Home Tech News අනතුරට ලක්වුනු Tesla Robo Taxi
Tech News

අනතුරට ලක්වුනු Tesla Robo Taxi

Share
blank
Share

Tesla තම robotaxi සේවාව Austin, Texas වලදි මෑත දිනකදි ආරම්බ කරා. නමුත් මෙහෙම ආරම්බ කරපු Taxi සේවාව දින කිහිපයක් ගියාට පස්සෙ මේ robotaxi එකක් අහම්බෙන් නවතා තිබුනු car එකක ගැටිල තියෙනවා.

කැමරාවේ සටහන් වෙලා තිබුනු දර්ශන වලට අනුව, Tesla Model Y එකක් parking lot එකක ගමන් කරද්දි, වම්පසින් තියෙන Toyota රථයක ගැටිල තියනවා. නමුත් අමුතුම සිද්ධිය තමයි Tesla එක අනෙක් රථයට හරිම අමුතු අයුරින් වම්පසින් තමයි ගැටිල තියෙන්නෙ.

ඒ Tesla රථයට හිටිය safety driver හදිසියේම driver’s seat එකට පිවිසෙලා car එක නැවත පාලනය කරලා, තවත් දේවල් වෙන්නට පෙර ඒක control කරගෙන තියනවා.

මේ Tesla එකෙ තිබුනු ගැටලුව internet එක පුරාවටම viral වෙලා තියෙනවා. මේක Elon Musk කියන Full Self-Driving future එකට අතුරු ඇඟවීමක් වෙන්නත් පුළුවන්.

අපි හැමෝම දන්නවා Elon Musk කියන විදියට Tesla’s self-driving system එක sensor මත පමනක් ධාවනය කරන්නෙ නැහැ. එයට camera-based system එකකුත් තියනවා.

දැන් සියලු දෙනාටම ඇතිවන ප්‍රශ්නය තමයි මේ Tesla robotaxi system එක තවමත් සම්පූර්නයෙන්ම සූදානම් නැද්ද? Phantom braking, sudden stops, wrong turns වගේ දෝශ සහිතව මේ වගේ experience reports කිහිපයක්ම හමුවෙලා තිබෙනවා. කොහොමවුනත් ඉදිරියෙදි මේ දෝශ අප්ඩේට්ස් මගින් නිරාකරණය කරන්න Tesla සමාගම කටයුතු කරාවි.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...