Home Tech News Microsoft Edge වල තියෙන Real Time Voice Translator එක
Tech News

Microsoft Edge වල තියෙන Real Time Voice Translator එක

Share
blank
Share

ඔබ YouTube වැනි Platform එකකින් Video බලන විට, ඔබට නොතේරෙන භාෂාවකින් තියෙන වීඩියෝවක් ඔබට තේරෙන භාෂාවකින් ම Real-time ඇසිය හැකි මෙවලමක් Microsoft සමාගම Edge වෙබ් බ්‍රව්සරය වෙතට අන්තර්ගත කර තිබෙනවා. මෙය Edge browser එකටම ඇතුළත් කර ඇති third party නොවන , වෙනම Install කිරීමට අවශ්‍ය නැති AI voice translator feature එකක් . මීට පෙර නොතේරෙන භාෂාවකින් ඇති YouTube Video එකක් අපට තේරුම් ගැනීමට හැකි වූයෙ YouTube විසින්ම සපයා දෙන Live Caption පහසුකම හරහාය. නමුත් දැන් නොතේරෙන භාෂාවකින් ඇති වීඩියෝවක් තමන් දන්නා භාෂාවකින් Real-time හඩ කැවීමට හැකි පහසුකම දැන් Edge Browser එකෙන් ලබා ගන්න පුලුවන්.

මෙහි ඇති තව විශේෂ ලක්ෂණයක් වන්නෙ වීඩියෝවේ ඇති චරිත වලට අනුරූපීව හඬ වෙනස් කිරීමේ හැකියාවයි. එම නිසා අපිට හඩ කවන ලද චිත්‍රපටයක් නරඹනවා මෙන් අත්දැකීමක් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. මේ AI translator එක Edge browser එකට පමණක් සීමා වූවක් වන අතර, Chrome වැනි වෙනත් browser වලින් භාවිතා කළ නොහැකිිය. මෙම පහසුකම තවමත් භාෂා කිහිපයකට සීමා වී තිබෙන අතර YouTube ඇතුලුව සීමිත වෙබ් අඩවි ප්‍රමාණයක දක්නට හැකිවේ. මීට අමතරව Edge Browser එකේ ඇති Video enhance Feature එකද අඩු Quality වීඩියෝ නැරඹීමේ දී ඔබට ප්‍රයෝජනවත් වේවි.

Share
Written by
Nadun nethmalaka herath

I am an ICT student (after A/L) and a small YouTuber. I enjoy video editing and graphic designing. I have some knowledge about modern technology, and I know tips and tricks for laptops, desktops, and mobile phones. I hope to help you with my knowledge.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...