වයිට් හවුස් හි ප්රකාශක කැරොලින් ලෙවින්ට් පසුගියදා වොෂිංටනයේදී ධවල මන්දිරයේ වාර්තාකරුවන්ට දැනුම් දුන්නේ, ට්‍රම්ප් පරිපාලනය විසින් ඇමරිකානු රජයට චිප් නිෂ්පාදන පුරෝගාමියකු වන ඉන්ටෙල් සමාගමේ 10% ක කොටස් අයිතියක් ලබා ගැනීමට ගිවිසුම් සකස් කරමින් සිටින බවයි. ට්‍රම්ප් ජනාධිපතිට රටේ ජාතික ආරක්ෂාවට හා ආර්ථික දෘෂ්ටිකෝණයෙන් ඇමරිකාවේ අවශ්‍යතා පළමු තැනට ගෙන ඒමට අවශ්‍ය බව ඇය එහිදී ප්‍රකාශ කළහ. මේ නිසා රජයේ ආධාර මුදල් ඉන්ටෙල් සමාගමේ කොටස් සමඟ හුවමාරු කිරීමට සිදු විය හැකි බව ඇමරිකානු වාණිජ ලේකම් හොවාර්ඩ් ලුට්නික් පවසයි.
ඉන්ටෙල් සමාගමට එන්වීඩියා, සැම්සන්ග් වැනි ප්රතිවාදීන් සමඟ, විශේෂයෙන්ම කෘතීම බුද්ධි (AI) චිප් වෙළඳපොලේදී, තරඟ කිරීමට අපහසු අවස්ථාවේදී මෙම ගත් තීරණය ඔවුන්ට වෙළදපොල අනිත් තරග කරුවන්ට තරගයක් ලබා දීමට උපකාරී විය හැක.














Leave a comment