Press ESC to close

Bioshock Review

Overview

1960 වර්ෂයේ අක්ලන්තික් සාගරය හරහා පියාසර කරමින් තිබූ ගුවන් යානාවක සිදුවූ අනතුරකින් දිවි ගලවාගත් එකම පුද්ගලයා වන්නේ අපගේ චරිතය වන Jack ය. බාහිර ලෝකයෙන් සැඟවී තිබූ underwater city එකක් වූ Rapture ඔහු අනාවරණය කරගන්නේ අහම්බෙනි. Lost city එකක් වැනි Rapture වලට Jack පැමිණීමෙන් පසු විවිධ සතුරන්ට මුහුණදීමට ඔහුට සිදුවේ. Rapture හි වෙසෙන විකෘති මිනිසුන් හා Rapture හි නිර්මාතෘ Andrew Ryan වැනි සතුරන්ට මුහුණදෙමින් Rapture ගවේෂණය කරන Jack ගේ ප්‍රධාන අරමුණ වන්නේ Rapture නගරයෙන් පිටවීම සහ එයට ඇතුළුවීම සඳහා ඔහුට access එක ලැබුණේ කෙසේද? යන්න සොයාගැනීමයි.

Get Your Site Up with A2 Hosting

Rapture සහ Andrew Ryan

Bioshock හි main story plot එකට පැමිණීමට කලින් Rapture නගරය හා Andrew Ryan ගැන අදහසක් ලබාගත යුතුය……

1940 දශකයේදී Rapture නගරය මුහුදු පතුලේ ඉදිකිරීම ආරම්භ වන්නේ ධනවත් ව්‍යාපාරික Andrew Ryan ගේ සැලසුමක් අනුවය.1945 වර්ෂයේදී ඉදිකිරීම අවසන් වන Rapture හි නිර්මාතෘ Andrew Ryan ගේ අරමුණ වන්නේ සමාජයේ ප්‍රභූ ජනතාවට බාහිර ලෝකයේ රජයෙන් බලපෑමක් නොමැතිව ජීවත්වීම සඳහා සියලු සම්පත්වලින් පරිපූර්ණ Utopia වක් එනම් පරමාදර්ශී රාජ්‍යයක් නිර්මාණය කිරීමයි. ඔහුගේ මෙම දර්ශනය මානව සංහතියේ විවිධ අංශවලින්,විශේෂයෙන් විද්‍යාවෙන් දියුණුවීමට මුලපිරීය. Rapture ආශ්‍රිත ප්‍රදේශයෙන් සොයාගන්නා ලද “ADAM” නම් super substance එක මානව සංහතියේ විශාල ඉදිරි පිම්මක් විය. “ADAM” මිනිස් ජාන වෙනස්කළ හැකි ශක්තිමත් substance එකක් විය.ඉන්පසු ADAM හි මෙම සොයාගැනීම plasmids එනම් ADAM භාවිතකර සාදන super serum එකක සොයාගැනීමට දායක විය.ජාන විපර්යාසකාරී super serum එකක් වූ මෙය භාවිතකරන පුද්ගලයන්ට Telekinesis (මනෝචලනය), Pyrokinesis (අග්නිචලනය) වැනි අධිමානසික බලයන් හිමිවිය.මෙම සොයාගැනීම්වලින් පසුව Andrew Ryan විසින් Rapture හි ආරක්ෂාව සඳහාත්, බාහිර ලෝකයෙන් එය සැඟවීම සඳහාත් බාහිර ලෝකය සමග සබඳතා නීතියෙන් තහනම් කළේය.

Rapture හි දියුණුවත් සමග Rapture සමාජයේ ධන විෂමතාවද වර්ධනය විය. කූට ව්‍යාපාරික Frank Fontaine, Rapture හි නිර්ධන පන්තියේ මිනිසුන් වෙත යෙදවූ බලපෑමෙන් නීතිවිරෝධී ව්‍යාපාර ආරම්භ කළේය.වෛද්‍ය Brigid Tenenbaum හා Yi suchong ගේ උදව් ඇතිව ඔහු ඔහුගේම plasmids and gene tonics research company එකක් ආරම්භ කළේය. Fontaine ගේ මෙම නීතිවිරෝධී ක්‍රියා Andrew Ryan ට කෙතරම් බාධාවක් වූවාද කිවහොත් අවසානයේ Ryan ගේ පරම සතුරා Fontaine බවට පත්විය. ADAM සඳහා මිනිසුන්ගේ ඇති ඇබ්බැහිය හා ඒ සඳහා ඉල්ලුම විශාල ලෙස වැඩිවීමත් සමග Fontaine ඔහුගේ නීතිවිරෝධී ක්‍රියා තවදුරටත් ඉදිරියට කරගෙන ගියේය. Rapture හි අනාථ ගැහැනු දරුවන් පැහැරගෙන ගොස් ඔවුන්ගේ සිරුරු තුළ “ADAM” නිපදවන මුහුදු හම්බෙල්ලන් තැන්පත් කිරීම මගින් ඔහු ADAM mass produce කිරීම ආරම්භ කළේය (ADAM නිපදවන මුහුදු හම්බෙල්ලන් සිරුරු තුළ තැන්පත් කෙරුනු මෙම කුඩා ගැහැනු දරුවන් “Little Sisters” ලෙස හැඳින්විණි, Fontaine ගේ උපදෙස් පරිදි මෙම සැත්කම් වෛද්‍ය Tenenbaum විසින් සිදුවුණි). Andrew Ryan හා Frank Fontaine අතර ගැටුම් නිමවූයේ පොලිස් වෙඩි පහරකින් Fontaine මරණයට පත්වීමෙන් පසුවය. ඉන්පසු Ryan විසින් Fontaine ට අයත්ව තිබූ Little sisters ඇතුළු වත්කම් ඔහුගේ යටතට හරවාගන්නා ලදී.

මෙම සිදුවීමෙන් මාස කිහිපයකට පසු නිර්ධන පන්තියේ “Atlas” නම් පුද්ගලයෙක් Andrew Ryan ට විරුද්ධව විප්ලවයක් ආරම්භ කරනලදී.දෙපාර්ශවයම plasmids මගින් enhance වූ මිනිසුන්( Splicers) භාවිතකළ අතර Rapture හි සිවිල් යුද්ධයක් ඇරඹිණි.ඔහුගේ යටතේ පැවති little sisters ලාගේ ආරක්ෂාව සඳහා Ryan විසින් Big daddies ලෙස හැඳින්වූ ජානමය වශයෙන් enhance වූ මිනිසුන් නිර්මාණය කළේය(මෙම Big daddies ලා විශාල කිමිදුම් suit ලෙස සෑදූ armor වලින් සන්නද්ධ වූ ශක්තිමත් enhanced මිනිසුන්ය.ඔවුන්ගේ කාර්යභාරය little sisters ලා escort කිරීම හා ඔවුන් dead bodies වලින් ADAM එකතුකරනවිට ආරක්ෂාව සැපයීමයි).දෙපාර්ශවය අතර සටන climax එකකට ලඟාවන්නේ 1958දී Atlas විසින් Ryan හා ඔහුගේ supporters ලාට all-out assault එකක් order කිරීමත් සමගය.මෙම සටන නිසා කලක් utopia වක්ව පැවති Rapture නගරය අප්‍රසන්න dystopia වක් බවට පත්වේ.තවද සමාජමය බිඳවැටීම්,විශාල සංඛ්‍යාත මරණ, splicers ලා අධික ADAM දුර්භාවිතය නිසා විරූපීවීම හා උමතුවීම ආදියද මෙම සටන නිසා සිදුවිය.සටනෙන් පසු හොඳ සිහියෙන් යුතු survivors ලා කිහිපයක් පමණක් මෙම chaos වලින් ආරක්ෂා වී සිටියහ.

Plot

අපේ චරිතය වන Jack ගේ Rapture ආගමනය සිදුවන්නේ ඉහත කී සිදුවීම්වලින් පසුය.1960 වර්ෂයේ අක්ලන්තික් සාගරය හරහා පියාසර කරමින් තිබූ ගුවන්යානයක් අනතුරට භාජනය වේ.දිවිගලවාගන්නා එකම පුද්ගලයා වන්නේ Jack ය.අසල තිබූ ප්‍රදීපාගාරයකට පිහිනායන ඔහුට Bathysphere එකක්(ගැඹුරු මුහුද නිරීක්ෂණයට යොදාගන්නා ගෝලාකාර යානයක්)දක්නට ලැබේ.මෙමගින් ඔහුව රැගෙනයන්නේ Rapture වෙතය. Bathysphere එක තුළ තිබූ communication radio එකක් මගින් Atlas, Jack ව සම්බන්ධ කරගනී. වෙනම bathysphere එකක සිරකර ඇති ඔහුගේ පවුල Ryan ගෙන් බේරාගැනීමට Jack ගේ උදව් ඉල්ලන Atlas ප්‍රතිඋපකාරයක් ලෙස Jack ට නැවතත් බාහිර ලෝකයට යෑමට උදව්දෙන බවට පොරොන්දු වෙයි.

Jack ගේ පැමිණීමෙන් පසුව Andrew Ryan සිතන්නේ Jack බාහිර ලෝකයේ agent කෙනෙක් බවය. එම නිසා Ryan, Rapture හි විවිධ defense systems, Jack ට එරෙහිව use කරයි. Atlas පවසන්නේ Jack ට survive වීමට නම් plasmids භාවිතකර superhuman abilities ලබාගතයුතු බවත් ඒ සඳහා අවශ්‍ය ADAM සොයාගැනීමට නම් little sisters ලාව ඝාතනය කර ඔවුන් තුළ ඇති ADAM, harvest කරගන්නා ලෙසය.තනිවූ little sister කෙනෙකු harvest කිරීමට සැරසෙන මොහොතේදී Jack වෙත පැමිණෙන වෛද්‍ය Tenenbaum ඔහුට එක්තරා විශේෂ plasmid එකක් ලබාදී පවසන්නේ එමගින් little sister ව ඝාතනය නොකර ඔවුන් තුළ ඇති මුහුදු හම්බෙල්ලාව පමණක් මරාදැමිය හැකි බවත් එසේම එමගින් little sister නැවත සාමාන්‍ය ගැහැනු දරුවෙකු බවට පත්වෙන නමුත් ඔහුට එමගින් ලැබෙන ADAM ප්‍රමාණය harvest කිරීමකට සාපේක්ෂව අඩු බවත්ය(මේ වනවිට වෛද්‍ය Tenenbaum ඇය little sisters නිර්මාණය කිරීම ගැන පසුතැවෙමින් ඔවුන්ව සුවකරමින් ඔවුන්ට මවක් ලෙස සලකන අතර ඇය ඔවුන්ව තම little ones ලෙස හඳුන්වයි).ඉන්පසු විවිධ බාධකවලට මුහුණදෙමින් Atlas ගේ පවුල සිරකරතිබෙන bathysphere එකට Jack ළඟාවනවාත් සමග Ryan විසින් එය විනාශකරයි.මෙයින් අධික ලෙස කෝපයට පත්වන Atlas, Ryan සොයාගෙන ඝාතනයකරන  ලෙස Jack ට උපදෙස් දෙයි.

ඉතින් එතනින් පසු කුමක් සිදුවේවිද? Ryan ඝාතනයකිරීමට Jack ට හැකිවේවිද? Jack හා Andrew Ryan අතර ඇති සම්බන්ධය කුමක්ද? බාහිර ලෝකයෙන් සැඟව තිබෙන Rapture වෙත access එක Jack ට කෙසේ ලැබුණේද? Atlas යනු සැබෑවටම කවුද? මේ ප්‍රශ්නවලට පිළිතුරු සොයාගැනීම ක්‍රීඩකයා වන ඔබට භාරය.

Gameplay

  • ජාන ඉංජිනේරු විද්‍යාවෙන් දියුණු වූ Rapture නගරයේ survive වීමට නම් අප විවිධ weapons හා plasmids වලින් සන්නද්ධ වියයුතුය.ක්‍රීඩාවේදී අපට machine guns,crossbow,pistols,grenade launchers වැනි weapons ද ඒ සඳහා භාවිතකළ හැකි antipersonnel rounds, armor piercing rounds, heat sinking rockets ආදියද ඇත.
  • Superhuman abilities ලබාදෙන plasmids ද ක්‍රීඩකයාට weapons ලෙස use කළ හැකිය. Telekinesis, incinerate, electro bolt, hypnotize big daddy යනු මෙලෙස අපට equip කළ හැකි plasmids වලින් කිහිපයකි. මෙම plasmids use කිරීමට නම් EVE නමැති substance එක අපගේ සිරුරේ තිබියයුතුය. Eve hypos මගින් සිරුරට Eve එන්නත් කරගැනීම කළ හැකිය.
  • Game progress එකට වැදගත්වන විවිධ machines ද Rapture හිදී අපට හමුවේ. Health replenish කරගැනීමට health stations, health kit, eve hypos, ammo ආදිය ලබාගැනීම සඳහා Circus of value machines, plasmid හා plasmid slots ලබාගැනීමට Gatherer’s garden machines වැනි machines සමග අපට interact කළහැකිය. Rapture හි භාවිතවන currencies වන්නේ ADAM හා Rapture Dollars ය. Gatherer’s garden purchases සඳහා ADAM ද circus of value purchases සඳහා Rapture Dollars ද භාවිතකළ හැකිය. එසේම මෙම machines hack කිරීම මගින් products වල මිල අඩුවීම වැනි වාසි ලබාගත හැකිය (gatherer’s garden hack කළ නොහැක).
  • එසේම ක්‍රීඩාවේ ඇති gene tonics නම් ශක්තිජනක පාන වර්ග මගින් ක්‍රීඩකයාගේ offense හා defense, hacking ability ආදිය වැඩිදියුණුකරගත හැකිය. Physical, engineering හා combat ලෙස ක්‍රීඩාවේ gene tonics 3කි.
  • එසේම ක්‍රීඩාවේ හමුවන items අපගේ health, eve ආදිය වැඩිකරගැනීමට, guns සඳහා ammo ලෙස,විවිධ inventions කිරීමටද භාවිතකළ හැකිය.
  • Enemies ගැන සඳහන් කළහොත් Rapture security devices, පස් ආකාරයක splicers හා Bouncer හා Rosie ලෙස දෙආකාරයක big daddies හමුවේ.
  • ක්‍රීඩාවේදී ඔබ පරාජය වුවහොත් එනම්  මිය ගියහොත් එම place එකට ආසන්නයේම ඇති Vita chamber එකෙහි ඔබව respawn වනු ඇත.
  • Bioshock ක්‍රීඩාව දිගු missions 15 කින් සමන්විත වේ. Rapture හි එක් එක් levels වලදී හමුවන little sisters save කිරීම හෝ harvest කිරීම මත ක්‍රීඩාවේ අවසානය තීරණය වේ. එනම් ක්‍රීඩාවේ little sisters සියල්ලම harvest කළහොත් එක් නරක අවසානයක්ද, little sisters harvest කරන අතරම කිහිපදෙනෙකු save කරේ නම් පළමු නරක අවසානයට යම්තරමක් සමාන අවසානයක්ද,ක්‍රීඩාවේ little sisters ලා සියල්ල save කළහොත් හොඳ අවසානයක්ද අපට ලැබේ.

System Requirements

මෙහිදී 2016දී නිකුත්වූ Bioshock Remastered ක්‍රීඩාවට අවශ්‍ය minimum හා  recommended requirements පහතින් සඳහන් කර ඇත…..

SystemMinimumRecommended
CPUIntel E6750 Core 2 Duo (2.66 GHz) / AMD Athlon X2 (2.7 GHz)3GHz Quad-Core
GPU2GB AMD Radeon HD 7770 / 2GB NVIDIA GeForce GTX 6702GB ATI Radeon HD 7970, 2GB NVIDIA GeForce GTX 770 or better
VRAM2GB2GB
RAM4GB8GB
Storage25GB25GB
OSWindows 7 Service Pack 1 (64-bit). Platform Update for Windows 7 SP1 and Windows Server 2008 R2 SP1Windows 7 Service Pack 1 (64-bit). Platform Update for Windows 7 SP1 and Windows Server 2008 R2 SP1

2007 දී නිකුත්වූ First-person shooter ගණයට අයත්වන Bioshock ක්‍රීඩාවේ remastered version එකක් 2016දී නිකුත්විය. වෙනස්ම ආකාරයේ story එකක් සහ game style එකක් සහිත Bioshock ක්‍රීඩාව surrealism based games ප්‍රියකරන ක්‍රීඩකයන්ට කදිම පරිගණක ක්‍රීඩාවකි.

Eshan Amarasinghe

Eshan Loves Gaming and also writes about them, This will help you understand the game better and have an overall good experience.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *