Home Tech News Ai Photoshop කරපු පින්තූර හොයන කෘතිම බුද්ධිය
AiTech News

Photoshop කරපු පින්තූර හොයන කෘතිම බුද්ධිය

Share
blank
Share

Photoshop කියන්නෙ නිර්මාණශීලී මනසකට ගොඩක් දේවල් කරන්න පුලුවන් Software එකක්. නමුත් සමහර අවස්ථාවලදි පින්තූරයක් ඇත්ත එකක්ද/ හදපු එකක්ද කියල හොයාගන්නම බැරි තරමටම වෙනසක් නැතිව හදන්න පුලුවන්කම ගැටලුවක් බවටත් පත්වෙනව.

Adobe සමාගම දැන් Photoshop වලින් මිනිස් ඇසට වෙනස හොයන්න බැරි තරමටම හොදින් හදන පින්තූර හදුනගන්න කෘතිම බුද්ධියක් (Artificial Intelligence ) හරහා අඩිතාලම සකස් කරගෙන යනව. ඇත්ත පින්තූර සහ photoshop කරන ලද පින්තූර වල වෙනස හදුනාගන්න මෙම AI එක පින්තූරයේ noise patterns සහ spot anomalies පාවිච්චි කරනව.

photoshop හදපු Adobe සමාගම තමන්ගෙම මෘදුකාංගයක් හරහා කරන ලබන වෙනස්කිරීම් කරන්න කෘතිම බුද්ධියක් හදුන්වාදීමම Photoshop කොතරම් ජනප්‍රියත්වයක් ලබාගෙනද කියන එක පැහැදිලි කරනව.

මේ Ai එක නිර්මාණය කරන්න ප්‍රධාන හේතුව අපරාධ පරීක්ෂණ වලදී සාක්ෂි ලෙස පාවිච්චි වෙන ඡායාරූප ඇත්ත ඒවාද ව්‍යාජ ලෙස සකස් කරන ඒවාද කියන එක වගේ ගොඩක් සංකීර්ණ කරුණු දක්වා විහිදෙනව.

කොහොම උනත් මේ වගේ කෘතිම බුද්ධියක් හරහා ඡායාරූප හදුනා ගැනීමට උත්සහ කිරීම කොතෙක් දුරට සාර්ථක වෙයිද කියන ප්‍රශ්නයක් මෙතනදි මතුවෙනව. මොකද Adobe සමාගම හදුන්වල දීපු Photoshop CC 2018 දි කෘතිම බුද්ධිය පාවිච්චි කරල කරන්න පුලුවන් Effects ගොඩක් හදුන්වල දීල තියෙනව.

Adobe සමාගමේ මේ Ai එකට තියෙන ප්‍රධානම ගැටලුව මේ වගේ අනික් Ai පාවිච්චි කරන මෘදුකාංග වලින් හදන ඡායාරූප හොයන එක කියලයි දැනට වාර්ථා වෙන්නෙ.

 

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

4 Comments

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...