Home Tutorials Facebook Cover Photo එකට high Quality photo එකක් අප්ලෝඩ් කරමු
Tutorials

Facebook Cover Photo එකට high Quality photo එකක් අප්ලෝඩ් කරමු

Share
blank
Share

Facebook කියන්නේ ගොඩක් දෙනා දන්නා සමාජ ජාල වෙබ් අඩවියක්. ඉතින් ගොඩක් කට්ටිය කැමතියි තමන්ගේ Facebook ප්‍රොෆයිල් එක හා cover එකට ලස්සන පින්තුරයක් එකතු කර ගන්න. ගොඩක් අය කවර් එකට පින්තූරයේ දානකොට ඒ පින්තූරයේ Resolution (රෙසොලුෂන්) ගැන සැලකිලිමත් වෙන්නේ නෑ…. අපි බලමු කොහොම ද ගොඩක් හොද පින්තුරයක් තමන්ගේ Cover එකට අප්ලෝඩ් කරන්නේ කියල.

ෆේස්බුක් කට්ටිය කියන විදයට අප්ලෝඩ් කරන කවර් පොටෝ එකක් 100Kb කට Compress කරනවා (හකුලනවා) කියල. එක නිසා පින්තූරයේ තියෙන Quality එක අඩු වෙනවා. මේකට විසඳුමක් ෆේස්බුක්ලම දීල තියෙන නිසා අපිට පුළුවන් ඒ අය කියන ප්‍රමාණයට පින්තුරයක් අප්ලෝඩ් කරන්න. ඒක ටිකක් අමාරු වැඩක්. එහෙනම් ඒ අමාරු වැඩේ ලේසියෙන්ම පොටෝෂොප් පාවිච්චි කරල කරමු.

https://www.facebook.com/help/266520536764594 මේ ලින්ක් එකට ගිහින් පහළ පින්තූරයේ තියෙන පුළුවන් විස්තරය බලා ගන්න.


කවර් පොටෝ එකක ප්‍රමාණය 851px X 315px නිසා පොටෝෂොප් වලින් ඒ සයිස් එකට ගැලපෙන කැන්වස් එකක් හදාගන්න ඕනේ. පහල තියෙන විදියට New Canvas එකක් හදා ගමු.

  • File > New (අලුත් කැන්වස් එකක් හදා ගන්න)

  • මතුවන සංවාද කොටුවේ Name යටතේ කැමති නමක් ලබා දෙන්න.
  • Width යටතේ 851 හා Hight යටතේ 315 අගයක් ලබා දෙන්න. (මතක ඇතුව Unit එක Pixel කියල තෝරලා ඉන්න.
  • Resolution කියන තැන 72 ලබා දෙන්න.
  • Color Mod එක RGB හා ඊට ඉදිරියෙන් ඇති bit depth එක 8bit යන්න තෝරන්න. (ෆේස්බුක් සඳහා සහය දක්වන්නේ එම අගයන් වීමයි.
  • Advance යටතේ ඇති Color Profile එක sRGB හෝ Working RGB ලෙස පැවතිය යුතුයි.
    මෙසේ සකස් කරගත් පසු ok බටන් එක ක්ලික් කරන්න.
    මතුවන කැන්වසය තුළ ඔබේ පින්තූර එකතු කර ගනිමින් පින්තුරයක් සකස් කර ගන්න.

  • දැන් File > Save ගොස් සේව් කිරීමට අවශ්‍ය ස්ථානය තෝරා Save ක්ලික් කරන්න. File Name යටතේ කැමති නමක් ලබා දෙන්න. Save as Type යටතේ JPEG තෝරන්න.

  • ඉන්පසු මතු වන සංවාද කොටුවේ Preview ස්ථානයට යටින් පින්තූරය සේව් වන kb ගණන පෙන්වයි. එය 100k හෝ ඊට ටිකක් අඩු විය යුතුයි. එය 100 k වලට වඩා වැඩි නම් දකුණු පස ඇති Slider Bar එක එහා මෙහා කිරීම මගින් 100k සහ 90k අතර ගණනක් දක්කවා රැගෙන එන්න. ඊට පහළින් Baseline (“Stranded”) තෝරන්න.

  • දැන් ok ක්ලික් කර එය කවර් පින්තූරය ලෙස අප්ලෝඩ් කරන. කිසිදු වෙනසකින් තොරව තිබු ආකාරයම අප්ලෝඩ් වේ.

වෙනස්ම ආකාරයක Cover Photo එකක් හදා ගන්න කැමතිනම් පහළින් Comment කරන්න.

Share
Written by
Asiri

Tech writer & designer - kuliyapitiya

2 Comments

Leave a Reply

Related Articles

කෘතීම බුද්ධිය (Artificial Intelligence) – පරිගණක දෘඩාංග පාඩාම් මාලාව අංක 4

කෘතීම බුද්ධිය (Artificial Intelligence) මානව පරිණාමයේදී මානවයාගේ බුද්ධිය ක්‍රම ක්‍රමයෙන් ඉහළ යාමත්...

පරිගණක දෘඩාංග පාඩාම් මාලාව අංක 3

පරිගණක පරම්පරා (Computer Generation) First Generation (පළමු පරම්පරාව) (1951-1958) පරිගණක ඉතිහාසයේ පළමු...

පරිගණක දාඩාංග පාඩාම් මාලාව අංක 1

පරිගණකයක් යනු පරිගණකයක් යනු, ඊට ලබා දෙනු ලබන(input) දත්ත(data) සහ විධාන (commands)...

පරිගණක ඉතිහාසය (History of Computer) – පරිගණක දෘඩාංග පාඩම් මාලාව 02

පරිගණක ඉතිහාසය (History of Computer) ආදිතම මිනිසා දඩයම් යුගයේ සිට එඩේර යුගය...