Home Tech News Ai Huawei දුරකතන වලට එන අලුත් voice assistant
AiExplainedTech News

Huawei දුරකතන වලට එන අලුත් voice assistant

Share
blank
Share

HDC 2023 ඉවෙන්ට් එකෙදි Huawei සමාගම විසින් HarmonyOS 4 එලිදැක්වූවා. එහි AI විශේෂාංග විශාල ප්‍රමානයක් යොදාගෙන තිබුන. ඒ අතරින් වැඩි අවධානය දිනාගත් අංගයක් ලෙස Pangu AI model එක දක්වන්න පුලුවන්. මෙය voice assistant ඇතුලු විවිධ දේවල් සදහා යොදාගන්න Huawei සමාගම විසින්ම නිපදවා තිබෙන large Language Model භාවිතා කරන AI model එකක්.

LLM Pangu 3.0 AI මොඩ්ල් එකෙන් බලගැන්වෙන ඔවුන්ගෙ voice assistant විශේෂාංගය Celia ලෙස නම් කර තිබෙනව. මෙම නව voice assistant මගින් text, images, documents Search ඇතුලු තව බොහෝ දේවල් සදහා උදව් ලබාගන්න පුලුවන්. අලුත් විධාන විශාල ප්‍රමානයක් හදුනා ගැනීමේ හැකියාව දැන් Celia හට ලබා දී තිබෙනව. ඒ සදහා ඔවුන් natural language processing ‍යොදාගෙන තිබෙනව.

ඒවගෙම මෙමගින් දිගු සාරාංශ ලිවීමට පරිශීලකයින්ට උපකාර කළ හැකි අතර පිටපත් ලිවීමේ මෙවලමක් ලෙසද Celia භාවිතා කරන්න පුලුවන්.

Celia හට දැන් පරිශීලක විමසීම් තේරුම් ගැනීමට සහ ක්‍රියාත්මක කිරීමට වඩා හොඳ හැකියාවක් තිබෙනව. ඔබට ගැලරියෙන් යම් ඡායාරූපයක් සොයාගැනීමට අවශ්‍ය වූ විට “Help me find the photos at the beach last autumn” වැනි විධානයක් දීමෙන් වුවත් එය සිදුකරගන්න පුලුවන්.

ඒවගේම මෙම අලුත් voice assistant හට ඔබෙ දුරකතනයෙ තිබෙන ඕනෑම document එකක් සොයාගැනීමෙ හැකියාවත් තිබෙනව. ඒ සදහා කලයුත්තෙ ඉහත පරිදි ලේඛනය කෙටියෙන් විස්තර කිරීම පමණක් වන අතර එය අදාල සෙවුම් සියල්ලක්ම සැනෙකින් පෙන්වනව.

Celia යොදාගෙන ජංගම දුරකතනයෙ තිබෙන wallpaper එක වෙනස් කරගැනීමෙ හැකියාවත් තිබෙනව. මෙ මෙම AI model එකෙ හැකියාවන් කිහිපයක් විතරයි.

මෙම නව Celia, Huawei Harmony OS සහිත දුරකතන වලට මේ 2023 අගෝස්තු මාසය අවසාන වනවිට ලබාදෙන බව එම සමාගම පවසා තිබෙනව.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...