්වන තොරතුරු වඩාත් පහසුවෙන් සහ කාර්යක්ෂමව පෙන්වීමයි මෙහි අරමුණ. උදාහරණයක් විදිහට ගැඹුර (Depth) පාවිච්චි කිරීම තුලින් අතුරු මුහුණතක තියෙන තොරතුරු වලින් ඒ මොහොතට අවශය දේ පමණක් පෙන්වන්න පුලුවන්. මේ Design එක දැනටමත් Maps, Calculator, Groove music වගේ සමහර Microsoft software වලට නිකුත් කරල තියෙන්නෙ.

 

Clipboard

අපි කවුරුත් දන්න clipboard එකෙන් අපිට word වගේ දේකින් copy කරන දෙයක් computer එකේ තවත් software එකකට (excel / power point / photoshop) paste කරන්න පුලුවන්. ඒත් මේ update එකත් එක්ක Cloud based clipboard එකක් හරහා Computer එකේ Copy කරපු දෙයක් Android / windows / iPhone එකක් ඇතුලෙ වගේම on-line office app එකක උනත් paste කරන්න පුලුවන් පහසුව ලැබෙනව.

pick up where you left off නැවතු තැනින් පටන් ගමු

මෙතනදි අපි phone / tab / web (windows / android/ ios) වල පටන් ගත්ත Word document / excel වගේ දේවල් cortana assistant ගෙ සහය ඇතුව අපේ අනෙක් Device වලදි ඉවර කරන්න පුලුවන්. Phone එකේ බාගෙට කරපු word document එකක් Pc එකට ආවම ඒකෙදි මතක් කරල දෙන්නත් PC එකේ පටන් ගත්ත දෙයක් phone එකේදි මතක් කරන්නත් මේ පහසුකම යටතේ Cortanaට හැකියාව ලැබෙනව.

My people

මේකෙදි Contacts වල ඉන්න අයගෙ එක එක Account හරහා ඒගොල්ලොන්ව පහසුවෙන් සම්බන්ධ කරගන්න එකම තැනකට Accounts ටික pin කරල තියන්න පහසුව ලැබෙනව.

One Drive එකට එන වෙනස්කම්

මීට කලින් අපිට ගන්න පුලුවන් උනෙ අපි Share කරපු folders වල තියෙන Files විතරයි. මේ update එකේදි one drive හරහා PC එකේ Phone එකේ තියෙන Files හැම එකක්ම අපේ Account එක හරහා ගන්න අවස්තාව ලැබෙනව. මෙතනදි හැම File එකක්ම upload වෙන්නෙ නැහැ. ඒ උනත් අවශ්‍ය වෙලාවට ඒක ලබාගන්න වගේම දැනට තියෙන්නෙ cloud එකේද නැද්ද කියන එකත් පෙන්නනව.

Story Remix

මේ අලුත් App එකත් එක්ක Windows වල තියෙන පහසුකම් හරහා images වල location / face recognition හරහා අපේ time line එක හරි අපේ contact එකක් ගැන හරි Video එකක් හදන්න පුලුවන්කම ලැබෙනව.

Android iPhone linking පහසුකම

මේ update එකත් එක්ක මීට කලින් Windows 10 mobile වලට පමණක් තිබුන Windows 10 PC එකක් සමග link වෙන පහසුකම ලැබෙනව. මෙතනදි Phone එකට එන Text වලට PC එකෙන් Reply කරන්න පුලුවන් කම / whatsapp / email වගේම Missed call notifications, battery low notifications ඔයාගෙ Desktop එකේ පෙන්නනව. ඉතින් මේක තමන්ගෙ Smart phone එකෙන් උපරිම ප්‍රයෝජන ගන්න ගමන් කාර්යක්ෂමව තමන්ගෙ වැඩ කරන්න පුලුවන් කම ලැබෙනව.

VR සහ Mixed Reality

Falls creators update එකෙන් පහසුකම් ගොඩක් ලැබෙන්නෙ Virtual Reality සහ Mixed Reality කියන යෙදවුම් වලටයි. දැනට ජනප්‍රිය HTC VIVE වගේ VR Headset වල වෙනම එන Motion sensors වගේ ගොඩක් දේවල් නැතුව ඊට වඩා මිලෙන් අඩු ඔක්කොම Sensors Headset එකේම අඩංගු කරල තියෙන VR අත්දැකීමක් දෙන්න තවත් නිෂ්පාදකයින් 300කට වැඩි දෙනෙක් එක්ක වගේම Steam Game platform එකත් එක්කත් Microsoft සමාගම එකතු වෙලා.

මේ විදිහට වෙනම motion sensors හයි කරගෙන කරන Setup වලට වඩා පහසු user experience එකක් දෙන Headset එකක් හදන්න Microsoft Hololens වගේම Kinect කියන උපකරණ වලින් ලැබුන අත්දැකීම් පාවිච්චි කරල තියෙනව.

Pcguide

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *