ගූගල් තමන්ගේ අලුත් AI Mode එක දැන් ලොව පුරා launch කරලා තියෙනවා. මේ විශේෂාංගය කලින් US, India වගේ රටවල් වලට තමයි limited release එක දීලා තිබුණේ, හැබැයි දැන් හැමෝටම මේ AI powered search experience එක ගන්න පුළුවන්.
මේ AI Mode එකෙ හොඳම නව විශේෂාංගය තමයි “agentic features”. ඒ කියන්නේ, අපි යමක් Search කරාම AI එක තනිම ඊට අදාල අනෙක් විස්තර හොයා ගන්නවා. උදාහරණයක් විදියට, ඔයා travel plan එකක් Google එකේ search කරොත් AI mode එකෙන් ඒකට අදාල tickets check කරනවා, hotels compare කරනවා වගේ දේවල් සිදුකරනවා. සරලවම කියනවනන් Google Search එක simple Q&A tool එකෙන් practical assistant එකකට upgrade වෙලා තියෙනවා.
දැන් පරිශීලකයන් කියනවා මේකෙන් තමන්ට විශාල වශයෙන් කාලය ඉතුරු වෙයි කියලා. ඒත් මේ ගැන critics කිහිපයකුත් තියෙනවා. හැබැයි හුඟාක් පරිශීලකයන් මේ අලුත් විශේෂාංගය අත්හදා බලන්න කැමති බව පෙනෙන්න තිබෙනවා.
මේ Google Search AI Mode එක ලෝකෙටම නිකුත් කරපු එකෙන් search කියන concept එකම වෙනස් වෙලා තියෙනවා. මේක දවසක Siri, Alexa වගේ assistants replace කරන level එකේට ගියොත්, ඒක පුදුම වෙන්න දෙයක් නෙවෙයි.














Leave a comment