Home Tech News Ai මැරෙන දවස කියන Life2vec වැඩසටහන
AiExplainedTech News

මැරෙන දවස කියන Life2vec වැඩසටහන

Share
blank
Share

යම් කෙනෙක් මරණයට පත්වෙන දිනය පවා කලින්ම කිව හැකි තරමට දියුණු කළ හැකි කෘත්‍රිම බුද්ධි විධාන පෙළක් දැන් සකසා ගෙන තිබෙනව. මෙය, ජීවිතයේ විවිධ සිදුවීම් පිළිබඳ තොරතුරු රැස් කර ඒවා යම් නිශ්චිත මාතෘකාවක් ඔස්සේ පෙළ ගැස්වීමට සලස්වන උපදෙස් මාලාවක්. එනම් ඇල්ගොරිතමයක්. මෙම ඇල්ගොරිතමය, සිදුවීම් පුරෝකථනය කරනු ලබන්නේ කෘත්‍රිම බුද්ධි යෙඳුමක් ඇසුරින්.

ලයිෆ් ටූ වෙක් ඇල්ගොරිතමය, චැට්ජීපීටී බොට් නෙට් යෙඳවුම වගේමයි. යම් මිනිස් භාෂාවක ආවේනික ස්වරූපය සහ ඌරුව හඳුනා ගන්නා චැට්ජීපීටී වැඩසටහන විසින් කරනු ලබන්නේ, වචන කීපයක් ලබා දුන් විට ඊළඟට තිබිය යුතු වචන තෝරා ගෙන, භාෂා විලාසය රැකෙන සේ ඒවා පෙළ ගැස්වීමයි. එසේම, විශාල ලියවිල්ලක ඇති විස්තරයේ සමුච්චයාර්ථය පුරෝකථනය කර, කෙටි ලියවිල්ලක් සකසා දීමද ඉන් කරන්නට පුළුවන්.

පසුගිය 2023 දෙසැම්බර් 18 වැනිදා නේචර් විද්‍යා සඟරාවේ ටීනා එලියසි රැඞ් මෙය පිළිබඳ පර්යේෂණ පත්‍රිකාව පළ කොට තිබුනා. ඩෙන්මාර්කයේ නෝඊස්ටර්න් විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යා මහාචාර්යවරියක වෙන ටීනා එලියසි රැඩ්, (eliassi.org) මෙම පර්යේෂණයේ ප්‍රධානියා වන්නීය. ඇය ප්‍රමුඛ පර්යේෂක පිරිස විසින් මෙම ඇල්ගොරිතමය තාක්ෂණික වශයෙන් නම් කර ඇත්තේ ලයිෆ් ටූ වෙක් (life2vec) වශයෙන්. එය දැන් ගිට්හබ් ව්‍යාපෘතියක් වශයෙන්ද ප්‍රසිද්ධ කර තිබෙන්නේ කාටත් එම තාක්ෂණය විමසිය හැකි විදියටයි.

මෙවැනි වැඩසටහන්, ස්වයං ප්‍රතිගාමී භාෂා ආකෘති (autoregressive language model) ලෙස තාක්ෂණික වශයෙන් හඳුන්වනව. එහි භාවිතා කරන මූලික කෘත්‍රිම බුද්ධි ක්‍රමය, ඩීප් ලර්නිං (deep learning) නම් වෙනව. එනම් යම් තොරතුරු කන්දරාවක් ඉදිරිපත් කර එහි ඇති රටා හඳුනා ගත හැකි සේ ඇල්ගොරිතමය පුරුදු කරවීමයි.

මානව භාෂා ඇසුරෙන් පුහුණු කරනු ලැබූවත්, චැට්ජීපීටී ඇල්ගොරිතමයේ මූලික ක්‍රියාකාරිත්වය වෙන්නේ, සපයනු ලබන තොරතුරු පාදක කර ගෙන ඊළගට තිබිය යුත්ත කුමක්දැයි තීරණය කිරීමයි. ඩෙන්මාකයේ පර්යේෂකයින් චැට්ජීපීටී වැනිමවූ ලයිෆ් ටූ වෙක් ඇල්ගොරිතමය සකසා, එරට මහජනයාගේ ජීවිතය හා සම්බන්ධ තොරතුරු ඇසුරෙන් එය පුහුණු කරන තිබෙනව. එවිට අතීත සිදුවීම් සහ වර්තමාන සිදුවීම් පාදක කර ගෙන අනාගතය මෙසේ වේ යැයි අනුමාන කළ හැකි උනා. මෙම ඇල්ගොරිතමය අත්හදා බැලීම පිණිස තෝරාගත් පුද්ගලයින්ගේ විස්තර 2020 වසර දක්වා වෙන තෙක් විමසා බලා තිබෙනව. එහිදී පෙනී ගොස් තිබෙන්නේ, ලයිෆ් ටූ වෙක් කෘත්‍රිම බුද්ධි යෙඳවුම භාවිතා කර 78% ක නිරවද්‍යතාවක් ඇතිව අනාගතය පුරෝකථනය කළ හැකි බවය.

මෙසේ ලයිෆ් ටූ වෙක් ඇල්ගොරිතමය පුහුණු කිරීම පිණිස, හැට ලක්ෂයක් පමණ වෙන සම්පූර්ණ ඩෙන්මාර්ක් ජනගහනයේම තොරතුරු යොදා ගෙන තිබෙන්නෙ එරට රජයේ විශේෂ අවසරය පිටය. එරට මහජනයාගේ අධ්‍යාපන සහ රැකියා තොරතුරු, ආදායම් දත්ත, සෞඛ්‍ය දත්ත යනාදිය මෙයට අයත් වෙනව.

මෙම තොරතුරු ඇසුරෙන් යම් පුද්ගලයෙක්ගේ ජීවන රටාව පිළිබඳ තොරතුරු අධ්‍යයනය කරනු ලබන මෙම කෘත්‍රිම බුද්ධි යෙඳවුම මඟින් එම තැනැත්තාගේ පෞරුෂ ගති ලක්ෂණවල පටන් සෞඛ්‍ය තත්වය දක්වා සියලු දේ පුරෝකථනය කෙරෙනව. එම තැනැත්තාගේ සෞඛ්‍ය තත්වය අන්තයටම පිරිහෙන වේලාව ඒ අනුව පුරෝකථනය කළ හැක. මරණය සිදු වෙන වේලාව, එයයි.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...