ඔන්න එහෙනම් Software Updates පිලිබදව නොයෙකුත් ප්රශ්න අහන නිසාම හැමෝටම වගේ පොදුවේ දැන ගන්න ඕන අවශ්යම කරුනක් ගැන පොඩි Post එකක් අරන් ආවා.

මුලින්ම කියන්නම් අපි හැමෝම වගේ පාවිච්චි කරන Phone එකට අදාලව CSC Code එකක් තියෙනවා Country Specific Code එකක් ඉතින් අපිට Updates ලැබෙන්නේ මේන්න මේ කියන Code එකට අදාලව තිබෙන රට අනුව. Update එකක් Roll Out කරපු සැනින් අපිට ලැබෙන්නෙ නැ ඉතින් හැමෝම අහනවා මට තාම නැ මට තාම නැ කියලා ඉතින් Sri Lanka වෙ උනත් අපි Use කරන හැම Device එකක්ම එකම CSC Code එකක් යටතේ නෙමේ තිබෙන්නෙ ඉතින් අපි එකම රටක උනත් අපිට Updates ලැබෙන කාලයන් වෙනස් වෙන්න පුලුවන්.

(උදාහරනයක් ව්දිහට මගේ යාලුවන් පාවිච්චි කරන Note10+ වලට Android 10 update එක පැමිනියත් මට තවම පැමින නැ, මොකද ඒ ඒ අයගේ CSC Codes වෙනස් ඒ කියන්නෙ Software Service Provider Country වෙනස් අන්න ඒ නිසා. මෙතනින් කියන්නෙ නැ අපිට Updates ලැබෙන්නේ නැමයි කියලා මෙමගින් පොඩි කාලයක් පරක්කු වෙන්න පුලුවන් සමහර විට අනිත් අයට වඩා පොඩි කාලයක් ඉක්මන් වෙන්නත් පුලුවන්, )

Computer Shop ගැන ඔයාගෙ අත්දැකීම කියන්න එන්න shop rating

📲 CSC Code එකක් කියන්නෙ මොකක්ද ඇත්තටම ?

CSC Code එකක් කියන්නෙ එක රටකට අදාල උන වෙනමම Code එකක් Software Providers ලා විසින් නිකුත් කරන. මේක රටින් රටට වෙනස් වෙනවා. ඉතින් මේ Codes ලොකු List එකක් තියෙනවා මේ List එක ප්‍රධාන වශයෙන් Parts 4 කට බෙදෙනවා,

උදා –
United Stated – AT&T, T-Mobile, Verizon
Canada – Vodafone
Global
International Variants.

මේ මම සදහන් කරේ අපි ගොඩක් දන්න කියන network carriers ලා කිහිපයක් ඉතින් මේ අයටත් මම කලින් කිව්වා වගේ CSC Codes තිබෙනවා ඉතින් ගොඩක් දුරට මම දැකපු විදිහට නම් මුලින්ම වගේ Updates ලැබෙන්නේ Samsung ලාගේ Europe Countrys වලට. ඉන් පසුව තමා අනිකුත් රටවල් වලට එන්නෙ. ඔයාගේ CSC Code එකත් දැන ගන්න පුලුවන්.

Settings – About Phone – Software Information – Service Provider SW Ver යටතේ.

ඉතින් මින් පසුව අපේ CSC Code එකට අදාල රට මෙන්න මේ Link එකට ගිහින් අකුරු අනු පිලිවෙලින් බලා ගන්න පුලුවන් Sri Lanka වට අදාලව SLK යනුවෙන්. ( ඉතින් මේක බැලුව ගමන් බය වෙන්න එපා අපි ලංකාවේ ඉදලත් ඇයි අපිට SLK නැත්තෙ කියලා මේකට හේතුව තමා අපේ Device එක Buy කරපු රට, මේ CSC Code එකෙන් වැටෙන්නෙ අපේ Device එක Buy කරපු රටයි ඉතින් මේ රටට අදාලව තමා අපිට Updates ලැබෙන්නේ සහා Updates ලැබෙන කාලය තීරණය වෙන්නෙ )

https://www.droidviews.com/how-to-change-csc-in-samsung-galaxy-phones/

ඉතින් තවත් ඔයාලාගේ පහසුව සදහා දැනට ඔයාලාගේ Device එකට පැමිනි Latest ම Updates එක ඒ කියන්නෙ Security Patch Or Firmware Update එක මොකක්ද කියලා මේ Site එකෙන් බලා ගන්න පුලුවන්. මෙහි Device කියන Tab එකට ගිහින් එහි Firmware යටතේ බලාගන්න පුලුවන් ඔයාගේ Device එකට පැමිනිලා තිබෙන Latest ම Updates මොනාද කියලා.

https://www.sammobile.com/

ඉතින් මම හිතනවා මේ Post එක හරහා Software Updates ගැන තිබුන ගැටලු යම්තාක් දුරට හරි විසදෙන්න ඇති කියලා ඔයාලාගේ. පොස්ට් එක හොදයි වගේ නම් අනිත් අයටත් දැන ගන්න Share කරන්න. ඔයාලාගේ CSC Code එකයි අදාල රටයි දැනට ලැබිලා තිබෙන Update එකයි Comments Section එකේ පල කරන්න. තවත් අලුත් Post එකක් සමගින් එන්නම් හැමෝටම ජය.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here