Home Tech News අවසන් ගමන් යන MS paint
Tech News

අවසන් ගමන් යන MS paint

Share
blank
Share

Microsoft සමාගම එයාලගෙ Windows OS එකත් එක්ක 1985 ඉදන් අවුරුදු 32ක් පුරාවට අන්තර්ගත කරපු අපි කවුරුත් දන්න MS paint App එක Windows 10 වලින් ඉවත් කරන්න යනව කියල වාර්තා උනා.

මේ එක්කම අන්තර්ජාලය තුල මේ ගැන ලොකු විරෝධතාවක් පටන් ගත්ත. මේ ඉවත් කිරීම යෝජනා උනේ Micorosft සමාගම Windows creators update එකත් එක්ක හදුන්වල දීපු Microsoft Paint 3D කියන App එකට වැඩි අවධානයක් යොමු කරන්නයි. කාලයට ගැලපෙන විදිහට ත්‍රිමාණ තාක්ෂණය එක්ක වැඩිදුයුණු කරල තියෙන Paint 3D App එකට වඩා පරණ MS paint එකට ගොඩක් අය කැමති බව මේකෙන් පේන බවත්, MS paint එක මින් ඉදිරියට Windows store එකේ Free Download එකක් විදිහට ගන්න තියෙනව කියලත් Microsoft සමාගම තමන්ගෙ online Article එකේ ලියල තියෙනව.

Microsoft Paint 3D කියන්නෙ Microsoft Hololens, Virtual Reality, 3D printing වගේ දේවල් වලට පාවිච්චි කරන්න පුලුවන් විදිහට වැඩිදියුණු කරල තියෙන සහ සෑහෙන  ලොකු Online 3D model data base එකක් තියෙන දවසින් දවස වැඩි දියුණු වෙන App එකක්. මේක සරල 3D වැඩ කරගන්නත් පුලුවන් තරමට දියුණු වෙලා තියෙනව.

ඉදිරියෙදි නිකුත් කරන Windows fall Creators update එකේදි පරණ App ගොඩක් භාවිතාවෙන් ඉවත් කරල ඒ වෙනුවට අලුත් App හදුන්වා දීමක් බලාගන්න පුලුවන්.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...