Home Tech News Explained Windows වලට අළුතින් හදන intel Chips
ExplainedHardwareTech News

Windows වලට අළුතින් හදන intel Chips

Share
blank
Share

Ai Applications වැඩි වශයෙන් එක් කර නවීන මෙහෙයුම් පද්ධතියක් සේ Windows 12 ඉදිරිපත් කරන්නට Microsoft සමාගම වැඩ කරමින් සිටින බවට දැන් වාර්තා පළ වෙනව. Microsoft සමාගම මේ ගැන නිල වශයෙන් කිසිවක් ප්‍රකාශ කොට නැති පසුබිමක, intel සමාගම Windows 12 මෙහෙයුම් පද්ධතියට ගැළපෙන Motherboard Chipsets නිපදවන බවට පසුගියදා ආරංචි පැතිර ගියා. ඉන් ඉඟි කෙරෙන්නේ ලබන වසරේදී අලුත් windows මෙහෙයුම් පද්ධතියක් එළි දකින බවයි.

පසුගිය 2023 සැප්තැම්බර් 07 වැනිදා ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවරදි පැවැති තාක්ෂණ සමුළුවකදී, ඉන්ටෙල් සමාගමේ මූල්‍ය ප්‍රධානී, ඩේවිඩ් සිස්නර්, Microsoft – intel සම්බන්ධය ගැන ඉඟි කර තිබුනා. වසර 2024දී Windows නවීකරණයට intel සමාගම සැරසෙන බව ඔහු කියා තිබුනා.

අලුත් මෙහෙයුම් පද්ධතියක් ඉදිරිපත් කරන්නට සැරසෙන විට ඒ හා සමඟම මයික්‍රොසොෆ්ට් සමාගම පරිගණක චිප් සහ වෙනත් දෘඩාංග තනන ලොව ප්‍රකට සමාගම් සමඟ එකඟතාවලට එළැඹෙනව. ඒ අලුත් මෙහෙයුම් පද්ධතිය ඉදිරිපත් කරන කාලය වෙන විට, එය ක්‍රියාත්මක කළ හැකි නවීන පරිගණක වෙළෙඳ පොළට ගෙන්වා ගැනීමටය.

අනාගතයේ ඉදිරිපත් කරනු පිණිස දැනට දියුණු කර ගෙන යන විවිධ දෘඩාංග උපාංග ගැන සොයා බලමින් සිටින තාක්ෂණඥයෝ එවැනි ආරංචි නිරන්තරයෙන්ම වාගේ එකිනෙකා අතර හුවමාරු කර ගනිමින්ද සිටිනව. එවැනි ආරංචියකින් එළිදරව්වි තිබෙන්නේ, එළැඹෙන 2024 වසරේදී වෙළෙඳ පොළට එවනු පිණිස ඉන්ටෙල් සමාගමෙන් දියුණු කරමින් සිටින ඉන්ටෙල් Z890 නම් මවුපුවරු චිප් කට්ටලය, කෘත්‍රිම බුද්ධි යෙඳුම් ඇති මෙහෙයුම් පද්ධතියක් ක්‍රියාත්මක කිරීමට තරම් බලසම්පන්න බවයි. එම මෙහෙයුම් පද්ධතිය වින්ඩෝස් 12 මිස අනෙකක් නොවෙන බව ඔවුන්ගේ විශ්වාසයයි.

මයික්‍රොසොෆ්ට් සමාගම විසින් දියුණු කරනු ලැබූ කෘත්‍රිම බුද්ධි (AI-Artificial Intelligence) යෙඳුම් ගණනාවක් දැනට තිබෙනව. ලූප් කලැබරෙටිව් හබ් වැඩසටහන, බින්ග් සර්ච් එන්ජිම (bing.com) මෙන්ම මයික්‍රොසොෆ්ට් 360 කෝ-පයිලට් වැඩසටහන යනාදියේදී ඒවා ක්‍රියාත්මකය. මෙම කෘත්‍රිම බුද්ධි වැඩසටහන් සියල්ල වින්ඩෝස් 12 සමඟ සම්බන්ධ කරනු ඇති.

ලොව ප්‍රකට චැට් ජීපීටී වැඩසටහන ඇතුළු කෘත්‍රිම බුද්ධි වැඩසටහන් ගණනාවක් ඉදිරිපත් කළ ඇමෙරිකාවේ ඕපන්ඒඅයි නම් කෘත්‍රිම බුද්ධි පර්යේෂණායතනයේ, (openai.com) ප්‍රධාන ආයෝජකයා මයික්‍රොසොෆ්ට් සමාගමයි. එහිදී සොයා ගන්නා නව තාක්ශන සියල්ලම පාහේ මයික්‍රොසොෆ්ට් සමාගමේ නිපැයුම් වෙත එක්කර ගැනීමද පසුගිය කාලයේ සිදුකරා.

එසේම විවිධ හේතු නිසා ඕපන්ඒඅයි ආයතනයෙන් ඉවත්ව යන අය වෙනුවෙන් රැකියා ලබාදීමට සූදානම් බව මයික්‍රොසොෆ්ට් සමාගම නිවේදනය කර තිබෙනව.

මයික්‍රොසොෆ්ට් සමාගම කලින් කළේ, එක් මෙහෙයුම් පද්ධතියක් නිකුත් කර අවුරුදු තුනකට පසුව තවත් මෙහෙයුම් පද්ධතියක් නිකුත් කිරීමයි. පසුව එම ක්‍රමයෙන් ඈත්වුවත් නැවතත් එම ක්‍රමය පිළිගෙන ඇති බව පෙනෙනව. එම සැලසුමට අනුව, වින්ඩෝස් 11 මෙහෙයුම් පද්ධතියේ කාලය අවුරුදු තුනකි. වින්ඩෝස් 11 මෙහෙයුම් පද්ධතිය නිකුත් කළේ 2021 ඔක්තෝබර් මස 05 වැනිදාය. එබැවින් 2024 අවසන් කාර්තුව වෙන විට මෙම අලුත් මෙහෙයුම් පද්ධතිය නිකුත් කෙරෙතැයි අපේක්ෂා කළ හැක.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...