Home Tech News Nokia 6 Android smart phone එක නිකුත් වෙයි
Tech News

Nokia 6 Android smart phone එක නිකුත් වෙයි

Share
blank
Share

HMD GLOBAL සමාගම යටතේ නිකුත් කරන පළමු Nokia smart phone එක mid-range Android device එකක්. අගල් 5.5 ක 2.5D Gorilla Glass HD display එකක් Qualcomm Snapdragon 430 processor, 4GB RAM සහ 64GB internal storage එකකින් සමන්විත Nokia 6 smart phone එක නිෂ්පාදනය කරන්නෙ Apple iPhone නිෂ්පාදනය කරන Foxconn සමාගම විසිනුයි. 16 MP rear camera එකක් 8 MP front-facing camera එකක් මෙහි අඩංගු වෙනව වගේම Dolby Atmos 3D sound effect එකට ගැලපෙන විදිහට Dual speakers sound setup එකකින් සමන්විතයි.

මෙහි අඩංගු Snapdragon 430 processor එක ගැනත් බොහෝ දෙනෙක් බලන් ඉන්නෙ එදිනෙදා ක්රියාකරකම් වලදි මේ mid-range processor එක මොන විදිහට perform කරයිද කියලයි. මොකද සෑහෙන කාලෙකට පස්සෙ නැවත වෙළදපලට එන පළමු smart phone එක නව Nokia සමාගමේ product වල standard එක පෙන්වන නිසයි. නවතම Android 7.1 මගින් ක්රියාත්මක වෙන මේ smart phone එක දැනට මිලදී ගන්න පුළුවන් වෙන්නෙ චීනයෙ විතරයි. ජනවාරි 19 වෙනිද විකිණීමට සූදානම් කරල තියෙන Nokia 6 smart phone එකට දැනටමත් මිලියන 1ක් online orders ඇවිල්ල. 2017දි නව smart phone models 6ක් විතර නිකුත් කරන්න සූදානම් කරල තියෙනව කියල HMD GLOBAL සමාගම නිවේදනය කරා.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

නවතම Galaxy XR Headset එක ගැන දැනගමු

Samsung සමාගම විසින් ඔවුන්ගේ නවතම Galaxy XR headset එක එලි දැක්වුවා. දැනටමත්...

Windows 10 ඇත්තටම ඉවරද, ඊලගට මොකද කරන්නෙ…?

ලොව පුරා මිලියන ගණනක් පරිශීලකයන් විසින් භාවිතා කරන ලද Windows 10 මෙහෙයුම්...

ලොව පළමු Robot Smartphone එක Honor වෙතින්

ජංගම දුරකථන ඉතිහාසයේ නව හැරවුම් ලක්ෂයක් එක් කරමින් Honor සමාගම නවතම සංකල්පයක්...

අලුතෙන් Redesign උනු YouTube

Google විසින් YouTube video player එකට අලුත්ම redesign එකක් නිකුත් කරලා තියෙනවා....