Home Tech News 20GB RAM එකක් තියන දුරකතනයක්
Tech News

20GB RAM එකක් තියන දුරකතනයක්

Share
blank
Share

නවතම වාර්තා වලට අනුව Huawei සමාගම මේ වසර අවසන් වන විට 20GB RAM එකක් සහිත ඔවුන්ගේ පළමු ස්මාර්ට්ෆෝන් එක හඳුන්වාදීමට සූදානම් වෙනවා. 20GB RAM කියන්නෙ සාමාන්‍ය laptop එකකටවත් තියෙන්නෙ නැති memory එකක්. දැනටමත් OnePlus වගේ සමාගම් 24GB RAM phones release කරලා තියෙනවා. ඒ නිසා Huawei දුරකතන 20GB RAM එකකට යන එක විශේෂ දෙයක් නෙවෙයි.

Huawei මේ RAM setup එක හඳුන්වාදෙන්න හදන්නෙ ඔවුන්ගේ Mate 80 series flagship model එක හරහා. මේක Huawei සමාගමෙන් නිකුත් කරන වැඩිම RAM එක සහිත දුරකථනය බවට පත්වෙන වා.

RAM වැඩියි කියන එක multitasking වලට අතිශය වටිනවා. එකවර apps කිහිපයක් open කරලා වැඩ කිරීම, video editing, game play කරන වෙලාවේ background processes manage කිරීම වගේ මේ හැමදේටම RAM එක අත්‍යාවශ්‍ය වෙනවා. අතිරේක memory එක future-ready AI features වලට, on-device processing වලටත් ඉතා වැදගත් වෙනවා.

Huawei සමාගමෙන් Chip packaging technology එකත් නවීන කරන බව DigitalChatStation කියන leakster වාර්තා කරලා තියෙනවා. ඒ කියන්නේ  Huawei මෙය නිකම් RAM එකක් වැඩි කරලා market එකට ගේන්න යන්නෙ නැහැ. මේක යාවත්කාලීන 5G chipset එකක්, efficient design එකක් සහ performance boost එකක් අරන් එන flagship දුරකතනයක් වෙයි.

Huawei’s Mate 80 series එක 2025 අවසන් වන විට ඒ කියන්නෙ Q4 (ඔක්තෝබර්-දෙසැම්බර් අතර) launch වීමේ ඉඩක් තියෙනවා. එහෙත් Huawei සමාගමෙන් වැඩි RAM version එකක් සහිත මේ දුරකතන තෝරාගත්ත මාකට් වලට විශේෂ release එකක් වශයෙන් පමණක් ගෙන එන්න පුළුවන්.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...