Press ESC to close

කෘතීම බුද්ධිය (Artificial Intelligence) – පරිගණක දෘඩාංග පාඩාම් මාලාව අංක 4

කෘතීම බුද්ධිය (Artificial Intelligence)

Get Your Site Up with A2 Hosting

මානව පරිණාමයේදී මානවයාගේ බුද්ධිය ක්‍රම ක්‍රමයෙන් ඉහළ යාමත් සමග මිනිසා තම බුද්ධිය මෙහෙයවා තම කාර්යයන් ඉටු කර ගැනීමට පෙළඹුනි. විවිධ නිර්මාණ කරමින් යන්ත්‍ර සූත්‍ර බිහි කළ අතර බුද්ධියක් සහිත යන්ත්‍ර බිහි කිරීමට පටන් ගැනීම ආරම්භ විය. ඒ අතරින් පරිගණකය බිහි වීම සහ ඒ සමග බුද්ධිමත් යන්ත්‍ර එනම් තමාටම තීරණ ගත හැකි යන්ත්‍ර වන රොබෝවරුන් , විශේෂිත මෘදුකාංග, අභ්‍යවකාශ ක්ෂේත්‍රයට අදාල යන්ත්‍ර සූත්‍ර හා ගුවන් යානා ආදිය බිහි වීම තාක්ෂණික ක්ෂේත්‍රයේ ස්වර්ණමය අවස්ථාවන් විය. අප විශාල වශයෙන් භාවිතා කරන Windows මෙහෙයුම් පද්ධතියේ ඇති Cortana, Apple මෙහෙයුම් පද්ධතියේ ඇති Siri, Android මෙහෙයුම් පද්දතියේ ඇති Google Assistant හා Bixby වැඩසටහන් හැදින්විය හැකිය.
සරලව ගත් කළ යන්ත්‍රයක් හෝ මෘදුකාංගයක් පෙන්නුම් කරන බුද්ධිමය හැකියාව කෘතිම බුද්ධිය ලෙස සලකන අතර එසේම බුද්ධිමය යන්ත්‍ර බිහිකිරීම හා ඒ හා අදාළ පරිගණක හා මෘදුකාංග නිර්මාණය පිළිබඳ හැදෑරීමේ විෂය ක්ෂේත්‍රය ද මෙලෙස හඳුන්වනු ලැබේ. මෙහි උපත 1943-1956 කාලයට දිව යයි. (උදාහරණ ලෙස- Allen Turing: Turing machine and Turing test ).

මිනිසා සතුව ඇති බුද්ධිමය හැකියාව පිළිබඳව අධ්‍යයනය කිරීමේදී ලක්ෂණ රාශියක් ඇති බවට හඳුනාගත හැකි අතර මෙම ලක්ෂණ යන්ත්‍ර මගින් ඉදිරිපත් කිරීමේදී විවිධ තාක්ෂණික ක්‍රම ද යොදා ගැනේ.

understanding spoken natural language-භාෂා හඳුනා ගැනීමේ හැකියාව, medical diagnosis-රෝග නිශ්චය, circuit design, සැලසුම් සකස් කිරීම, learning ඉගැනීම, self-adaptation, reasoning, තර්කනය, තාර්කික හැකියාව, chess playing, proving math theories, විශ්ලේෂණය, චින්තනය, චලනය , දැනුම,වැනි ගුණාංග වලින් හෙබි මෘදුකාංග මෙන්ම යන්ත්‍ර ද අපට දැක ගත හැක. හඬ හඳුනා ගැනීම, රූපය හඳුනා ගැනීමද මේ අතර වේ. තවද වෛද්‍ය විද්‍යාවේ දී සියුම් සැත්කම් සිදුකරන රොබෝ වරුන්, අධි තාක්ෂණයෙන් හෙබි වාහන , නියමුවන් රහිත ගුවන් යානා දැක ගත හැකිවේ. මේ සියල්ල කෘතිම බුද්ධියේ ප්‍රථිඵල වේ. මේ සඳහා යොදා ගන්නා තාක්ෂණික ක්‍රම කිහිපයකි;

1.Artificial Neural Networks
2.multi-agent systems
3.cellular automata
4.rule-based systems
5.case-based reasoning
6.Genetic Algorithms
7.Reinforcement Learning
8.Fuzzy logics
9.Experts Systems
10.hybrid systems
11.swarm intelligence

Asiri

Tech writer & designer - kuliyapitiya

Comments (1)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *