Home Tech News Explained Jedi: Survivor පරිගණක ක්‍රීඩාව ගැන දැනගමු
ExplainedGamesTech News

Jedi: Survivor පරිගණක ක්‍රීඩාව ගැන දැනගමු

Share
blank
Share

Star Wars කතා මාලාවේ එන චරිත වෙසෙන මන්දාකිණියේම වෙසෙන ජේඩායි සෙනෙවි පරපුර වටා ගෙතුණු කතාවක් පාදක කර ගත් පරිගණක ක්‍රීඩාවක් මුලින්ම 2019දී එළි දැක්වූවා. එහි කතාවට අනුව, ඇති වෙන සටනකදී, ජේඩායි පරපුර පරදින්නේ බොහෝ ජීවිත අහිමිව යමින්. ඉන් වසර ගණනාවකට පසුව, විනාශවී ගිය තමන්ගේ බලසම්පන්න කණ්ඩායම නැවත ගොඩ නැගීමටත්, තමන්ගේ ලෝකයට සාමය සහ සාධාරණය ගෙන ඒමටත්, ජේඩායි පරපුරේ කැල් කෙස්ටිස් නම් තරුණයා දරන උත්සාහය පිළිබඳ කතාව පාදක කර ගෙන මෙම අලුත් Jedi: Survivor පරිගණක ක්‍රීඩාව තනා තිබෙනව.

Jedi: Survivor පරිගණක ක්‍රීඩාවේදී පරිගණක ක්‍රීඩකයාට පාලනය කිරීමට සිදුවන්නේ කලින් ඇති වූ අවසන් සටනින් පසුව පළා ගොස් සිටින කැල්ය. ඔවුන් ජීවත් වෙන මන්දාකිණියේ පිහිටි වෙනත් ලෝකයක සිට දැන් ඔහු සිය ලොවට පැමිණ සිටිනව.

ඔහුගේ අරමුණ, තම ලොවට නැවත සාමය සහ සාධාරණය ගෙන එන එකයි. ඒ සඳහා දැනට ලොව පාලනය කරන ගැලැක්ටික් නම් රාජධානියේ පාලකයින්ගේ බලය බිඳ දමන්න ඕනෙ. ඒ වෙනුවෙන් නැවත ජේඩායි පරපුර රැස් කර ගත යුතු වෙනව. එම අරමුණ කරා කැල් මෙහෙයවීම තමයි පරිගණක ක්‍රීඩකයාට කරන්න තියෙන්නෙ.

කැල්, විනාශ කිරීමට ගැලැක්ටික් රාජධානියේ පාලකයින්ගේ හමුදා කණ්ඩායම් මෙන්ම එහි බලය ලබා ගැනීමට උත්සාහ කරන තවත් කණ්ඩායම්ද වෙර දරනව. මේ සියල්ලන් සමගම කැල් සටන් කරන්න ඕනෙ.

කැල්ගේ සහයට නිතරම සිටින්නේ කුඩා රොබෝවෙක්. විශේෂ හැකියා ඇති මෙම රොබෝ, සෑම විටම කැල්ට ආරක්ෂාව සපයනව. මෙම රොබෝවට පාවෙමින් ගමන් කරන්න පුලුවන්. තම ලේසර් අවියෙන් සතුරන්ට පහරදෙන්න පුලුවන්. එසේම ඕනෑම දෙයක්, තැනක් ස්කෑන් කර තොරතුරු දැන ගැනීමටත හැකියාවක් තිබෙනව. ක්‍රීඩාවේ ඇතැම් අවස්ථාවලදී මෙම රොබෝව මෙහෙයවීමද පරිගණක ක්‍රීඩකයාට පැවරෙනව.

ක්‍රීඩාව ඉදිරියට කර ගෙන යන විට සතුරන් සමඟ සටන් කිරීම, සතුරන් පිළිබද තොරතුරු සොයා ගැනීම මෙන්ම රහසේම ජේඩායි පරපුරේ සාමාජිකයන් සොයා ගොස් සංවිධානය කිරීමද කළ යුතු වෙනව. මෙහිදී නොයෙක් කණ්ඩායම් සමග සටන් කළ යුතුයි. යම් යම් ප්‍රහේලිකා විසඳීමට සිදු වෙනව.

ත්‍රිමානරූපී සජීවීකරණ ඇතිව පරිගණක ක්‍රීඩාව නිර්මාණය කර තිබෙනව. මෙහිදී හමු වෙන චරිත, ගොඩනැගිලි, පරිසරය, යානා, අවි ආයුධ යනාදී සියල්ල තාත්වික පෙනුමින් යුක්ත වෙනව. පරිගණක ක්‍රීඩකයාට බුද්ධිමත්ව මෙන්ම තර්කානුකූලව කල්පනා කොට තීරණ ගත යුතු වෙන සේ මෙහි ක්‍රීඩා විලාශය නිමවා තිබෙනව. චරිතවලට කට හඬ ලබාදී තිබුණත්, ඒවා උපසිරැසි ලෙසද තිරයේ පෙන්වනව.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...