Home Tech News Microsoft Edge දැන් වෙනදාට වඩා වේගවත්
Tech News

Microsoft Edge දැන් වෙනදාට වඩා වේගවත්

Share
blank
Share

Microsoft සමාගම ඔවුන්ගේ Edge වෙබ් බ්‍රව්සරය දැන් වඩාත් වේගවත් බවට පත්ව ඇති බව පවසයි. වින්ඩෝස් බ්ලොග් එකේ පළ කරන ලද නව තොරතුරු අනුව, Edge බ්‍රව්සරයේ පරිශීලක අතුරුමුහුණත (UI) වේගය වැඩිදියුණු කිරීමේ ප්‍රධාන හේතුවක් වී ඇත. එයට පෙර අන්තර්ගතය පෙන්වීමට (First Contentful Paint – FCP) මිලි තප්පර 300 යකට වඩා කාලයක ගත වුවද, දැන් එය මිලි තප්පර 300 යට වඩා අඩු කර ඇත. මෙම වේගය පරිශීලක අත්දැකීම යහපත් ලෙස ඉහල නංවන බවට Microsoft සමාගම පෙන්වා දෙයි.

Edge බ්‍රව්සරය WIndows මෙහෙයුම් පද්ධතියට හොඳින් Optimize කර ඇති අතර, එය Third party වෙබ් බ්‍රව්සරයක් නොවන නිසා පරිගණක සම්පත් වඩාත් කාර්යක්ෂමව භාවිතා කරනු ඇතැයි විශ්වාස කරන්න පුලුවන්. වෙනත් වෙබ් බ්‍රව්සර් භාවිතා කරන විට, ඒවාට Background එකේ ක්‍රියාත්මක වීමට සිදුවන අතර, මෙය පරිගණකයේ කාර්යක්ෂමතාව අඩු වීමට හේතුවක් විය හැක. එහෙත් Edge භාවිතා කිරීමෙන් මෙම ප්‍රශ්නය අඩු වන අතර, පරිගණකයේ resources භාවිතය ද ඉතිරි කරගත හැකිය.

Microsoft සමාගම ඉදිරියේ දී Edge බ්‍රව්සරයේ Print Preview, Extensions වැනි විශේෂාංග වල ද වේගය වැඩිදියුණු කිරීමට බලාපොරොත්තු වෙයි. වර්තමානයේ Chrome ලොව පුරා 68% ක වෙළඳපල් ප්‍රතිශතයක් අත් කරගෙන ඇති අතර, Edge 5% ටත් අඩු ප්‍රතිශතයක් පමණක් දරයි. Edge බ්‍රව්සරයේ නව වේගය සහ කාර්යක්ෂමතාවය වැඩි කර පරිශීලකයින් Edge වෙතට ආකර්ෂණය කරගැනීමට Microsoft සමාගම බලාපොරොත්තු වෙයි. AI විශේෂාංග ද සහිත ව අනෙක් වෙබ් බ්‍රව්සර් වලින් එල්ල වන අභියෝගවලට මුහුණ දීමට Microsoft සමාගම සූදානම් වෙමින් සිටී.

Share
Written by
Nadun nethmalaka herath

I am an ICT student (after A/L) and a small YouTuber. I enjoy video editing and graphic designing. I have some knowledge about modern technology, and I know tips and tricks for laptops, desktops, and mobile phones. I hope to help you with my knowledge.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...