අද බොහෝ දෙනා දෛනික වැඩ කටයුතු සදහා Office package එකක් භාවිතා කරනවා . ඉතිං බොහෝ දෙනා හුරු වෙලා ඉන්නෙ Microsoft Office වගේ user friendly interface එකක් තියෙන Office package එකක් පාවිච්චි කරන්න. හැබැයි Microsoft Office පැකේජ් එක නොමිලේ ලබා ගන්න පුලුවන් Office පැකේජ් එකක් නෙමෙයි (Microsoft Office Web නොමිලෙ භාවිතා කල හැකී.).එය බොහෝ දෙනා භාවිතා කරන්නෙ Illegal ක්‍රම වලටයි. ඉතිං illegal Software වල ඇති අවදානම ගැන දැනගන්න මේ ආර්ටිකල් එක කියවන්න.Microsoft Office package එකේ අතුරු මුහුනතට තරමක් සමාන, බොහෝ වැඩ කොටසක් කරන්න පුලුවන් අන්තර්ජාල සබදතාවක් අත්‍යවශ්‍ය නැති All-In-One නොමිලේ ලබා ගත හැකි Office පැකේජ් එකක් ගැන තමා මෙම ලිපියෙන් විස්තර කරන්නෙ,

WPS Office කියන්නෙ PC, මොබයිල්, ටැබ් සියල්ල සඳහාම ලබා ගත හැකි All-In-One Office Suite එකකි. ඔබට එය Microsoft Store එක හරහා හෝ WPS Office වෙබ් අඩවිය හරහා හෝ ඔබේ Device එකේ තිබෙන App store වලින් නොමිලේ ලබා ගන්න පුලුවන්. මෙමගින් Microsoft Office පැකේජ් එකේ Word, Excel, PowerPoint වැනි මෘදුකාංග සම්පූර්ණයෙන්ම නොමිලේ භාවිතා කිරීමට හැකි වෙනවා.

ඔබට මෙම Office Package එක ගෙවලා ලබා ගන්නත් පුලුවන් , Free version එකෙන් ඔබට මූලික වැඩ කටයුතු සීමාවකින් තොරව සිදු කිරීමට හැකියාව තිබෙන අතර. Documents, Spreadsheets, Presentations සකස් කිරීමට හැකියාව තිබෙන අතර Free version එකේ දි PDF ගොනු කියවීම සිදු කල හැකි නමුත් PDF සංස්කරණය කිරීමට , වැඩි පුර AI සහ වෙනත් Productive විශේෂාංග ලබා ගැනීමට අවශ්‍ය නම් Paid version එක ලබා ගත යුතුවේ. මෙම Office පැකේජයේ පෙර Microsoft Office Office පැකේජයෙන් සකස් කරන ලද ගොනු විවෘත කිරීමට, Edit කිරීමට සහ ඒවා Save කීරිමටද හැකියාව තිබේ.
ඉතිං WPS Office පැකේජ් එක ඔබත් පාවිච්චි කරලා බලන්න. Illegal Software වෙනුවට මෙවැනි Free Office පැකේජ් එකක් භාවිතා කිරීම ඔබගේ උපාංගයේ හා පොෟද්ගලික දත්ත වල ආරක්ෂාවට ඉතා වැදගත් වේ.














Leave a comment