Home Tech News CPU AMD අඩිපාරේ යන Intel
CPUHardwareTech News

AMD අඩිපාරේ යන Intel

Share
blank
Share

TSMC එහෙමත් නැත්නම් Taiwan semiconductor manufacturing company විසින් පසුගිය වසර අවසන් වන විට intel සමාගමත් සමග 3nm තාක්ෂණය භාවිත වන CPUs සදහා chips නිශ්පාදනය කිරීම පිලිබඳ ගිවිසුමක් අත්සන් තබනු ලැබුවා.

මේ අනුව 2022 වර්ශයේ දෙවන භාගය වන විට intel 3nm Chips නිශ්පාදන කටයුතු ආරම්භ වනු ඇති. ඒ සමගම TSMC හි 3nm chips ලබා ගැන්මට එකතු වෙන දෙවැනි විශාලතම සේවාදායකයා බවට intel පත්වනු ඇති. මෙහිදී ඔවුන් දෙවැනි වනුයේ apple සමාගමට පමණයි.

Intel සමාගම TSMC සහ Samsung යන දෙපාර්ශවයම අතර high end chips ලබාගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා සිදුකලද Samsung සමාගම සමගින් සිදුකරන සාකච්ඡා තවමත් මූලික අදියරේ පවතින බව දැනගන්නට ලැබෙනවා. මෙම ආනයනය පිළිබඳ අවසාන තීරණයකට intel සමාගම තවමත් එළැඹී නැති බවත් TSMC වෙතින් chips ලබාගැනීම සිදුකලද (මේවා CPu ද වෙනත් Chips ද යන්න තවමත් හෙලිකර නැත) 2023 ආරම්භය තෙක් මේ සම්බන්ධ නිශ්පාදනයක් වෙළඳපොළට නිකුත් නොවනු ඇති බවටත් වාර්ථා වෙනවා .

2018 වසරේදී 14nm chip සසහා ඇති වූ දැඩි ඉල්ලුම හා නිශ්පාදන ගැටළු නිසා මෙලෙස intel සමාගම TSMC වෙතින් ආනයනයකට එළැඹුණා. එනිසා මෙවැනි අවස්ථාවක් උදාවන පළමුවැනි වතාව මෙය වන්නේ නැහැ.

Share

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...