Home Tech News CPU AMD අඩිපාරේ යන Intel
CPUHardwareTech News

AMD අඩිපාරේ යන Intel

Share
blank
Share

TSMC එහෙමත් නැත්නම් Taiwan semiconductor manufacturing company විසින් පසුගිය වසර අවසන් වන විට intel සමාගමත් සමග 3nm තාක්ෂණය භාවිත වන CPUs සදහා chips නිශ්පාදනය කිරීම පිලිබඳ ගිවිසුමක් අත්සන් තබනු ලැබුවා.

මේ අනුව 2022 වර්ශයේ දෙවන භාගය වන විට intel 3nm Chips නිශ්පාදන කටයුතු ආරම්භ වනු ඇති. ඒ සමගම TSMC හි 3nm chips ලබා ගැන්මට එකතු වෙන දෙවැනි විශාලතම සේවාදායකයා බවට intel පත්වනු ඇති. මෙහිදී ඔවුන් දෙවැනි වනුයේ apple සමාගමට පමණයි.

Intel සමාගම TSMC සහ Samsung යන දෙපාර්ශවයම අතර high end chips ලබාගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා සිදුකලද Samsung සමාගම සමගින් සිදුකරන සාකච්ඡා තවමත් මූලික අදියරේ පවතින බව දැනගන්නට ලැබෙනවා. මෙම ආනයනය පිළිබඳ අවසාන තීරණයකට intel සමාගම තවමත් එළැඹී නැති බවත් TSMC වෙතින් chips ලබාගැනීම සිදුකලද (මේවා CPu ද වෙනත් Chips ද යන්න තවමත් හෙලිකර නැත) 2023 ආරම්භය තෙක් මේ සම්බන්ධ නිශ්පාදනයක් වෙළඳපොළට නිකුත් නොවනු ඇති බවටත් වාර්ථා වෙනවා .

2018 වසරේදී 14nm chip සසහා ඇති වූ දැඩි ඉල්ලුම හා නිශ්පාදන ගැටළු නිසා මෙලෙස intel සමාගම TSMC වෙතින් ආනයනයකට එළැඹුණා. එනිසා මෙවැනි අවස්ථාවක් උදාවන පළමුවැනි වතාව මෙය වන්නේ නැහැ.

Share

Leave a comment

Leave a Reply

Related Articles

අලුතෙන් ආපු ChatGPT Atlas AI Browser එක

OpenAI සමාගම විසින් පසුගියදා ChatGPT Atlas නමින් AI-powered web browser එකක් නිකුත්...

නවතම Galaxy XR Headset එක ගැන දැනගමු

Samsung සමාගම විසින් ඔවුන්ගේ නවතම Galaxy XR headset එක එලි දැක්වුවා. දැනටමත්...

Windows 10 ඇත්තටම ඉවරද, ඊලගට මොකද කරන්නෙ…?

ලොව පුරා මිලියන ගණනක් පරිශීලකයන් විසින් භාවිතා කරන ලද Windows 10 මෙහෙයුම්...

ලොව පළමු Robot Smartphone එක Honor වෙතින්

ජංගම දුරකථන ඉතිහාසයේ නව හැරවුම් ලක්ෂයක් එක් කරමින් Honor සමාගම නවතම සංකල්පයක්...