රු 80000ට AMD RYZEN Gaming Build එකක් හදමු
ර4ැගොඩ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි අඩු ගානකට Gaming PC එකක් හදාගන්නෙ කොහොමද කියන එක. ඉතින් හැමෝටම වගේ රු 60,000කට (2nd hand monitor එකක් එක්ක) වගේ හදාගන්න පුලුවන් අලුත්ම PC එකක් හදන හැටි ගැනයි මේ කියන්නෙ.
මේ Build එක ගේන්න ප්‍රධාන හේතුව වෙන්නෙ 2018 වෙද්දි Gaming PC එකක් හදාගන්න ගියාම අනිවාර්යෙන්ම රු 100,000කට එහා වියදමක් යන එකයි. මෙතනදි අපි Budget එක අඩුවෙන් තියාගෙන AMD RYZEN 2200G APU එක තමයි පාවිච්චි කරන්නෙ. මේකෙ තියෙන VEGA Graphic cores වලින් intel i3 එකක onboard Graphics වලට වඩා performance ගන්න පුලුවන්.
මේ තියෙන්නෙ අපි Parts ටික තෝරගන්න nanotek එකට ගිය Video එක. ඔයාලගෙ Build එකත් කරගන්න එ ්වගේම Warranty වගේ අලෙවියෙන් පසු සේවාවත් හොදින්ම දෙන තැනක් තමයි nanotek කියන්නෙ.
මේ තියෙන්නෙ Parts List එක සහ මිළ ගණන්.
AMD APU Gaming Build 2018
CPU | AMD RYZEN 2200G | 21,000 |
---|---|---|
Motherboard | Gigabyte A320M | 12,000 |
RAM | ADATA - 2400 - 8GB | 12,500 |
PSU | RAIDMAX 300w | 4,000 |
Storage | Toshiba 1TB | 7,500 |
Casing | Gfield F220R | 2,500 |
Optical Drive | Asus DVD RW | 2,500 |
Monitor | AOC 22" HD LED | 15,500 |
Sound | MSI DS501 | 6,500 |
KB Mouse | Logitech Combo | 2,000 |
TOTAL | 86,000 |
මේ තියෙන්නෙ Build එක කරපු විදිහ.
ඉවර කරපු Build එකේ පෙනුම. මේ වගේ Build එකක් කරගන්න අවශ්‍ය නම් කතා කරන්න අපිට. Facebook page
Performance update –
මේ System එක මේ වෙනකොට මේ හා සමානම intel Core i3 system එකක onboard Graphic එක්ක වගේම Entry Level GT 1030 Card එකක performance එක්කත් සංසන්දනය කරල බලමු. පහත තියෙන්නෙ 2018 සැප්තැම්බර් මාසෙ වෙද්දි මේ System 3නේම මිළ ගණන්.
ඉතින් මේ වගේ System එකක් ඒ කියන්නෙ Gaming වලට Budget එකක් එක්ක PC එකක් හදන්න ඉන්න අයට මෙතනදි Monitor එකත් පාවිච්චි කරපු එකක් ගන්න සැලසුම් කරොත් RYZEN එකේ ගානෙන් තවත් රු 10,000ක් විතර අඩු කරගන්න පුලුවන් වෙනව.
මේ Build එකෙන්මම Test කරපු Games වෙන්නෙ
- Battlefield 1 – 2017
- FarCry 5 – 2018
- Rise of the Tomb Raider – 2016
- Doom – 2016
මේ Games පිළිවෙලින් intel HD Graphics, Ryzen VEGA 8 Graphics සහ GT 1030 Graphics යටතේ 720p – Low settings වලින් කොහොමද වැඩ කරන්නෙ කියල පහත දැක්වෙනව.
ඉහත ප්‍රතිඵල එක්ක 2018 සැප්තැම්බර් වෙද්දි Graphic Designing, Gaming සහ Office වැඩ වලට Budget එකට system එකක් හදාගන්නවනම් හොදම විසදුම වෙන්නෙ AMD RYZEN APU Build එකකට යන එක කියල කියන්න පුලුවන්.
19 Comments