Home Tech News Explained ඩිජිටල් තාක්ශණය නිසා මිනිසුන්ගේ ඵලදායිතාව අඩුවේ
Explainedsocial mediaTech News

ඩිජිටල් තාක්ශණය නිසා මිනිසුන්ගේ ඵලදායිතාව අඩුවේ

Share
blank
Share

තාක්ෂණික මෙවලම් සහ යෙදුම් නිසා මහජනයාගේ කාර්යක්ෂමතාව අඩුවෙන්නේ යැයි මයික්‍රොසොෆ්ට් සමාගම විසින් ප්‍රසිද්ධ කරන ලද වාර්තාවක දැක්වෙනව. මෙම වාර්තාව, මයික්‍රොසොෆ්ට් සමාගම විසින් කරන ලද සමීක්ෂණයක විස්තර ගෙන එන්නක්.

යුරෝපයේ රටවල් 21ක කාර්යාල සේවකයින් 20000ක් ඇසුරෙහි මෙම සමීක්ෂණය පවත්වා තිබෙනව. ඉන් පෙනී ගොස් තිබෙන්නේ අද ඇති තාක්ෂණික යෙදුම්, පුරුදු සහ මෙවලම් නිසා කාර්යාල සේවකයින් ආතතියකට ලක්ව ඇති බවයි. මෙය තාක්ෂණික භාවිතා නිසා ඇතිවන ආතතිය යන තේරුම දෙන ටෙක්නොස්ට්‍රෙස් (technostress) යන නමින් හඳුන්වාදී තිබෙනව.

සෑම කෙනෙක්ම දිනක වැඩ කරන පැය කාලය තුළ සපුරා අවසන් කළ යුතු වැඩ කොටසක් වෙනව. එහෙත් නිරන්තරයෙන් ලැබෙන ඊමේල් කියවා පිළිතුරු දෙන්නට යාම, සමාජ ජාල සේවා වලින් නිතර කෙරෙන දැනුම්දීම්, අලුත් ආරංචි යනාදියට අවධානය යොමු කිරීම, වීඩියෝ නැරඹීම, පුවත් කියවීම සහ නැරඹීම යනාදී වැඩ නිසා දවස තුළ අවසන් කළ යුතු වැඩ කොටස අවසන් කළ නොහැකි වෙනව. එවිට සේවකයා අසතුටට, අධෛර්යයට පත්වෙනවා පමණක් නොව කෙසේ හෝ වැඩ අවසන් කළ යුතුය යන පීඩාවෙන් පෙළෙන්නට පටන් ගන්නව. එය ටෙක්නොස්ට්‍රෙස් තත්වයයි.

තාක්ෂණික යෙදුම් භාවිතා කිරීම නිසා කාර්යාලවල කාර්යක්ෂමතාව වැඩි වෙතැයි සිතුවත්, එය එසේ නොවන බව මයික්‍රොසොෆ්ට් වාර්තාව පෙන්වා දෙන්නේ සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරමින්. ඔවුන් කළ සමීක්ෂණයට අනුව තාක්ෂණික භාවිතාව, සිය ඵලදායිතාව වැඩිකරන්නට බලපා ඇතැයි පැවසූයේ 11.4% ක් දෙනා පමණයි.

සාමාන්‍ය කාර්යාලවල තත්වය මෙසේ වුවත්, ඇතැම් කාර්යාල හෝ වැඩපොළ හෝ වඩා වැඩියෙන් අධි තාක්ෂණික මෙවලම් භාවිතා කරනව. රොබෝ යන්ත්‍ර භාවිතා කරනව. එනම් සේවක අවශ්‍යතාව යන්ත්‍ර මඟින් සපුරා ගන්නව. එවැනි තැන්වලදී සාමාන්‍ය තරමට වඩා 20% කින් වැඩි ඵලදායි තාවක් පෙන්වනව.

තාක්ෂණික භාවිතාව වැඩි වෙන තරමට කාර්යාල කාර්යක්ෂමතාව අඩුව තිබෙන්නේ දැන් තිබෙන ඩිජිටල් සංස්කෘතිය (digital culture) නිවැරදිව කළමනාකරණය කර ගෙන භාවිතා නොකිරීම නිසා යැයි බ්‍රිතාන්‍යයේ මැන්චෙස්ටර් ව්‍යාපාර පාසැලේ ප්‍රධානී ශ්‍රීමත් කේරි කූපර්, බීබීසී (BBC) පුවත් සේවයට පවසා තිබෙනව.

අද යම් පුද්ගලයෙක්ට භාවිතයට ලැබෙන තාක්ෂණික මෙවලම් ගණන වැඩිවීම මීට හේතුවයි. තනි පුද්ගලයෙක් වටා ස්මාව්වොච් උපාංගය, ස්මාට්ෆෝනය, ටැබ්ලට් කොම්පියුටරය, ලැප්ටොප් කොම්පියුටරය, ඩෙස්ක්ටොප් කොම්පියුටරය පමනක් නොව, දුරකතන සහ අන්තර්ජාල සම්බන්ධතා කීපයක්ම රොක්ව තිබෙන විට හෝ ඒ සියල්ල සමඟ හේ කාර්ය බහුල වෙනව. එහෙත් ඵලදායිතාව අඩුවෙනව. නිරන්තරයෙන් ඒවා සමඟ සම්බන්ධවී සිටිනවා පමණයි. කරන වැඩක් නැහැ.

මෙය ආයතනවල හෝ පුද්ගලයින්ගේ හෝ කළමනාකරණ දුර්වලතාවක්. අත්‍යවශ්‍ය උපාංග පමණක් තිබුණොත් සෑහෙනව. එනිසා එදිනෙදා තාක්ෂණයෙන් ප්‍රයෝජන ලබන්නට නම්, ඩිජිටල් සංස්කෘතිය නිසිසේ කළමනාකරණය කර ගත යුතු වෙනව.

මෙම සමීක්ෂණයෙන් පෙන්වා දී තිබෙන ආකාරයට අනුව වඩාත්ම හානිකර තාක්ෂණික යෙදුම සමාජ ජාල සේවාවන්. දෙවැන්න ඊමේල් සේවාවන්. එනිසා එදිනෙදා වැඩ කරන අතරම එම වැඩට උදව්වක්වෙනු මිස අන්කිසි කාරණයක් නිසා සමාජ ජාල හෝ ඊමේල් හෝ වෙත යෙමු නොවී ඉන්නට සේවකයෙක් සමත් වෙතොත් හේ, ටෙක්නොස්ට්‍රෙස් කරදරයෙන් මිදුනු අයෙක් වෙනව.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...