Press ESC to close

HD 4K Video editing වලට Workstation Build එකක්

Video Editing වලට System එකක් හදන්න හිතන් ඉන්න අයට සියළුම තොරතුරු එක්ක ලක්ෂ 2ක් ඇතුලත හදන්න පුලුවන් Workstation එකක් ගැනයි මේ විස්තර කරන්නෙ. මේ ලිපිය Video Editing ගැන තියෙන ගැටළු ගොඩකට පිළිතුරු ගන්න පුලුවන් විදිහට වැඩිදියුණු කරන්න බලාපොරොත්තු වෙනව.

AMD තෝරගන්න හේතුව

Get Your Site Up with A2 Hosting

මේ Build එකට අපි පාවිච්චි කරන්නෙ AMD RYZEN CPU එකක්. දැනට වෙළදපොලේ තියෙන intel සහ AMD CPU වලින් ගෙවන ගානට වැඩිම කාර්යක්ෂමතාවයක් දෙන්න RYZEN CPU වලට හැකියාව තියෙනව. උදාහරණයක් විදිහට intel i7 K Series CPU එකකට සමාන Multi-core performance එකක් RYZEN 5 CPU එකකින් intel වලට වඩා ඉතාමත් අඩු මුදලකට ලබාගන්න පුලුවන්. මේ නිසා Budget එකක් එක්ක වැඩිම Performance තියෙන SYSTEM එකක් නම් 2019 අවුරුද්දෙ මේකට තියෙන හොදම CPU එක AMD විදිහට නම් කරන්න වෙනව.

CPUI7-8700KRYZEN™ 5 2600
Cores / Threads6/126/12
Base Clock3.70 GHz3.40 GHz
Boost Clock4.70 GHz3.9 GHz
Price Rs. 79,500Rs. 37,000

මේ මිළ ගණන් 2019 මාර්තු මස ඒවා බව සලකන්න

ඒ වගේම AMD CPU ගැන විවිධ මත පලවෙනව. මේකෙන් එකක් තමයි AMD CPU රත්වෙනව කියන එක. ඉතින් මේ වගේ දේවල් නිසා CPU එකක් තෝරගන්න බැරුව ඉන්නවනම් මෙන්න මේ Video එක බලන්න.

Video Editing වලට ගැලපෙන Graphic Card එක

Video Editing වලට Windows PC එකකදි වැඩිපුරම පාවිච්චි වෙන්නෙ Adobe premiere Software එක. මෙතනදි බලන්න ඕන දේ තමයි ඒ Software එක හොදින් වැඩ කරන්න උවමනා වෙන Software එකේ නිර්මාතෘ  සමාගම විසින් දීල තියෙන Specification එක. මෙතනදි ADOBE සමාගම Nvidia CUDA තාක්ෂණය පාවිච්චි කරන නිසා Nvidia Graphic Card එකක් වඩාත් සුදුසු වෙනව. ඒ වගේම දැනට තියෙන GTX 960 / 980 GTX 1050/1050Ti වගේ (2GB – 4GB) Card එකක් ප්‍රමාණවත් වෙනව සාමාන්‍ය HD Editing සහ 4K Editing උනත් කරන්න.

Video Editing වලදි Graphic Card එකක් වැදගත් වෙන ප්‍රධාන ක්‍රියාවන් විදිහට

  • Video එක Playback On timeline (Decoding real time)
  • GPU Accelerated Effects
  • Rendering (Encoding)

විදිහට කියන්න පුලුවන්. මේක CPU එකටත් කරන්න පුලුවන් උනාට GPU එකකින් තවත් වේගවත් (Accelerate) කරල දෙන්න පුලුවන්. මේ නිසා සාමාන්‍ය Drone, Camera 4K Footage වලට ඇති උනාට විශේෂ RED CAMERA RAW Footage වගේ ගන්නවනම් මේ GPU තවත් වැඩි කරන්න වෙනව.

4K Editing වලටම හදන SYSTEM එකකට GTX 1050Ti / 1060 වගේ Graphic Card එකක් හොදටම ප්‍රමාණවත් වෙනව. (මේ ගැන වෙනත් අදහස් ඇත්නම් පහත Comment Section එකේ ඒ ගැන විස්තර කරන්න)

Build එකේ කොටස් ලයිස්තුව

ItemDescriptionPrice
CPURYZEN™ 5 2600 Rs. 37,000
MotherboardTUF B450-PLUSRs. 24,000
RAMG.SKILL RIPJAWS V 8GB x 2Rs. 25,000
Graphic CardGTX 1050TI GAMING XRs. 41,500
SSDTRANSCEND 110S NVMERs. 15,500
HDDSEAGATE BARRACUDA 2TBRs. 12,500
Power SupplySILVERSTONE STRIDERRs. 6,500
CasingCOOLER MASTER MASTERBOX K500LRs. 11,500
TotalRs. 173,500

මේ Components සියල්ලම වගකීමක් සහිතව මිළදී ගත්තෙ දෙහිවල nanotek COmputer Solutions Shop එකෙන්.

This slideshow requires JavaScript.

Performance Benchmarks

පහත තියෙන්නෙ මේ System එක test කරන්න ගත්ත benchmarks සහ ඒවල ප්‍රතිඵල. Benchmark එකක් කියන්නෙ Computer එකක හෝ ඕනම උපකරණයක සාපේක්ෂ කාර්යක්ෂමතාවය පිළිබද ප්‍රතිඵල ලබාගන්න පුලුවන් මිණුම් ඒකකයක් විදිහට පාවිච්චි කරන්න පුලුවන් Software එකකට.

Cinebench R 20 – CPU Test

Download – Download from Techspot

Result –  2780 cb

මේ Benchmark එකෙන් බලන්නෙ System එකේ CPU Performance එක. මේකටCPU එක වගේම System RAM, Storage speed වගේ දේවල් බලපානව. මේ Benchmark එක ඔයාගෙ SYSTEM එකෙත් කරල CPU Model එකත් එක්ක Result එක Comment කරන්න පුලුවන් නම් ඒක මේ යටතේ Chart එකක් විදිහට දාන්න පුලුවන්.

Blender CPU & GPU Test

Download Software – https://www.blender.org/download/

Download Test Files – https://www.blender.org/download/demo-files/

Results – CPU – 6.24 min | GPU – 11.01 Min

මෙතනදි Blender 3D software එක CPU එක සහ GPU එක යොදාගනෙ Rendering කිරීමේ වේගය අනුව CPu එකේ සහ Graphic Card එකේ Performance ගැන තීරණය කරන්න පුලුවන්. මේ Benchmark එක ඔයාගෙ SYSTEM එකෙත් කරල CPU Model /GPU Model එකත් එක්ක Result එක Comment කරන්න පුලුවන් නම් ඒක මේ යටතේ Chart එකක් විදිහට දාන්න පුලුවන්.

User Benchmark Test

Link – https://www.userbenchmark.com

Results – View Results

මේ Benchmark එකෙන් සම්පූර්ණ SYSTEM එකම Gaming PC එකක් Dekstop system එකක්  සහ  Workstation එකක් විදිහට Overall performance කොහොමද කියන අදහස ලබාගන්න උදව් කරනව.

Genuine Windows OEM License Key

මේ Build එකට Windows 10 Pro install කලේ OEM Key එකකින්. OEM Key එකක් කියන්නෙ අඩු මිලකට ගන්න පුලුවන් Genuine Windows Activation Key එකක්. Windows වගේම Office 2016 එකත් 25%ක Discount එකක් එක්ක ගන්න පුලුවන් විදිහ දැනගන්න මෙන්න මේ Video එක බලන්න.

 

 

 

Pcguide

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Comments (16)

  • Akika sadaruwansays:

    March 17, 2019 at 7:47 pm

    Ryzen build ekak.gaming walata..hodaida…poddak kiyanna..intel cpu ekakinui rizen ekakinui game play karddi frame rate eke wenas wimak wenawada….

    • Pcguidesays:

      March 17, 2019 at 8:32 pm

      ow. RYZEN ekak Gaming build ekakata hondai. intel CPU wala clock speed eka wadi nisa frames, – 5 – 10 ka wage wenasak tyenna puluwan.

  • Nuwan Pathiranasays:

    March 19, 2019 at 10:11 pm

    මට අලුත් බිල්ඩ් එකක් කරගන්න, ඔයාව කන්ටෑක් කරගන්න ඕන.

  • Kavindu Sapunsays:

    March 20, 2019 at 7:34 am

    Aiya mage lap eka Nitro 5 i5 8300H gtax 1060 version eka….
    eke me test karapuwama perfomance madi wagene…mage eke SSD ekak na…
    WD 5400rpm hard ekak thyenne…8GB ram 2666mhz
    mekata monada krnna puluwan upgrade

    • pcguidelksays:

      April 9, 2019 at 9:28 pm

      මොකක්ද test එක ? HDD එකෙන් Score එක පහලට යනව SSD එකක් නැති නිසා

  • ashara Fernandosays:

    March 27, 2019 at 11:15 am

    මම දැනට පාවිච්චි කරන්නේ මේ pc එක .. (අවුරුදූ 5කට කලින් ගත්තේ )

    Intel Core i7 3770K 3.5Ghz (3rd Generation)
    Gigabyte GA-Z77X-D3H
    Corsair 8GB Vengeance 1600 Mhz CL10 DDR3 module
    Leadtek Quadro 2000D 1GB DDR5
    Coolermaster Hyper 212 Evo air cooler
    Corsair Force GS 128GB SATA 6Gbps SSD
    WD Cavair Black 1TB 7200RPM SATA 6Gbps
    Asus 24X DVD-RW
    Raidmax RX-500AF 500W 80+ Bronze
    Corsair Carbide-series 400R

    මම 3D Rendering කරනවා . මට අලුත් එකකට යන්න ඕනේ ඔය මොකක්ද recommend කරන්නේ කියල කියනවද . මම කැමැති tread-ripper AMD වලට යන්න . Graphics Card එක මොකක්ද හොද . RTX ද නැත්තම් quodro card එකක් හොදද.

    • Pcguidesays:

      April 9, 2019 at 9:22 pm

      Threadripper එක්ක RTX 2060 වගේ Setup එකක් ගොඩක්ම සුදුසු වෙනව. ගෙවන මුදලට උපරිම කාර්යක්ෂමතාවයක් Threadripper එකෙන් ගන්න පුලුවන්. RTX හරහා Raytracing වලට හොදම Acceleration එකක් ගන්න පුලුවන්.

  • Devin mishalsays:

    March 10, 2020 at 3:29 pm

    Aiye oyage kalin build eka rtx 2060 super card eka aran thiduna gigabite ekan eka eka 80k wage una eth nanoteack eka Asus rtx 2060 super card eka 100k wage wanawe aiye brand eka anuwa price eka wenas wenawesa

  • Manilkasays:

    August 16, 2020 at 11:28 pm

    අයියෙ Rs.200000 වගේ අතුලත programming වලට හොඳ laptop එකක් කියන්න පුලුවන්ද..?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *