Home Tech News අලුත්ම Read All විශේෂාංගය WhatsApp වෙතින්
Tech News

අලුත්ම Read All විශේෂාංගය WhatsApp වෙතින්

Share
blank
Share

WhatsApp වෙතින් තවත් අලුත් විශේෂාංගයක් හදුන්වා දෙන්න සූදානම් වෙනවා. ඒ තමයි සියලුම messages එකවර කියවීමේ හැකියාව. එනම් ඔබත් active WhatsApp පරිශීලකයෙකු නම් දන්නව ඇති private chat සහ group chat විශාල ප්‍රමානයකින් පැමින තිබෙන පණිවිඩ සියල්ලක්ම කියවීම හෝ කියවා ඇති බව දක්වන blue ticks දෙක දැක්වීම කෙතරම් අපහසුද කියල. මේ අලුත් Read all විශේෂාංගයෙන් ඔබට දැන් සියලුම චැට් වල පණිවිඩ වලට කියවා ඇති බව දැක්වෙන mark all as read යන සැකසුම සකසන්න පුලුවන්.

WABetaInfo වෙතින් දක්වා තිබුනු තොරතුරු වලට අනුව WhatsApp beta for Android 2.24.20.19 යන සංස්කරණය සමගයි, මේ විශේෂාංගය ලබාදීලා තිබෙන්නෙ. මෙය සක්‍රීය කරන්න මුලින්ම කලයුත්තෙ WhatsApp විවෘත කර three-dot icon එක මත ක්ලික් කිරීමයි. ඉන්පසු එහි අලුතෙන් එක්කර තිබෙන ඔප්ශන් එක වන Read all මත ක්ලික් කිරීමයි.

එය ක්ලික් කිරීමෙන් පසු ඔබේ සියලුම කියවා නොතිබුනු චැට්ස් කියවා ඇති චැට් ලෙස mark වෙනවා. දැනට මෙය Android beta පරිශීලකයන් සදහා පමනක් ලබාදීලා තිබෙනවා. මේ විශේෂාංගය බාවිතා කලවිට Archived chatsවල තියන පනිවිඩ වලට කිසිවක් සිදුවන්නෙ නැහැ. ඒවා mark කිරීම ඔබට manually සිදුකරගන්න වෙනවා.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...