Home Tech News cyber security Social engineering attack යනු කුමක්ද ?
cyber securityTech News

Social engineering attack යනු කුමක්ද ?

Share
blank
Share

Social engineering attack යන්න මේ වෙනකොට cyber අවකාශය තුල හිසරදයක් වෙලා. Social Engineering Attack එකක් කියන්නෙ සරලවම පුද්ගලයකු සමඟ කතාබහ කරන විට උපායශීලීව ඔහුගෙන් ඔබට අදාල දෙයක් ගැන තොරතුරු ලබා ගැනීමයි. ‌මෙම තොරතුරු ලබා ගැනීමේදී එය ලබා ගන්නා පුද්ගලයා කරන්නෙ සැක නොහිතෙන විදිහට මේ කරුණු ගැන වෙනත් ආකාර වලින් දැනගැනීමයි.

මේ විදිහටම Computer, Phone, Social Media හරහා අපට නොදැනෙන ලෙස අපගේ රහසිගත තොරතුරු username, passwords ලබාගැනීම සරලවම Cyber – Social Engineering attack එකක් වෙනව.

Social Engineering Attack එකක් කරන පහසුම ආකාරය පහත Video එකෙන් බලන්න

මේ අනුව Social engineering attacks ආකාර කීපයකට සිදුවෙන්න පුළුවන්.

  • Digital Device Weakness
  • Physical Contact
  • Dumpster diving
  • Spyware

Computer Based Social Engineering යනු පරිගණක පද්ධතියේ ඇති දුර්වලතා out of date Drivers , BIOS vulnerability, Software vulnerability තොරතුරු ආදිය නිරීක්ෂණය කොට පරිගණක පද්ධතියට ප්‍රහාර එල්ල කිරීමයි.

උදාහරණ ලෙස Trojan Horses : ඉතා වැදගත් මෘදුකාංගයක් ලෙස පෙනී සිටිමින් හෝ පරිශීලකයාගෙ සිත් ඇ ගන්නා ආකාරයට පෙනී සිටිමින් පරිගණකයට ඇතුල් වෙි. මෙහිදී තෝරා ගත් පද්ධතිය හෝ පරිගණකය රැවටීමකට ලක් කර ඔහුට malicious file එකක් download කර ගැනීමට සලස්වයි. එම file එක open කළ පසු ඔහුගෙ පරිගණකයේ back door එකක් අදාළ හැකර්වරයාට විවෘත වේ.Trojan Horses වෙනත් වෛරසවලට පරිගණකයට ඇතුල් වීමට ඉඩ ලබා දීීම, දත්ත මකා දැමීම, විවිධ දැන්වීම් පෙන්වීම සිදු කිරිම ආදිය සිදු කරයි.

තවත් Computer based social engineering attack ක්‍රමයක් ලෙස Dumpster Diving: පුද්ගලයකුගේ, ආයතනයක හෝ සමාගමක ජාලයකට පහර දීමට පෙර ඔවුන් පිළිබඳ තොරතුරු සෙවීමට ඔවුන් විසින් ඉවත් කළ විවිධ දෑ භාවිත කරමින් තොරතුරු ලබා ගැනීම සිදු කරයි.විවිධ ආයතන, සමාගම්, පුද්ගලයින් විසින් භාවිතයෙන් ඉවත් කරන දෑ විනාශ නොකර තබා ගනී. ඒ අතර phone book, system manuals , මූලික login නාම, මූලික password, මුද්‍රිත source code, රජයේ වාර්තා, බිල්පත්, වාර්තා ආදිය මගින් තොරුතුරු ලබා ගනී.මෙහි ඇති විශේෂත්වය නම් මේවා ඉවත ලූ කුණු ගොඩවල්ය. මොවුන් මේවා භාවිත කර ඉතා වැදගත් තොරතුරු ලබා ගනි. ඒ තුළින් attack කරන system එක පිළිබඳ දැනුවත් භාවයක් හා වටිනා තොරතුරු ලබා ගැනීමට හැකි වේ.

Share

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...