Contact Information

WhatsApp Us

Android 12 නිල වශයෙන් නිකුත් වේ.

 - 
English
 - 
en
Sinhala
 - 
si
Tamil
 - 
ta

පසුගිය ඔක්තෝබර් 4 වනදා Android අලුත්ම සංස්කරණය වෙන Android 12 නිල වශයෙන් එලි දක්වනු ලැබුවා. කලින් beta සංස්කරණ කිහිපයක්ම නිකුත් කරල testing phase එක සාර්ථකව නිම කරාට පස්සෙ තමයි Google විසින් මේ විදිහට Android 12 නිල කේතයන් නිකුත් කරල තියෙන්නෙ. Google ආයතනය සඳහන් කරන විදිහට ඊලඟ සති කිහිපය ඇතුලත මුලින්ම Google Pixel දුරකථන වලටත්, මේ අවුරුද්දෙ අන්තිම වෙද්දි Samsung Galaxy, OnePlus, Oppo, Realme, Tecno, Vivo, සහ Xiaomi යන දුරකථන වලටත් Android 12 නිකුත් වේවි.

Android 12 වලට කලින් අවුරුදු කීපයක සිට නිකුත් වුන Android සංස්කරණ වල එතරම් ලොකු upgrades දකින්න ලැබුනෙ නෑ. නමුත් Android 12 වල සැලකිය යුතු වැඩි දියුණු කිරීම් රාශියක් දකින්න පුලුවන්. එයින් විශේෂ වෙන features කිහිපයක් ගැන අද කතා කරමු.

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting

Material You.

Android 12 වලට එක්වුන ලොකුම upgrade එක තමයි මේ. මේ Google ආයතනයෙ Material design වල අලුත්ම සංස්කරණය. මෙයින් user ගෙ wallpaper එකේ ඇති වර්ණ හඳුනගෙන ඒවාට සමාන වර්ණ OS එක පුරා ඇති විවිධ කොටස් වලට apply කරනවා. API එකක් මාර්ගයෙන් මේ colors එක එක apps වලට යොදාගන්නත් developers ලට හැකියාව තියනවා. Google දැනටමත් ඔවුන්ගෙ apps කිහිපයක්ම මේ Material You වලට redesign කරලයි තියෙන්නෙ.

Material You ක්‍රියා කරන්නෙ Google විසින් develop කරපු “monet” කියන theme engine එක භාවිතා කරලයි. Android කියන්නෙ open source project එකක් වුනත් මේ monet තවම සම්පූර්ණයෙන් open source නෑ. ඒ නිසා අනිත් OEM(Original Equipment Manufacturer) ලගෙ custom android 12 සංස්කරණ වල මේ Material You දකින්න නොලැබේවී. සමහරවිට ඔවුනුත් Material You වලට සමාන දෙයක් සංවර්ධනය කරල පාවිච්චි කරොත් ඒ තත්වය වෙනස් වෙන්න පුලුවන්.

Material You, wallpaper එක අනුව වෙනස් වෙන වර්ණ වලින් නතර වෙන්නෙ නෑ. notifications panel එක redesign කරල තියනවා, ඒ වගේම power menu එක තවත් සරල කරල තියනවා. Google ආයතනය විසින් Android widget, මේ අලුත් Material You design එකට ගැලපෙන විදිහට වෙනස් කරන්න කියල Android developers ලට විශේෂ ඉල්ලීමකුත් කරල තියනවා.

Scrolling Screenshots – සමහර OEM ලගෙ Android fork වල මේ පහසුකම දැනටමත් තිබුනත් මේ අලුත් සංස්කරණයෙදි තමා නිල වශයෙන් Android 12 වලට මේ පහසුකම ඇතුලත් වෙන්නේ.

One-handed mode – iOS වල තියෙන “Reachability” වගේ පහසුකමක් මේ වෙද්දි නිල වශයෙන් Android 12 වල දකින්න පුලුවන්. මෙයින් දුරකථනය එක අතකින් පාවිච්චි කරන අවස්ථවල screen එක පහලට ගෙන ඇවිත් භාවිතය පහසු කරනවා.

නව privacy පහසුකම්.

අලුතෙන් එකතුවුන “privacy dashboard” නමැති පිටුවෙන් දකින්න පුලුවන් එක් එක් app එක විසින් කොයි තරම් ප්‍රමාණයක් permissions ඉල්ලා සිටියද කියන එක. location, camera, සහ microphone වගේ permissions භාවිතා කරපු විදිහ බලන්න පුලුවන් timeline එකකුත් හඳුන්වලා දීලා තියනවා. මේ privacy dashboard පිටුව පාවිච්චි කරල app permissions ලේසියෙන්ම කළමනාකරණය කරන්න පුලුවන්.

Android 12 run වෙන දුරකථනයක camera එක හෝ microphone එක පාවිච්චි වෙන ඕනම වෙලාවක status bar එකේ ඒ බව indicators මගින් පෙන්වනවා. අලුතෙන් පහසුකම් දීල තියනවා apps වලින් ඉල්ලන camera සහ microphone access එක සම්පූර්ණයෙන්ම නවත්වන්න.

Android 12 නිකුත් වෙන දුරකථන මොනවද?

පහත දැක්වෙන Pixel දුරකථන තියෙන කෙනෙක්ට ඊලඟ සති කිහිපය තුල Android 12 update එක ලැබේවී.

  • Google Pixel 3 / 3 XL
  • Google Pixel 3a / 3a XL
  • Google Pixel 4 / 4 XL
  • Google Pixel 4a
  • Google Pixel 4a 5G / 5
  • Google Pixel 5a 5G

සාමාන්‍යයෙන් මීට කලින් Android අලුත් සංස්කරණයක් නිකුත් වෙන දවසෙම අලුත් Pixel දුරකථන වලට ඒක ලබාගන්න පුලුවන් වෙනවා. නමුත් මේ සැරේ ඒක සති කිහිපයක් පරක්කු කරන්න වෙලා තියනවා. මේකට හේතුව විදිහට Google ආයතනයේ මාධ්‍ය ප්‍රකාශක කියල තියෙන්නෙ Android 12 වල Pixel-exclusive නිකුත් කිරීම පිලිබඳ අවසන් කටයුතු මේ දිනවල කරගෙන යන එක කියලයි. ඒ අනුව ඉදිරි සති කිහිපයේ ඒ කටයුත්ත සිද්ද වේවී.

Google ආයතනයෙ Samsung, Xiaomi සහ OnePlus වගේ ප්‍රධානම OEM සහකරුවන් වෙත ඔක්තෝබර් 4ටත් කලින් Android 12 වල pre release එකේ source code එක ලබා දෙනවා. ඒ නිසා දැනටමත් ඔවුන්ගෙ Android 12 සංස්කරණයන් වල සංවර්ධනය ආරම්භ වෙලා ඇති. ඒ හින්ද ඒ දුරකථන මාදිලි වලට Pixel වලින් පස්සෙ බොහෝ දුරට Android 12 නිකුත් වේවි. කුඩා ප්‍රමාණයේ OEM ලට ඔක්තෝබර් 4 Android 12 source code එක ලබාගෙනයි තමන්ගෙ සංවර්ධන කටයුතු සිදු කරන්න වෙන්නේ. මේ නිසා මේ updates ටිකක් පරක්කු වේවී.

Share:

1 Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *