Press ESC to close

Windows 10 Download කරමු

අලුත් PC එකක් Assemble කරාම, එහෙමත් නැත්නම් තියෙන PC එකක් Format කරාට පස්සෙ දැනට තියෙන අලුත්ම Windows 10 සංස්කරණය Install කිරීමෙන් වාසි ගොඩක් ලබාගන්න පුලුවන්.

මින් ප්‍රධානම දේ තමයි පරණ OS version එකක් දැම්මම Updates විශාල ප්‍රමාණයක් Download වීම. අනික් දේ තමයි අලුත්ම OS version එක හරහා ලැබෙන අලුත්ම Features සහ ආරක්ෂාව. මේ ලිපියෙන් පැහැදිලිව පියවරෙන් පියවර  අලුත්ම Windows ISO file එක Download කරගන්න හැටි විස්තර වෙනව.

Get Your Site Up with A2 Hosting

1. Micosoft Download page එකට යමු

මෙන්න මේ Link එක හරහා Windows 10 Download page එකට යන්න.

2. මෙතනින් Download Tool තෝරන්න. දැන් 20MB විතර වෙන Media creation Tool නම් exe file එකක් Download වෙනව.

3. මේක Download වෙලා ඉවර උනාම ඒ exe file එක Double click කරල ISO file එක Download කරන්න පටන් ගන්න පුලුවන්.

3. පළමුව එන Agreement එක Accept කරන්න.

4. මීලගට Create installation media තෝරන්න

5. මීලගට එන්නෙ ඔබට අවශ්‍ය වෙන Windows 10 version එක තෝරගන්නයි. මෙතනදි

  • Language – English (united states)
  • Edition – Windows 10
  • Architecture – 64 bit තෝරන්න (අලුත් PC එකක් හෝ අවම 8GB RAM – Quad core CPU තියෙනවනම් 64bit එක තෝරගන්න – නැත්නම් 32 bit එක තෝරගන්න)

6. දැන් ISO තෝරන්න. මීලගට මේ 4GB විතර වෙන ISO file එක Save කරන්න location එක දෙන්න. මේ ISO එක දැන් USB boot drive එකක් හෝ Bootable DVD එකක් හදාගන්න පාවිච්චි කරන්න පුලුවන්.

ISO එකෙන් Bootable USB එකක් හදාගන්න හැටි පහත Video එකෙන් විස්තර කෙරෙනව.

Pcguide

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Comments (7)

  • Vimukthi Madushankasays:

    March 25, 2019 at 9:13 am

    Aiye..Mage danata thiyenne Windows 10 Enterprise eka.mata eeka Windows gahanne nathuwa Windows 10 Professional karaganna barida..??

    • Pcguidesays:

      April 9, 2019 at 9:24 pm

      බැහැ. Full format එකක් දෙන්න වෙනව. දැනට තියෙන OS එකෙන් වැඩකරන්න ගැටළුවක් නැත්නම් තියාගන්න. Enterprise එකේදි Options ටිකක් වැඩි වෙනව.

  • Chanakasays:

    April 11, 2019 at 6:23 pm

    Aiye man windows 10 danna yaddi c partision eka witharak format karata windows 10 instrall karanna den nane.select disk can not instrall windows kiyala watenawane.partition table poblem kiyala watenawa.makakda karanna one?

  • Sithumsays:

    May 4, 2019 at 6:00 pm

    Mage PC eka on karapu welawta eke brand eka tika welawak thibila akuru tikak watenawa witharai . Ekata mama mokada karanne?

  • Hiroshanasays:

    February 13, 2022 at 3:54 pm

    ප්‍රියදර්ශන අයියේ.
    මගේ තියෙන්නේ windows 11 මම windows 10 වල ඉදන් තමා දාගත්තේ microsoft page එකෙන් upgrade එකක් විදියට ගත්තේ.
    මගේ මුකුත් නැති වෙන්නේ නැති විදියට තමා windows 11 දැම්මේ.
    මට ආයේ windows 10 වලට යන්න ඕනේ 🥲.
    මගේ files, app මුකුත් නැති වෙන්නේ නැති විදියට ආයේ windows 10 වලට යන්නේ කොහොමද.
    Please පොඩි help එකක් දෙන්න පුලුවන්ද.

    Windows 11 ගහල දැන් හෙන බර කාලයක් වෙනවා.
    මේ දැන් සති තුනක වගේ ඉදන් computer එකේ wifi on කරලා crome එකට ගියහම cpu ඒක 100% usage ඒක එනවා.
    ඊට පස්සේ task managed එකට ගිහින් තමා task ඒක end කරන්නේ.
    Crome ඒක දැන් තුන් හතර පාරක් ම delete කරලා ආයේ දැම්ම.
    එත් හරි යන්නේ නැහැ.

    මොකක්ද වෙලා තියෙන්නේ කියලා හිත ගන්න බැහැ. ඒ හින්ද කෝකටත් කියලා ආයේ windows 10 වලට යනවා.

    මට windiws 10 වලට යන්න ක්‍රමයක් කියලා දෙන්න පුලුවන්ද. ( මුකුත්ම නැති නොවෙන විදියට )

Leave a Reply

Your email address will not be published. Required fields are marked *