පහුගිය වසරෙ 2016 සැප්තැම්බර් 1 වෙනිද ගමන් ආරම්භ කරන්න සූදානම් කරමින් තිබුන falcon 9 rocket එකක් එහි payload එක උන Amos 6 satellite එකත් එක්කම පුපුරල විනාශ වීමත් එක්කම Space x ආයතනය තමන්ගේ අභ්‍යවකාශ ගමන් නැවැත්තුව.
මෙතෙක් කල් අභ්‍යවකාශයට payloads අරන් යන්න උදව් කරපු rocket boosters තමන්ගේ කාර්ය ඉවර උනාම නැවත මුහුදට වැටෙන විදිහටයි සකස් කරල තිබුනෙ. මෙය නැවත පාවිච්චියට ගන්න බැරි එක් වතාවක් පමණක් පාවිච්චි කරන වියදම් අධික ක්‍රමයක්. Space x ආයතනය නැවත් Automatically land කරන්න පුළුවන් falcon 9 rocket boosters හදුන්වා දුන්නෙ ලෝකයේ ප්‍රථම වරටයි.
land කරාට පස්සෙ refuel කරල නැවත නැවත පාවිච්චි කරන්න පුළුවන් rocket boosters කියන්නෙ මිල ඉතා අඩු අභ්‍යවකාශ ගමන් ක්‍රමයක්. මේ ක්‍රමය සාර්ථකව කිහිප වරක්ම ප්‍රදර්ශනය කරපු Space x ආයතනය මුළු ලෝකයෙම අවධානය දිනාගන්න සමත් උනා.
2016 සැප්තැම්බර් 1 වෙනිද පිපිරීමට හේතුව ලෙස NASA ආයතනය සැක කරන්නෙ Space x යොදාගන්න ready n go කියන ඉන්ධන පුරවන ක්‍රමයයි. මේ ක්‍රමයෙදි Celsius -200 ක් තරම් අධි ශීත කරපු liquid oxygen rocket booster එකට පුරවන්නෙ ගමන් ආරම්භ කරන්න මිනිත්තු 30 ක් වගේ කාලයක් තියෙද්දියි. මේ ක්‍රමයෙන් අඩු ඉඩක වැඩි ඉන්ධන ප්‍රමාණයක් පුරවන්න පුළුවන්, මේ වැඩි ඉන්ධන rocket booster එක land කරන stage එකේදි අවශ්‍ය වෙනව. නමුත් මේ පුරවපු ද්‍රව ඉන්ධන ඉක්මනින් expand ප්‍රසාරණය වන නිසා ඉක්මනින් ගමන් ආරම්භ කරන්න සිදුවෙනව.
Leave a Reply