Home Games Fansලා එකතු වෙලා හදන Fallout : Bakersfield
Games

Fansලා එකතු වෙලා හදන Fallout : Bakersfield

Share
blank
Share

Fallout ගේම් series එකට ආදරය කරන පුද්ගලයන් පිරිසක් අලුත් ගේම් එකක් නිර්මාණය කරමින් සිටියි. එය Fallout: Bakersfield ලෙස හැඳින්වේ.

මෙම ගේම් එක මුල් Fallout නිර්මාතෘවන් විසින් නොව, මුල් ගේම් series එකට ආදරය කරන රසිකයන් පිරිසක් විසින්ම නිර්මාණය වන අතර, ඔවුන් තමන්ගේම කතාවක් Fallout ලෝකය තුළ ඉදිරිපත් කිරීමට සූදානම්වන බව සදහන් වේ.

මෙය රසිකයන් විසින් සාදන fan-made ව්‍යාපෘතියක් වන අතර, න්‍යෂ්ටික යුද්ධයකින් පසු විනාශ වී ඇති ලෝකයක, එනම් post-apocalyptic ලෝකයක සිදුවන කතාවක් වේ.

Fallout: Bakersfield ගේම් එක පිහිටා ඇත්තේ ඇමරිකාවේ කැලිෆෝනියා රාජ්‍යයේ Bakersfield නමැති නගරයකය. මෙම නගරය විශේෂ නගරයකි. එය පසුව Necropolis ලෙස හඳුන්වනු ලබන අතර එය භූතයන්ගෙන් පිරුණු ප්‍රසිද්ධ නගරයකි.

මෙම ගේම් එක තුළින් Bakersfield නගරය විනාශ වීමට පෙර කෙසේදැයි ඔබට දැකගන්න ලැබේ. ඔබ මෙහිදී vault එකක් තුළින් පිටතට පැමිණ පිටත ලෝකය ගවේෂණය කරන පුද්ගලයෙකු ලෙස ක්‍රීඩා කරනු ඇත.එම භූමිය අවදානම්, රහස් සහ අලූත් අයුරුකින් යුත් මිනිසුන් මගින් පිරී තිබේ.

Developersලා පවසන පරිදි ඔහුන්ගෙ ඉලක්කය වන්නෙ මෙම ගේම් එක මුල් Fallout 1 සහ 2 ගේම් වල වගේ පෙනෙන්න සහ හැඟෙන්න develop කරන එක. ඒ කියන්නේ old styles සහ turn-based සටන් ක්‍රමයක් සමඟින්.

මෙහිදී ඔබේ චරිතය එක පියවරෙන් එක පියවරට ගමන් කරයි, සහ ඔබේ වාරයේදී පහරදීම, සුව කිරීම වැනි ක්‍රියා තෝරාගන්නා හැකියාව ඔබට තිබේ.මේ ගේම් එකේ තෝරාගැනීම් බොහෝ තිබෙනවා, සහ ඔබ කරන තීරණ අනුව කතාව වෙනස් වේ.

මෙය නිල Fallout ක්‍රීඩාවක් නොවුනත්, දැනටමත් රසිකයන් ඉතා උද්යෝගිමත්ය.මෙම ගේම් එකෙ developersලා  තමන්ගේ නිදහස් වේලාව භාවිතා කරමින්, මෙම game එක develop කරන බව සදහන් වේ. ඔවුන් game එකෙ පින්තූර සහ කෙටි වීඩියෝ කිහිපයක් බෙදාගෙන ඇති අතර, එය දැනටමත් game එක පිලිබදව බලාපොරොත්තුවක් තබා ගත හැකි බවක් නිර්මාණය කර ඇත.

Fallout: Bakersfield තවමත් නිකුත් වී නැහැ, සහ එය නිකුත් වන දිනයද තවම අනිශ්චිතයි. එහෙත් ඔබ Fallout series එකට  කැමති නම්, ගැඹුරු කතා වලට කැමති නම්, සහ Fallout ලෝකයේ මුල් දිනවල සිදුවුණු දේවල් දැනගන්න අවශ්‍ය නම්, මේ ගේම් එක හොද option එකක් වේවි.

Share
Written by
Malaka Madhubhashana

Software development student

Leave a comment

Leave a Reply

Related Articles

අඩුවට Games ගන්න Steam Winter Sale ආරම්භ උනා

PC ක්‍රීඩකයන් බොහෝ දෙනා බලා සිටින Steam Winter Sale වට්ටම් කාලය Valve...

ලබන අවුරුද්දෙ එන අලුත්ම Control Game එක

Control Resonant යනු 2019 දී පළමු Control ක්‍රීඩාව නිර්මාණය කළ Remedy Entertainment...

Red Dead Redemption 1 මොබයිල් සදහා නිකුත් වෙයි.

Rockstar Games හි ජනප්‍රිය Red Dead Redemption ක්‍රීඩාව 2025 දෙසැම්බර් 2 වන...

නොමිලේ Play කරන්න පුලුවන් අලුත්ම Game එක

Where Winds Meet යනු පැරණි චීනය කෙන්ද්‍ර කරගෙන නිර්මාණය කර ඇති නව...