Home Tech News Events Samsung Galaxy උපාංග සඳහා වසර හතරක Security Updates සහතිකයි!
EventsHardwarePhonesTech News

Samsung Galaxy උපාංග සඳහා වසර හතරක Security Updates සහතිකයි!

Share
blank
Share

ඔයා Android Smart Phone එකක් පාවිච්චි කරන කෙනෙක්නම් iPhone එකක් එක්ක සලකද්දි තියන එක අවාසියක් තමයි iPhone එක්කට Apple එකෙන් ලැබෙන අවුරුදු ගාණක Software and Security updates නොලැබීම. Google Pixel වගේ ඩිවයිස් මේක යම්තාක් දුරට වෙනස් කරත් තවමත් Apple සමාගම level එක්කට තමන්ගෙ දුරකථන වලට support කරන්න තවමත් එක android mobile නිශ්පාදකයෙක්වත් සමත් වෙලා නෑ.

මේ තත්වය ටිකක් වෙනස් කරල තමන්ගෙ දුරකථන වලට දිගු කාලයකට support කරන්නට Samsung සමාගම සූදානම් වෙනවා. මේ අනුව 2019 සිට නිකුත් වෙච්ච, ඉදිරියට නිකුත් වෙන සියලුම Galaxy models සඳහා අවුරුදු 4ක් වෙනකන් Security Updates ලබාදෙන්නයි යන්නෙ. මේ updates මාසිකව හෝ කාර්තු වශයෙන් ලබාදෙන බවයි Samsung ආයතනය සඳහන් කරන්නෙ. මතක තියාගන්න මේ “Security Updates”, නැතුව “OS and Feature Updates” නෙවේ. OS and Feature Updates ඉස්සර වගේම Galaxy Flagship devices සඳහා අවුරුදු 3කුත් Midrange devices සඳහා අවුරුද්දකුත් කාලයක් යනකන් release කරයි. නමුත් දැන් දැන් Android කියන්නෙ හුඟක් දියුණු OS එකක් නිසාත් Major OS update එක්කදි උනත් ලොකු feature ප්‍රමාණයක් එකතු වෙන්නෙ නැති නිසාත් තමන්ගෙ දුරකථනයේ සහ එහි data වලට වැදගත් Security Updates උනත් අවුරුදු 4ක් ලැබෙන එක හොඳ ප්‍රවණතාවයක්.

මේක Android Smartphone business එකේ හොඳ පියවරක්. සමාගම් අතර තියන තරඟකාරීත්වය නිසාම Samsung කරපු මේ දෙයින් අනිත් නිශ්පාදකයින්ටත් නිකන්ම සිද්ද වෙයි තමන්ගෙ devices වලට ඉස්සරහට වඩා හොඳ support එකක් ලබා දෙන්න. පහලින් තියෙන්නෙ දැනට release කරල තියන Security Updates ලැබෙන devices.

  • Galaxy Foldable devices: Fold, Fold 5G, Z Fold2, Z Fold2 5G, Z Flip, Z Flip 5G
  • Galaxy S series: S10, S10+, S10e, S10 5G, S10 Lite, S20, S20 5G, S20+, S20+ 5G, S20 Ultra, S20 Ultra 5G, S20 FE, S20 FE 5G, S21 5G, S21+ 5G, S21 Ultra 5G
  • Galaxy Note series: Note10, Note10 5G, Note10+, Note10+ 5G, Note10 Lite, Note20, Note20 5G, Note20 Ultra, Note20 Ultra 5G
  • Galaxy A series: A10, A10e, A10s, A20, A20s, A30, A30s, A40, A50, A50s, A60, A70, A70s, A80, A90 5G, A11, A21, A21s, A31, A41, A51, A51 5G, A71, A71 5G, A02s, A12, A32 5G, A42 5G
  • Galaxy M series: M10s, M20, M30, M30s, M40, M11, M12, M21, M31, M31s, M51
  • Galaxy XCover series: XCover4s, XCover FieldPro, XCover Pro
  • Galaxy Tab series: Tab Active Pro, Tab Active3, Tab A 8 (2019), Tab A with S Pen, Tab A 8.4 (2020), Tab A7, Tab S5e, Tab S6, Tab S6 5G, Tab S6 Lite, Tab S7, Tab S7+

මේ ලිස්ට් එකේ ලංකාවෙ හුගක් අය පාවිච්චි කරන midrange phones වෙච්ච M සහ A series එක පවා තියනවා. ඒක ඒගොල්ලන්ට සුභ ආරංචියක් වෙයි.

Share

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...