Home Tech News අලුත්ම Huawei Tri-Fold දුරකතනය ගැන හැමදේම දැනගමු
Tech News

අලුත්ම Huawei Tri-Fold දුරකතනය ගැන හැමදේම දැනගමු

Share
blank
Share

Huawei සමාගමෙන් නිකුත් කරන්න සූදානම් වෙලා ඉන්න Tri-Fold දුරකතය ගැන මීට කලින් අපි ඔබට විස්තර ගෙන ආවා. දැන් එම Huawei Mate XT Ultimate දුරකතනය Huawei සමාගම නිළ වශයෙන් නිකුත් කරන්න සූදානම් වෙලා ඉන්නව වගේම එම දුරකතනයෙ specifications ගැනත් විස්තර එලිදක්වා තිබෙනවා.

දැන් මේ දුරකතනය චීනයේ මිළදී ගැනීමට නිකුත් කර තිබෙන අතර පාරිබෝගිකයන්ට දැන් එය pre-order කිරීමේ හැකියාව තිබෙනවා. වාර්තා වෙන ආකාරයට දැනට මිලියන 5කට ආසන්න pre-orders සංඛ්‍යාවක් ලැබී තිබෙනවා.

ඉතින් මේ Tri-Fold දුරකතනය ගැන කතා කරනවානන් මෙය සම්පූර්නයෙන්ම unfold කලවිට එය අගල් 10.2 කින් යුතු විශාල ටැබ්ලට් ප්‍රමානයේ තිරයක් වෙනවා. ඒවගේම කොටස් දෙකක් පමනක් දිගහැරිය විට අගල් 7.9ක ස්ක්‍රීන් එකකුත් සම්පූර්නයෙන්ම නවා තිබෙන විට අගල් 6.4 ස්ක්‍රීන් එකකින්ද මේ දුරකතනය සමන්විත වෙනවා. මෙය unfold කලවිට එහි ගණකම 3.6 mm තරම් කුඩා අගයක්. ඒවගේම මෙම දුරකතනයෙ බර වෙන්නෙ ග්‍රෑම් 298ක්.

මෙහි Display එක ලෙස යොදාගෙන තිබෙන්නෙ 120 Hz refresh rate එකක් සහිත LTPO OLED ස්ක්‍රීන් එකක්. එහි සම්පූර්න resolution එක 3,184 x 2,232 pixels අගයක් ගන්නවා. Huawei සමාගම මේ ස්ක්‍රීන් එක 3K ස්ක්‍රීන් එකක් ලෙස හදුන්වනවා. Unfold කලවිට display එකෙ 92% screen-to-body ratio තියනවා වගේම එහි aspect ratio එක 16:11 වෙනවා.

Flagship ගණයට අයත් වෙන මේ දුරකතනයෙ තියෙන්නෙත් ඒ මට්ටමේම කැමරා පද්ධතියක්. ප්‍රධාන කැමරාව PDAF සහ OIS sensor එකක් සහිත 50MP කැමරාවක්. තවද 12MP telephoto lens එකක් සහ 12MP ultra-wide-angle කැමරාවක් තිබෙනවා. මෙහි front කැමරාව 8MP කැමරාවක්.

Huawei සමාගම සදහන් කරන ආකාරයට මෙහි තනි ස්ක්‍රීන් එකෙන් අපෙ එදිනෙදා වැඩකටයුතු කරගන්නත් ස්ක්‍රීන් දෙකකින් කියවීම් සහ web browsing කිරීමටත් සම්පූර්නයෙන්ම unfold කල ස්ක්‍රීන් එකෙන් work සහ ඉගෙනීම් කටයුතු සදහාත් බාවිතා කලහැකි ලෙස ඒ අදාල ඇප්ස් optimize කර තිබෙනවා.

දැනට ලීක් වෙලා තියන තොරතුරු වලට අනුව දැනගන්න ලැබෙන්නෙ මෙහි chipset එක ලෙස යොදාගෙන තිබෙන්නෙ Kirin 9010 5G chipset එකයි. ඒවගේම මෙහි 16GB RAM එකක් තිබෙනවා. මෙහි ධාවනය වෙන්නෙ HarmonyOS 4.2 මෙහෙයුම් පද්ධතියයි.මොවුන්ගේම voice assistant වැඩසටහන වන Celia වැඩසටහන මෙයට එක්කර තිබෙනවා.

Mate XT Ultimate දුරකතනයෙ බැටරිය ගැන කතා කරනවනන් මෙහි තිබෙන්නෙ 5,600 mAh බැටරියක්. එය 66W wired charging සහ 50W wireless charging සදහා සහය දක්වනවා. ඒවගේම reverse charging පහසුකමත් මෙහි තිබෙනවා.

මෙම දුරකතනයෙ 256GB version එක $2,800 වෙනව. ඒවගේම 512 GB සහ 1TB මොඩ්ල් පිලිවෙලින් $3,100 සහ $3,400 මුදලක් වෙනවා.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...