Home Tech News අලුතෙන් භාෂා 110ක් Google Translate වෙත එක්කරයි
Tech News

අලුතෙන් භාෂා 110ක් Google Translate වෙත එක්කරයි

Share
blank
Share

අපි බොහෝ දෙනෙක් බාවිතා කරන සේවාවක් තමයි Google Translate කියන්නෙ. පසුගිය දිනක (27-06-2024) Google සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුනේ දැන් Google Translate සදහා අලුතෙන් භාෂා 110ක් එක්කල බවයි. ඔවුන් මේ සදහා යොදාගන්නෙ PaLM 2 AI model එකයි.

මේ ආකාරයට ඔවුන් අලුතෙන් එක්කර ඇති භාෂාවන් වන්නෙ Afar, Cantonese, Manx, Nko, Punjabi (Shahmukhi), Tamazight (Amazigh) සහ Tok Pisin. සමාගම පවසන්නෙ මෙම අලුතින් එක්කල භාෂාවන් මෙම භාෂාවන් කතාකරන පරිශීලකයන් මිලියන 614 දෙනා නියෝජනය කරන බවයි. එය ලෝක ජනගහනයෙන් 8% ප්‍රමානයක්.

මෙම භාෂා භාවිතයේ විවිධ අවධිවල පවතින බව Google සමාගම සඳහන් කර තිබෙනවා. මෙම භාෂා අතරින් සමහර භාෂා මිලියන 100ක පමන පිරිසක් භාවිතා කරන අතර, සමහර භාෂාවන් සදහා තවමත් ක්‍රියාකාරී භාවිතාකරන්නන් නොමැති බව සදහන් වෙනවා. නමුත් මිනිසුන් එම භාෂා ආරක්ෂා කිරීමට කටයුතු කරනවා. භාෂාවක් සඳහා සහය එක් කරන අතරතුර කලාපීය ප්‍රභේද, උපභාෂා සහ විවිධ අක්ෂර වින්‍යාස ප්‍රමිතීන් වැනි දේ සලකා බලන බව Google සමාගම තවදුරටත් පවසා තිබුනා.

Google Translate වෙත භාෂා 110ක් එකතු කිරීම, 2022 දී ප්‍රකාශයට පත් කරන ලද AI හරහා භාෂා 1,000කට සහය දැක්වීමේ තවත් එක දිගුවක්. එම වසරේම, සමාගම සිය one-shot මාදිලිය හරහා මිලියන 300කට අධික ජනතාවක් කතා කරන භාෂා 24ක් සඳහා සහය එක් කළා. නවතම එකතු කිරීම් සමඟින්, Google Translate දැන් භාෂා 243කට සහය දක්වනව.

WWDC හි, Apple විසින් එහි translation ඇප් එකට හින්දි සඳහා සහය එක් කරන බව නිවේදනය කළා. කෙසේ වෙතත්, Google හා සසඳන විට, Apple Translate භාෂා 20කට වැඩි සංඛ්‍යාවකට පමනයි සහය දක්වන්නෙ.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...