Home Tech News විශාල අවධානයක් දිනාගත් Huawei Mate 70
Tech News

විශාල අවධානයක් දිනාගත් Huawei Mate 70

Share
blank
Share

Huawei සමාගමෙන් ඊලගට නිකුත් වෙන්න තියන flagship දුරකතනය තමයි Huawei Mate 70 කියන්නෙ. මේ වෙනකොට මේ දුරකතනය නිකුත් වෙන්න කලින් ඉදන්ම චීනය තුල විශාල අවදානයක් ලබාගෙන ඉවරයි. Huawei සමාගමෙන් නිකුත් කරන P සහ Pura series වල දුරකතන කැමරා විශේෂාංග මුල්කරගෙන නිකුත් වෙද්දි Mate series එකෙ දුරකතන performance මූලික කරගත්ත flagship දුරකතන විදියටයි Huawei සමාගම නිකුත් කරන්නෙ.

විවිධ ආරංචි මාර්ග වලට අනුව මේ අලුත් Mate දුරකතනයෙ තියෙන්නෙ අලුත්ම බලසම්පන්න Kirin chip එකක්. එහි මාදිලිය ගැන තවමත් කිසිදු විස්තරයක් දැනගන්න නැහැ. කෙසේනමුත් මීටකලින් ආපු Mate 60 දුරකතනයෙ තිබුනෙ Kirin 9000s 5G චිප් එක. ඒවගේම Pura 70 Ultra දුරකතනය Kirin 9010 චිප් එකෙන් බලගැන්වුනා. පරිශීලකයන්ගෙ අවධානය මේ දුරකතනයට ලැබෙන්න අනෙක් හේතුව මේ දුරකතනයෙ design එක.

Huawei සමාගම මේ දුරකතනයෙ design එක එලිදැක්වූවාට පස්සෙ දුරකතනයෙ reservation කිරීම ආරම්භ කලා. පැයක් ගතවනවිට reservation මිලියන 1.5 ලැබී තිබුනා. ඒ වගේම මේ වනවිට ඒ සංඛ්‍යාව මිලියන 2.9ක් දක්වා ඉහල ගොස් තිබෙනවා. මේ විදියට online orders පමනක් නෙවෙයි Huawei සමාගමේ දුරකතන අලෙවිසැල් වලත් විශාල පිරිසක් රැස්ව සිටිනවා මේ දුරකතනය මිලදී ගැනීමට. Mate 70 දුරකතනය නිළ වශයෙන් නිකුත් වුනෙ ඊයෙ එනම්, නොවැම්බර් 26 වෙනිදායි.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...