Press ESC to close

Assassin’s Creed Odyssey Review

Overview

ක්‍රි.පූ 431-422 අතර කාලයේ ග්‍රීසියේ Athenians හා Spartans අතර ඇතිවූ Peloponnesian යුධ සමයේ ජීවත් වූ Kassandra නම් රණශූරියගේ මතක ඔස්සේ යමින් තවත් ඓතිහාසික artifact එකක් වූ Staff of Hermes සොයාගෙන තම ගවේෂණය තවදුරටත් කරගෙන යන Layla Hassan ගේ කථාව Assassin’s Creed Odyssey මගින් ගෙනහැර දැක්වේ.

Get Your Site Up with A2 Hosting

Assassin’s Creed Odyssey හි story plot එක ගැන අදහසක් ගැනීමට නම් ග්‍රීසියේ Ⅰ වන ලියොනයිඩස් රජු හා Thermopylae සටන ගැන අවබෝධයක් ලබාගත යුතුය………

Ⅰ වන Leonidas රජු

ක්‍රි.පූ 489-480 කාලයේ ග්‍රීසියේ Sparta වේ රජු වූ Ⅰ වන ලියොනයිඩස් රජු දෙවන Persian යුද්ධයේ කැපීපෙනෙන චරිතයක් විය.ඔහු ඉතිහාසයට එක්වූයේ තම ග්‍රීක හමුදාව සමග Thermopylae කපොල්ල Persian ආක්‍රමණිකයන්ගෙන් defend කිරීමට ගත් නිර්භීත උත්සාහය නිසාවෙනි.ග්‍රීක ඉතිහාස කතාවල මොහුව “The leader of the 300 Spartans(Spartan සොල්දාදුවන් 300 දෙනාගේ නායකයා) ” යන නාමයෙන්ද හඳුන්වා ඇත.Ⅰ වන ලියොනයිඩස් රජු ප්‍රමුඛ ග්‍රීක හමුදාව මෙම සටන පරාජය වුවත් එය ග්‍රීක හමුදාවට පර්සියන් ආක්‍රමණිකයන් ඉදිරි වසර තුළ පලවාහැරීමට අභිප්‍රේරණයක් විය.

Thermopylae සටන

ක්‍රි.පූ 480 අගෝස්තු මස ලියොනයිඩස් රජු 1200ක් වූ ග්‍රීක හමුදාව( 900 Helots and 300 Spartan hoplites) පිරිවරාගෙන Thermopylae කපොල්ල වෙත ළඟාවූයේ Ⅰ වන Xerxes රජු ප්‍රමුඛ පර්සියන් හමුදාවට මුහුණදීමටය.එහිදී අනෙකුත් ග්‍රීක හමුදාද ඔහුගේ සේනාවට එකතු වූ අතර ඉතිහාසයේ සඳහන් වන්නේ ග්‍රීක සොල්දාදුවන් 4000-7000ක් පමණ Thermopylae කපොල්ල අසල එක්රැස් වූ බවය.මේ සටනට Spartan සොල්දාදුවන් 300 ක් පමණක් යොදාගැනීම පිළිබඳ ඉතිහාසයේ විවිධ මත ඇත.කෙසේ නමුදු මුළු ග්‍රීක සේනාව 7000ක් පමණ වූ බව සඳහන්ය.ඉතිහාසයේ පියා හෙරඩෝටස්ට අනුව සතුරු පර්සියන් හමුදාව මිලියන 2ක් පමණ වූ බව සඳහන්ව ඇතත් එය අතිශයෝක්තියක් පමණි.නූතන ඉතිහාස විද්වතුන්ට අනුව මෙම ගණන 70000-300000 අතර වේ.

Xerxes රජු දින 4ක් පුරාවට පහරනොදී බලාසිටියේ තමාගේ අතිවිශාල සේනාව දැක ග්‍රීකයන් සටනකින් තොරව යටත්වන බවට සිතාගෙනය.එසේ නොවන බව තේරුණු ඔහු 5වන දිනයේදී තම ප්‍රහාරය ආරම්භ කළ අතර එයට මුහුණදුන් Ⅰ වන ලියොනයිඩස් රජු ප්‍රමුඛ ග්‍රීකයන් සතුරු හමුදාවේ විශාල ප්‍රමාණයක් ඝාතනය කිරීමට සමත්විය.මෙහිදී Xerxes රජුගේ සහෝදරයන් දෙදෙනෙකුද ග්‍රීකයන් අතින් මරණයට පත්වූ බව සඳහන්ය.සත්වන දිනයේදී Ephialtes නමැත්තා Hydamas නම් පර්සියන් ජෙනරාල්වරයා ප්‍රමුඛ සතුරු හමුදාව ග්‍රීක සොල්දාදුවන් සිටි ස්ථානයට පිටුපසින් ළඟාවීම සඳහා වෙනත් මාර්ගයක ගෙනයන ලද්දේ තම දේශයට ද්‍රෝහී වෙමින්ය.

මේ බව සැළ වූ ලියොනයිඩස් රජු තම සේනාවෙන් සුළු පිරිසක් පමණක් රඳවාගෙන සෙසු සේනාව හරවා යැවීය.ඔහු එසේකළේ ඔවුන්ගේ ආරක්ෂාවටය.දෙපසින්ම පැමිණෙන පර්සියන් හමුදාවට මුහුණ දී ජයගත නොහැකි බව ඔහුට වැටහුණේය.ඉතිහාසයේ පියා හෙරඩෝටස්ට අනුව…..

“පර්සියන් හමුදාව සමග අනාගත සටන් සඳහා ප්‍රමාණවත් ග්‍රීක හමුදාවක් තබාගැනීම නුවණැති යැයි රජුට වැටහෙන්නට ඇත. Spartan වරු කිසිදා යුධභූමිය හැරනොයන බව ඔහු හොඳින් දනී. එම නිසා 300ක් Spartan සොල්දාදුවන් ඇතුළු සුළු පිරිසක් යුධභූමියේ රඳවාගනිමින් සෙසු හමුදාව ආරක්ෂා සහිතව පසුබැසීමට සැලැස්වීම රජුගේ තීරණය වන්නට ඇත.රජු ඇතුළු පිරිස යුධභූමියේ සටන්වැදීම පසුබැස ගිය ග්‍රීක හමුදාවට ශක්තියක් හා අභිප්‍රේරණයක් වන්නට ඇත”

පර්සියන් හමුදාවට මුහුණදුන් ග්‍රීක හමුදාව මරණය තෙක් සටන්කළහ.ග්‍රීක හමුදාවේ 400ක් වූ Theban කුලී සොල්දාදුවන් යටත් වූ අතර Ⅰ වන ලියොනයිඩස් රජු හා 300ක් Spartan වරු මෙම සටනේදී මරණයට පත්විය.කෙසේ නමුත් ඉදිරි වර්ෂය තුළ පර්සියන් හමුදාව මුලිනුපුටා දැමීමට ග්‍රීක හමුදාවට Ⅰ වන ලියොනයිඩස් රජුගේ මෙම නිර්භීත ක්‍රියාව මහත් අභිප්‍රේරණයක් විය.

Plot

වර්තමාන කථාවේදී Layla Hassan , Ⅰ වන ලියොනයිඩස් රජුගේ spear එක සහ හෙරඩෝටස් විසින් රචිත ලිපිලේඛන සොයාගැනීමට සමත්ව ඇත( Layla Hassan මේ වනවිට Assassin’s ලාගේ side එකට පක්ෂව කටයුතුකරයි). Spear එකේ DNA හා ලිපිලේඛන වල තොරතුරුවලින් ඇය ක්‍රි. පූ 431-422 කාලයේ Peloponnesian යුධසමයේ ජීවත්වූ mercenary කෙනෙක් වූ Kassandra ගේ මතක ඔස්සේ යමින් පුරාණ ග්‍රීසිය ගවේෂණය කිරීමට Animus program එකක් නිර්මාණය කරයි.ඇගේ අරමුණ තවත් ඓතිහාසික artifact එකක් වූ Staff of Hermes( හර්මීස්ගේ යෂ්ටිය)සොයාගැනීමයි.මෙතැන් පටන් අපගේ චරිතය වන්නේ Kassandra ය…..

Kassandra කුඩාකළ සිටම Spartan warrior කෙනෙක් වීමට පුහුණු වූවාය. ඇගේ පියා වූ Nikolaos, spartan ජෙනරාල්වරයෙකු වූ අතර මව Myrrine විය. Myrrine යනු Ⅰ වන ලියොනයිඩස් රජුගේ දියණිය වන අතර එම නිසා Ⅰ වන ලියොනයිඩස් රජු යනු Kassandra ගේ සීයාය. පරම්පරාවෙන් පරම්පරාවට හිමිවුණු Leonidas රජුගේ කැඩුණු spear එක මීලඟට හිමිවූයේ Kassandra ටය.ඒ හේතුවෙන් ඇය යම් දිනක Sparta වේ වීරවරියක් වන බව ඇගේ දෙමව්පියන් විස්වාස කළහ. Kassandra ට Alexios නමින් බාල සහෝදරයෙකු සිටි අතර ඔහුට Sparta වෙන් ලැබුණේ කුඩම්මාගේ සැලකිලිය. Oracle of Delphi ට අනුව (Oracle of Delphi යනුවෙන් හඳුන්වන්නේ Delphi හි පිහිටි Apollo දෙවියන්ගේ දෙවොලේ High priestess වය. එකළ ග්‍රීසියේ වැසියන් Pythia එනම් මෙම high priestess පැවසූ අනාවැකි බොහෝ සේ විස්වාස කළහ) Alexios, Sparta වට ශාපයක් විය. එම නිසා කුඩා Alexios ව Taygetos කන්දෙන් පහළට දමා දෙවියන්ට බිලිදිය යුතුවිය.

මෙම sacrifice එක සිදුවන මොහොතේ කලබල වී Kassandra විසින් Alexios ව රැගෙන කඳුමුදුනේ සිටි පූජකයාව කන්දෙන් පහළට තල්ලුකරයි.කුඩා Alexios හා පූජකයාද කන්දෙන් පහළට වැටෙයි.රැස්ව සිටි අනෙකුත් වැසියන් Kassandra ද දේවද්‍රෝහීයෙකු ලෙස සලකා ඇයවද කන්දෙන් පහළට දැමීමට Nikolaos ට අණකරයි. Myrrine ගේ විලාප මැද අකමැත්තෙන් වුවද එසේකිරීමට Nikolaos ට සිදුවෙන අතර Kassandra හා Alexios දෙදෙනාම මියගිය බවට ඔවුන් විස්වාස කළහ. 

Kassandra මියනොයන අතර ඇය Kephallonia දූපතට ගොඩගසයි. උකුස්සෙක්ද ඇගේ පසුපස පැමිණේ  (Ikaros ).දූපතට ගොඩගැසූ ඇයව ඉන්පසු හදාවඩාගන්නේ Markos නමැති පුද්ගලයෙකු විසිනි.කාලයත් සමග ඇය තරුණ වියට පත්වී Misthios කෙනෙකු(එකළ ග්‍රීසියේ කුලී හේවායෙකු)බවට පත්වේ. Markos ට හිරිහැර කළ Cyclops නම් පුද්ගලයෙකුගෙන් ඔහුව හා Barnabas නම් නාවිකයෙකු බේරාගැනීමට ඇය සමත් වේ. කෘතගුණ සැලකීමක් ලෙස Barnabas තම නැව වූ Adrestia සහ ඔහුගේ ship crew එකෙහි නායිකාව ලෙස ඇයව පත්කරයි.

මේ අතර Elpenor නම් තැනැත්තෙක් Megaris නගරයේ Spartan ජෙනරාල්වරයෙකු වූ Wolf of Sparta ඝාතනය කිරීමට Kassandra ව hire කරයි. Megaris වෙත පැමිණීමෙන් පසු Kassandra ට දැනගැනීමට ලැබෙන්නේ wolf of Sparta යනු ඇගේ පියා Nikolaos බවයි. මෙහිදී Nikolaos ඇයට හෙළිදරව් කරන්නේ ඔහු ඇයගේ සුළු පියා බවය.ඇගේ සත්‍ය පියා පිලිබඳ තොරතුරු මව Myrrine ව සොයාගෙන දැනගන්නා ලෙස ඔහු පවසයි.තම සුළු පියාව ඝාතනය නොකර ඒ බව Elpenor ට පෙන්වීමට සාක්ෂි ලෙස Nikolaos ගේ helmet එක ඇය රැගෙන යයි. Elpenor හමුවූ පසු ඔහු නැවත Kassandra ට target එකක් ලබාදේ. ඒ ඇගේ මව වූ Myrrine ය.මෙයට Kassandra විරුද්ධ වූ අතර මෙයින් ඇතිවූ කලබලයෙන් පසු Elpenor පලායයි.නැවේදී Barnabas පවසන්නේ ඇයට Oracle of Delphi වෙත ගොස් ඇගේ මව සිටින ස්ථානය හා ඇගේ අනාගතය ගැන දැනගන්නා ලෙසයි. Oracle of Delphi ගේ අනාවැකි නිසා තම පවුල විනාශ වූ ආකාරය සිහියට නැගී මෙම තීරණය ගැන මදක් පැකිලුනත් අවසානයේ ඇය එකඟ වේ. හමුවීමට ගිය පසු Oracle of Delphi විසින් Kassandra ගේ spear එක හඳුනාගෙන තමාගේ සියලු අනාවැකි Cult of Kosmos නම් secret organization එකකින් පාලනය වන බව පවසයි.එසේම Elpenor යනු මෙම cult organization එකෙහි සාමාජිකයෙක් බවද ඇය පවසයි.තවද එකල Alexios ව කුඩාකලම ඝාතනය කිරීමද මෙම cult of Kosmos හි සැලසුමක් බව මෙහිදී ඇයට වැටහේ.

මෙම ගමනේදී Barnabas විසින් Kassandra ට Herodotus ව හඳුන්වාදෙයි.පසුව Elpenor ව සොයාගෙන ඝාතනය කරන ඇය Herodotus ගේ උපදෙස් පරිදි Elpenor ගේ ceremonial robe එක හා mask එක මගින් වෙස්වලාගෙන secret cult meeting එකකට Elpenor ලෙස සහභාගී වේ.මෙහිදී Kassandra ට දැනගැනීමට ලැබෙන්නේ Deimos නම් cult organization එකේ බලවත්ම ශූරයා වෙන කවුරුත් නොව තමාගේ මියගියා යැයි සැලකූ බාල සොහොයුරා බවයි. Cult organization එක මගින් ඔහුව brainwash කර ඇති බවත් ඔහුගේ මව එනම් Myrinne ව ඝාතනය කිරීමට cult organization එක සැලසුම්කරන බවත් ඇයට දැනගැනීමට ලැබේ.

ඉතින් එතනින් පසු කුමක් සිදුවේවිද? Kassandra ට තම මව සොයාගෙන තම සැබෑ පියා කවුරුන්දැයි දැනගැනීමට හැකිවේවිද? Cult of Kosmos එක මගින් brainwash කර තිබෙන තම බාල සොහොයුරා ඉන් ගලවාගෙන cult of Kosmos සඳහා තිතතැබීමට ඇයට හැකිවේවිද? Cult of Kosmos හි mysterious leader කවුරුන් වියහැකිද?Layla Hassan ට Staff of Hermes artifact එක සොයාගැනීමට හැකිවේවිද? මේ ප්‍රශ්නවලට පිළිතුරු සොයාගැනීම ක්‍රීඩකයා වන ඔබට භාරයි.

Gameplay

  • Assassin’s Creed series එකට ආවේණික Combat skills, stealth attacks, weapon crafting and upgrading, inventory සහ weapons assassin’s creed odyssey හිද දක්නට ලැබේ.
  • ප්‍රධාන missions වලට අමතරව Kassandra ගේ xp වැඩිකරගැනීමට side missions ද මෙහිදී ඇතුළත්ය.මෙම xp වැඩිකරගැනීම ක්‍රීඩාවේ ඉදිරියට වැදගත් වේ.
  • Assassin’s Creed game series එකේ ඇති විශාලතම map එක ඇත්තේ මෙහිය. Xp level එකට ගැලපෙන ආකාරයට විවිධ states වලට map එක බෙදා ඇත. අතිවිශාල වපසරියක පිහිටා ඇති Assassin’s creed Odyssey හි map එක ගවේෂණය කිරීමට නම් අශ්වයන් පමණක් ප්‍රමාණවත් නොවේ.එම නිසා ක්‍රීඩාවේදී Adrestia වැනි warships ඇති අතර එමගින් මුහුදුතරණය පහසු වේ.එසේම Naval battles ද ක්‍රීඩාවේ අඩංගුය.
  • ක්‍රීඩාවේ cinematic scenes වලදී අපට ලැබෙන dialogue options මගින් ක්‍රීඩාවේ එම එක් එක් scene එකේ outcome එක වෙනස්කළ හැකිය (මෙම ලිපියේ plot එක, main story එක අවසානයේ best ending එක ලබාගැනීමට නම් Kassandra විසින් ගතයුතු dialogue options අනුව සකස් වී ඇත).
  • ක්‍රීඩාවේදී අපට Kassandra හෝ Alexios ලෙස ක්‍රීඩාකිරීමට හැකි නමුත් Ubisoft canon storyline එකට අනුව Kassandra ලෙස play කිරීම වඩාත් සුදුසු වේ.
  • ක්‍රීඩාවේ enemies වන්නේ Spartans හෝ Athenians ය. Kassandra, Misthios කෙනෙකු නිසා ඔබට කැමති side එකක් තෝරාගත හැකිය. මීට අමතරව mercenaries හා cult members, enemies ලා ලෙස හමුවේ.
  • Assassin’s Creed game series එකට ආවේණික hidden blade එක මෙහි නැත. ඒ වෙනුවට තිබෙන්නේ Leonidas රජුගේ broken spear එකය.
  • එසේම series එකට ආවේණික Eagle vision එකද දක්නට නොලැබේ.ඒ වෙනුවට Ikaros නම් අපගේ මිතුරු උකුස්සා භාවිතයෙන් scout කිරීම, valuable items හා enemies tag කිරීම වැනි දේ කළහැක.
  • මිථ්‍යාවේ නිජබිම වූ ග්‍රීසිය ගැන සඳහන් කරනවිට mythological creatures ගැන සඳහන් නොකරසිටීම කළනොහැක.ක්‍රීඩාව එයට සාධාරණයක් ඉටුකරමින් Legendary animal hunts සහ Mythical creatures boss battles අපට ලබාදී ඇත. Sphinx, Cyclops, Minotaur සහ Medusa ට මෙසේ අපට bosses ලෙස මුහුණදීමට සිදුවේ.

System Requirements

Assassin’s Creed Odyssey සඳහා අවශ්‍ය minimum සහ recommended requirements පහතින් සඳහන් කරන්නම්……

SystemMinimumRecommended
CPUAMD FX- 6300(3.8GHz), Ryzen 3-1200, Intel Core i5 2400(3.1GHz)AMD FX-8350(4.0GHz), Ryzen 5-1400, Intel Core i7-3770(3.5GHz) or better
GPUAMD Radeon R9 285, NVIDIA GeForce GTX 660(2GB)AMD Radeon R9 290, NVIDIA GeForce GTX 970(4GB) or better
VRAM2GB4GB
RAM8GB8GB
Storage46GB46GB
OSWindows 7 SP 1,8.1,10(64 bit)Windows 7 SP 1,8.1,10(64 bit)

2018 වසරේ නිකුත්වූ Assassin’s Creed Odyssey 3rd-person action-role playing ගණයට අයත්වෙන ක්‍රීඩාවකි. Real historical locations සහ සොක්‍රටීස්, හිපොක්‍රටීස්, ඩිමොක්‍රටීස්, සොෆොක්ලීස්, හෙරඩෝටස් වැනි දාර්ශනිකයන්ද අන්තර්ගත කරමින් fantasy story එකක් ගොඩනගා තිබීම නිසා assassin’s creed odyssey හි main story එක වඩාත් රසවත් වී ඇත. Chronological order එක අනුව මුල්ම Assassin’s Creed ක්‍රීඩාව වන මෙය assassin’s creed game series එකට ඔබ නවකයෙකු නම් series එක ආරම්භ කළයුතු ක්‍රීඩාවයි.   

Eshan Amarasinghe

Eshan Loves Gaming and also writes about them, This will help you understand the game better and have an overall good experience.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *