Home Tech News Events China වලට හොර පාරෙන් අරන් යන CPU RAM Smuggling
EventsTech News

China වලට හොර පාරෙන් අරන් යන CPU RAM Smuggling

Share
blank
Share

චීනයේ Mainland එක වෙත Honkong -Tax Free trade zone වලින් මිලදී ගන්නා Computer hardware හොරෙන් රැගෙන යාම ගැන විවිධ අවස්ථා වලදී වාර්ථා වී තියෙනව. මේ ආකාරයට Tax නොමැතිව මිලදී ගන්නා CPU, RAM, SSD වැනි දේවල් Mainland එක තුලට ගෙනයන්නේ එහිදී tax එක සමග වැඩි මිලට ඒවා විකුණා ලාභ ලැබීමේ අරමුනින්.

මෙම ජාවාරම්කරුවන්ගේ වාහනය පිළිබදව සැක ඇති වී තිබෙන්නේ අදාළ මෝටර් රථය පරික්ෂාවට ලක් කිරීමේ දී දැක ගැනීමට හැකි වූ යම් අසාමාන්‍ය දෙයක් නිසාය.පසුව වැඩි දුර පරික්ෂාවේ දී රේගු නිලධාරීන් විසින් වාහනයේ යට ප්‍රදේශය (vehicle’s undercarriage) පරික්ෂාවට ලක් කිරීමේ දී ඉතා සූක්ෂම සඟවා තිබිය දී මෙම භාණ්ඩ තොගය හමු විය.

(Image credit: Chinese Customs)

මෙහි CPUs 837ක්, RAM sticks 900ක් සහ SSD 10 සොයාගෙන තිබේ. මෙය චීනයේ මෑතකදී හසු වූ වඩාත් විශාලතම තාක්ෂණික ජාවාරම වේ.

මෙම ජාවාරම්කරුවන් විසින් සිදු කිරීමට උත්සහ කර ඇත්තේ හොංකොං හෝ මැකවු යන ප්‍රදේශ වලින් VAT බදු නොමැති භාණ්ඩ මිල දී ගෙන 13% VAT බදු සහිත ප්‍රදේශවල විකුණා විශාල ලාභයක් ලබා ගැනීමටය. මෙම සිදු වීම සිදු වූ ආකාරය පිළිබද චීන සමාජ් ජාලාවල වැඩි වශයෙන් කතා බහට ලක්වෙනු දක්නට ලැබිණි.

Share

Leave a comment

Leave a Reply

Related Articles

නවතම Galaxy XR Headset එක ගැන දැනගමු

Samsung සමාගම විසින් ඔවුන්ගේ නවතම Galaxy XR headset එක එලි දැක්වුවා. දැනටමත්...

Windows 10 ඇත්තටම ඉවරද, ඊලගට මොකද කරන්නෙ…?

ලොව පුරා මිලියන ගණනක් පරිශීලකයන් විසින් භාවිතා කරන ලද Windows 10 මෙහෙයුම්...

ලොව පළමු Robot Smartphone එක Honor වෙතින්

ජංගම දුරකථන ඉතිහාසයේ නව හැරවුම් ලක්ෂයක් එක් කරමින් Honor සමාගම නවතම සංකල්පයක්...

අලුතෙන් Redesign උනු YouTube

Google විසින් YouTube video player එකට අලුත්ම redesign එකක් නිකුත් කරලා තියෙනවා....