ලංකාවේ පළමු Multiplayer එක – Extraction Valley
Extraction Valley කියන්නෙ ලංකාවේ හැදෙන First Person Shooter ඝනයේ Multi player Video Game එකක්. මේතාක් ඉතිහාසයේ හැදුන Game එක්ක බලද්දි අන්තර්ජාතික මට්ටමේ නිමාවක් වගේම ඉතාමත් සුවිශේෂ ආකාරයේ තිරය පිටුපස කතානකුත් මේ සමග තියෙනව.
AAA සහ III
මේ Game එක අපි හදුන්වන්නෙ ලංකාවේ මෙතෙක් බිහිවෙච්ච AAA Quality Game එක කියල. මෙතනදි AAA (Triple A Title) එකක් කියන්නෙ කියන්නෙ විශාල මුදල් ප්‍රමාණයක් (Big Budget) වැයකරල විශාල game Developers ල විසින් නිපදවන ඒ වගේම අති ජනප්‍රිය වන (Film වල “Blockbuster” කියන තත්වයට සමාන) Video game වලටයි.
මෙතනදි පුංචි Team එකක් එකතුවෙලා හදන නිෂ්පාදන හදුන්වන්නෙ Indie Games / Indie Deveopers) කියල. නමුත් මේ විදිහට Indie Developers ල හදන Video Games වල නිමාව කලින් සදහන් කරපු විශාල game Studio වල නිර්මාණ තරම්ම උසස් තත්වයේ තියෙනවනම් මේ games වලට AAA හෝ III (Triple A Quality හෝ Triple I) විදිහට හදුන්වා දෙනව.
Game Technology
Extraction valley Game එක නිපදවල තියෙන්නෙ නොමිලේ ලබා ගන්න පුලුවන් Unreal Engine එක පදනම් කරගෙනයි. Video Game එකේ Concept Art වල සිට Models (Environment foliage හැර), Voice Acting සහ Coding සියල්ල කරල තියෙන්නෙ Game එක සදහා සම්බන්ධ වෙච්ච පිරිස විසින්මයි. මෙහිදී Game එකේ තිබෙන Foliage (ගස් වැල්) පමණක් කාලය ඉතුරු කරගැනීම සදහා මිලදී ගෙන තිබෙනව.
Play Mode
දැනට Extraction valley Game එකේ නිර්මාණය කරල තියෙන්නෙ Multiplayer එක පමණයි.(ඉදිරියෙදි Single Player Campaign එකක් ගේන අදහසක් තියෙනවලු). Multiplayer එකෙදි කණ්ඩායම් දෙකක් විදිහට පටන් ගන්න game එකේ ප්‍රධාන අරමුණ වෙන්නෙ විරුද්ධ team එකේ Kills අරගන්න එක. game එක Play කරද්දි ලැබෙන ingame Points වලින් perks (Fast Run, Armour abilities) ගන්න පුලුවන් වගේම අලුත් Weapons ගන්නත් පුලුවන්.
BOSS Fight
මේ විදිහට Game එක යන අතර මැද game එකේ BOSS ල එනව. මේක Multiplayer Game එකක තියෙන අලුත්ම දෙයක්. මෙතනදි Game එකෙන් එන AI (කෘතිම බුද්ධිය) මගින් මෙහෙයවන මේ BOSSව (බලවත් / විශේෂ හැකියාවන් තියෙන Characters) Kill කරන්න ඕන.
මෙතනදි Multiplayer Game එකේ විරුද්ධව වැඩකරපු team 2කටම එකතුවෙලා BOSSව kill කරන්න පුලුවන්. මේ විදිහට අලුත්ම Game Mode වල එකතුවක් එක්ක ලංකාවෙන් බිහිවෙච්ච Multiplayer අත්දැකීමක් ගන්න පුලුවන්.
Price & Platform
Extraction valley Game එක ලංකාවට විතරක් නෙමෙයි, ලෝකයේ ඕනම Gamer කෙනෙකුට මිලදීගන්න පුලුවන් විදිහට Steam එක හරහා තමයි නිකුත් කරන්නෙ. මෙතනදි ලංකාවේ අයට මේක $8ක් (රු 1500) වගේ මිලකට ලබාදෙන්න බලාපොරොත්තු වෙනව කියල තමයි RAM STUDIOS කියන්නෙ
Game Requirements
game එක ගහන්න අවශ්‍ය කරන PC එකක අවම සහ සම්මත සුදුසුකම් පහත දක්වල තියෙනව.
අවම සුදුසුකම් | සම්මත සුදුසුකම් | |
---|---|---|
CPU | Core2Duo 3Ghz | i5 4th Gen |
RAM | 4GB | 6GB |
Graphics | GT730 - DX 11 | GTX 980 DX 11 |
OS | Windows 7 - 64bit | Windows 10 - 64bit |
HDD | 18GB | 18GB |
Internet | YES | YES |
RAM STUDIO
මේ Game එකට කලින් ලුහුබැදීම කියල game එකක් RAM STUDIO එක විසින් නිකුත් කරා – Article Link. මේ හරහා ලැබුන ප්‍රතිචාර එක්ක තවත් Game එකක් හදන්න අදහස් කරද්දි තමයි Multiplayer එකක් හදන්න අදහස් සහ අනෙක් කණ්ඩායම එකතුවෙලා තියෙන්නෙ. මෙතනදි RAM Studio කියන්නෙ සම්පූර්ණ Gaming Industry එකටම ආදර්ශයක් දෙන එකමුතුවක් කියල කියන්න පුලුවන්. තවමත් තමන්ගෙම කියල Development කරන Studio / Office එකක් මෙයාලට නැහැ.
යාළුවන්ගෙ ගෙවල් වලට එකතු වෙලා තම තමන්ගෙ laptop PC ගෙනල්ල වැඩ කරනව වගේම Game Development එකේ වැඩි කොටසක් Online අදහස් හුවමාරු කරගෙන ගෙවල් වලට වෙලා කරපු project එකක් තමයි Extraction valley කියන්නෙ.
මේ Game එක හදපු විදිහ ගැන සම්පූර්න කතාව පහත pcguidelk එකෙන් කරපු interview එකෙන් බලන්න පුලුවන්.