Home Tech News Explained Brand New vs refurbished ගැන දැනගමු
ExplainedHardwareTech News

Brand New vs refurbished ගැන දැනගමු

Share
blank
Share

බොහොමයක් දෙනා දන්න දෙයක් තමයි brand new තාක්ශනික උපාංගයක් ගන්නවාට වඩා refurbished උපාංගයක් මිලදී ගැනීම වඩාත් ලබාදායි වන බව. Refurbished උපාංග යනු උපකරණයේ යම්කිසි දෝෂයක් නිසා නැවත වෙළෙන්දාට ලබාදුන් හෝ යම්කිසි හේතුවක් නිසා වෙළදපොලට නිකුත් නොකරන ලද නව නිශ්පාදන උපාංග නැවත අලුත්වැඩියා කර වෙළදපොලට නිකුත් කිරීමයි. සරලවම එම උපකරණ ප්‍රතිචක්‍රීකරණය සදහා නොයවා ඒවාට දෙවැනි ජීවිතයක් ලබාදෙනවා වැනිය.

අන්තර්ජාලය තුල මෙම refurbished උපාංග බොහොමයක් දක්නට ලැබෙනව. අඩු මුදලකට ලබාගත හැකිනිසා මෙම උපාංග වඩාත් ඉක්මනින් ජනප්‍රිය වෙමින් පවතිනව.

කොහොම උනත් මෙම refurbished උපාංග බොහෝ විට නැවත අලුත්වැඩියා කර වෙළදපොලට නිකුත් කිරීමට පෙර උපාංගයේ තිබූ යම්කිසි දෝශයක් නිසා හෝ එය මිලදීගත් තැනැත්තා නැවත එය මාරු කල නිසා හෝ මේවා brand new තත්වයේ නැත. සමහර මෙම උපකරණ අලෙවිකරුවන් උපාංගය refurbished වුවත් එය brand new ලේබලය යටතේ අලෙවි කරයි. එය පාරිබෝගිකයාට අවාසිදායකය. වැඩි මුදලක් ගෙවා නැවත අලුත්වැඩියා කරනලද උපාංගයක් brand new උපාංගයක් තරම් ආරක්ශිතයි කියා සහතියක් දිය නොහැක. මේ ආකාරයට 2019දී T-Mobile නම් සමාගමකට එරෙහිව නඩු පැවරුනේ මේ ආකා‍රයට refurbished උපාංග වැඩි මිලට විකුනා පාරිබෝගිකයන් රවටා ඇති බව සදහන් කරමින්.

මේ ආකාරයේ විවිද හේතු නිසා තවමත් බොහොමයක් දෙනා brand new උපකරණම මිලදී ගන්න පෙලබිල ඉන්නව. කොහොම වුනත් brand new හෝ refurbished උපාංග මිලදී ගැනීමේදී මේ දෙයාකාරයේම වාසි අවාසි තියනව. පහතින් refurbished උපාංග මිලදී ගැණීමේදී සැලකිලිමත් වියයුතු කරුනු පිලිබදව විස්තර කර තිබෙනව.

Refurbished උපාංග මිලදී ගැනීමේදී සැලකිලිමත් වියයුතු කරුනු

ඔබ මෙම refurbished උපාංග මිලදී ගන්නේ එහි මුල් නිශ්පාදකයාගෙන් නම් එය වෙනත් තුන්වන පාර්ශවයේ විකුනුම්කරුවෙකුගෙන් ලබාගන්නවාට වඩා ආරක්ශිතය. මොකද, මුල් නිශ්පාදකයන් refurbished උපාංග නැවත නිකුත් කරනකොට ඒවාට authentic materials සහ components බාවිතා කර අලුත්වැඩියා කර නිකුත් කරන නිසා. ඒ වුනත් මේ ආකාරයේ මුල් නිශ්පාදකයන් refurbished උපාංග විකිනීම දකින්න අඩු උනත් ඒ ආකාරයට විකුනන උපාංග ඉතා ඉක්මනින්ම විකිනී අවසන් වෙනව.

මේ වනවිට වෙළදපොලේ මේ ආකාරයට refurbished උපාංග පමනක් අලෙවි කරන සමාගම් තිබෙනව. නමුත් ඒ ආකාරයේ සමාගමකින් උපාංගයක් මිලදී ගැනීමේදී සලකා බැලිය යුත්තෙ එම උපකරනය සමග සියලුම accessories සහ අනෙක් ලියකියවිලි තිබේද, එහි condition එක කෙසේද, එහි වගකීම් කාලය කොපමනද, එම වගකීම සපයන්නේ කවුද වැනි ප්‍රශ්න පිලිබදවයි. මෙහි ඇති වාසිය වන්නේ එම උපාංග වල condition එක අඩු නම් බොහෝවිට ඉතාමත් අඩු මුදලකට ඒවා ලබාගත හැකිවීමයි.

අවසාන වශයෙන් refurbished උපාංග මිලදී ගැනීම හෝ නොගැනීම පාරිබෝගිකයාගේ කැමැත්තයි. එහි වාසි මෙන්ම අවාසිද ඇත. ඔබ refurbished උපාංග මිලදී ගන්න සිතන්නේනම් ඉහත කරුනු පිලිබදවත් සැලකිලිමත් වන්න.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...