Press ESC to close

පරිගණක ඉතිහාසය (History of Computer) – පරිගණක දෘඩාංග පාඩම් මාලාව 02

පරිගණක ඉතිහාසය (History of Computer)

ආදිතම මිනිසා දඩයම් යුගයේ සිට එඩේර යුගය දක්වා පියමන් කරන විට ක්‍රමයෙන් නොයෙක් ආකාරයේ ගණිතකර්ම සිදු කරන්නට සිදු කරන්නට විය.මුලින්ම දෑතයේ හා පාදයේ ඇඟිලි මේ සඳහා යොදා ගත්තද ඒ සඳහා විවිධ සීමාවන් පැවතුනි. මේ නිසා විවිධ උපකරණ නිපදවා ගණිත කාර්ම කර ගැනීම පෙළඹිණි. එහි විකාශනයේ කාලපරිච්චේද කිහිපයක් යටතේ දැක්විය හැකිය.
1.පුර්ව යාන්ත්‍රික යුගය (1450 ට පෙර)
2.යාන්ත්‍රික යුගය (1450 – 1840)
3.විද්‍යුත් යාන්ත්‍රික යුගය (1840 -1940)
විද්‍යුත් යුගය (1940 සිට අද දක්වා

මුල් යුගයේ ගණන ආධාරක

මුල් යුගයේ ගණන ආධාරක

Get Your Site Up with A2 Hosting
  • ඇබකසය

තම ගණිත කටයුතු පහසු කරගැනීම සඳහා භාවිතය ගත සරල ආකාරයේ වූ උපකරණයකි . බොහෝ දෙනාගේ අදහස වන්නේ ඇබකසය අද භාවිත වන පරිගණයේ මූලික අඩිතාලම වූ බවයි. මෙය ක්‍රි.පූ. 3000 කට පමණ පෙර ලෝකයේ විවිධ ජාතීහු ගණිතකර්ම සිදු කර ගැනීම සඳහා භාවිත කළ බව පැවසේ. චීනය, ජපානය, උතුරු ඇමරිකාව වැනි රටවල් ගණිතකර්ම සඳහා ඇබකසය භාවිත කරනු අද දක්නට ලැබේ.

  • නැපියර්ගේ ඇත්දළ තීරු (Napier’s bones)

1617 දී ස්කොට්ලන්ත ජාතික ජෝන් නැපියර් ලඝු ගණක සිද්ධාන්තය ලොවට හදුන්වා දෙන ලදී. සංඛ්‍යා ගුණ කිරීමේ ක්‍රියාවලිය ලඝු ගණක භාවිත කරමින් පහසුවෙන් සිදුකිරීමට පරිවර්තනය කළ හැකිය. ලඝු ගණක භාවිතයෙන් ගැටළු විසදීමේදී ලඝු ගණක භාවිත කළ යුතුය. ජෝන් නැපියර් විසින් මේ සඳහා ලඝු ගණකයේ අගයන් ඇත් දළ තීරු වල සටහන් කරමින් විකල්ප ක්‍රමයන් හදුන්වාදෙන ලදී. ලඝු ගණක අගයන් සටහන් වූ මෙය ඇත්දළ තීරු (Napier’s Bones) ලෙසින් හඳුන්වනු ලැබේ.
මෙම සංකල්පය භාවිතා කරමින් 1632 දී පමණ එංගලන්තයේ දී සර්පත රූල නිර්මාණය කරන ලදී.

  • ආකලන යන්ත්‍රය / Adding Machine / පැස්කල් ගේ ගණක යන්ත්‍රය

1642 වර්ෂයේ ප්‍රංශ ජාතික ගණිතඥයෙකු වූ බ්ලේස් පැස්කල් (Blaze Pascal) විසින් ගණිත කටයුතු තව දුරටත් පහසුවෙන් සිදු කරගැනීමට හැකි වූ ආකලන යන්ත්‍රයක් (Adding Machine) නිර්මාණය කරන ලදී. මෙම උපකරණය භාවිත කිරීමෙන් එකතු කිරීම හා අඩු කිරීම පහසුවෙන් සිදු කළ හැකිය. මෙම උපකරණය පැස්කලයින් (Pascale) ලෙස ද හැදින්විය හැකිය.

  • Step Reckoner

1674 ජර්මානු ජාතික ගණිතඥයෙක් වූ ගොටෆ්‍රීඩ් විල්හෙම් (Gottfried Wilhelm) විසින් බ්ලේස් පැස්කල් යන්ත්‍රය තවදුරටත් දියුණු කර එකතු කිරීම්, අඩු කිරීම් පමණක් නොව බෙදීම සහ ගුණ කිරීම යන ගණිතකර්ම සඳහා ද දියුණු කරන ලදී. මොහු විසින් වැඩි දියුණු කරන ලද යන්ත්‍රය Step Reckoner නමින් හැඳින්වේ.

  • Deference Engine

1822 දී ඉංග්‍රීසි ජාතික චාල්ස් බැබේජ් (Charles Babbage) මහතා විසින් පළමු යාන්ත්‍රික පරිගණකය සඳහා අවශ්‍ය කරන ආකෘතියක් නිර්මාණය කරන ලද අතර එය Deference Engine ලෙසින් නම් කරන ලදී. යුරෝපයේ සිදු වූ කාර්මික විප්ලවය සමග විවිධ යන්ත්‍ර සුත්‍ර නිර්මාණය විය. රෙදි විවීමේ කාර්යය පහසු කර ගැනීමට සඳහා ප්‍රංශ ජාතික ජෝෂප් ජැකුවාඩ් (Joseph Jacquard) මෙහි සිදුරු කරන ලද කාඩ්පත් භාවිතයෙන් (Punch Card System) රෙදි වල විවිධාකාර රටා නිර්මාණය කිරීමට ඔහු සමත් විය. චාල්ස් බැබේජ් විසින් 1833 දී පමණ නිර්මාණය කරන ලද ඇනලිටිකල් එන්ජින් (Analytical Engine) සඳහා මුලික අඩිතාලම වැටුනේ මෙම සිදුරු පත් සංකල්පයයි. කෙසේ වුවද එම කාලයේ තිබු තාක්ෂණික දැනුමෙන් චාර්ල්ස් බැබේජ් ඔහු සිතු ආකාරයෙන් ඇනලිටිකල් යන්ත්‍රය නිපදවීම අවස්ථාව උදා කර ගැනීමට නොහැකි විය.

මෙම යන්ත්‍රයේ සැළසුම් ක්‍රියාකාරිත්වය සලකා බැලීමේදී දක්නට ලැබෙන විශේෂ ලක්ෂණය වන්නේ එහි දත්ත ආදානය, තැන්පත් කිරීම, සකස් කිරීම හා ප්‍රතිධානය යන කාර්යයන් සිදු කිරීම සඳහා අවශ්‍ය කරන උපාංගයන් අන්තර්ගතව පැවතීමයි. පසු කාලීනව නිර්මාණය කරන ලද පරිගණක තුළ මෙම අංග සියල්ල අඩංගු විය. අද අප භාවිතා කරන පරිගණක තුළ මෙම අංග එසේම අඩංගු වී ඇති අතර, තාක්ෂණික හැකියාවන් දියුණු කර ඇත. ඒ අනුව පරිගණකයේ පියා ලෙස චාල්ස් බැබේජ් නම් කරන ලදී.

එමෙන්ම චාර්ල්ස් බැබේජ්ගේ මිතුරියක වූ ඇඩා ඔගස්ටා ලව්ලෙස් (Ada Augusta Lovelace) ඔහුගේ මම යන්ත්‍රය සඳහා අවශ්‍ය කරන වැඩසටහන් සකස් කිරීම සඳහා උනන්දු විය. මෙය පරිගණක ක්‍රමලේඛන සකස් කිරීම සඳහා දරණ ලද ප්‍රථම උත්සාහය ලෙස සලකන ලදී. එබැවින් ඇඩා ඔගස්ටා ලව්ලෙස් ලෝකයේ ප්‍රථම පරිගණක වැඩසටහන් ශිල්පිණිය ලෙස හඳුන්වනු ලැබේ.
පසු කාලීනව හමුදා කටයුතු සඳහා භාවිත කරනු ලබන පරිගණක භාෂාවක් වන ada පරිගණක භාෂාව ඇයට ගෞරව කිරීමක් වශයෙන් ඇයගේ නමින් කරන ලදී.

  • හොර්වර්ඩ් එයිකන් මාර්ක් 1 යන්ත්‍රය (Mark 1)

චාල්ස් බැබේජ් හදුන්වා දුන් සංකල්පය වැඩි දියුණු කරන්නට දැරූ උත්සාහයක් වශයෙන් 1937 දී හාර්වර්ඩ් විශ්ව විද්‍යාලයේ හෝවර්ඩ් එයිකන් (Howard Aiken) සහ IBM සමාගමේ සේවයේ කළ ඔහුගේ මිතුරන්ට Automatic Sequence Controlled Calculator (ස්වයංකරණ අනුක්‍රමික පාලන ගණක යන්ත්‍රය) නම් වූ උපකරණය නිර්මාණය කිරීමට හැකි විය. මෙය පසුව මාර්ක් 1 ලෙසින් නම් කෙරිණි.

  • ENIAC

(Electronic Numerical Integrator and Computer) ප්‍රථම ඉලෙක්ට්‍රෝනික පරිගණකය
1946 පෙනිසිල්වේනියා විශ්ව විද්‍යාලයේ විද්‍යුත් ඉංජිනේරු අංශය වූ මූර් පාසලේ දී ලොව ප්‍රථම විද්‍යුත් සංඛ්‍යාංක පරිගණකය නිර්මාණය කරන ලදී. ඒ සඳහා ජෝන් ප්‍රේස්පර් එකර්ට් (J. Presper Eckert) සහ ජෝන් විලියම් මුච්ලි (Jone W. Mauchly) විද්‍යාඥයින් සම්බන්ධ වූ අතර එම පරිගණකය ENIAC නමින් හදුන්වනු ලැබේ. 1906 ලී ද ෆොරස්ට් (Lee de Forest) විසින් සොයා ගනු ලැබූ රිත්තක නල 18000 පමණ යොදා ගන්නා ලදී. මෙම පරිගණකය තත්පරයක් තුළ දී ගණිතකර්ම 5000 පමණ කර දීමේ හැකියාවක් සහිත විය. නමුත් ප්‍රමාණයෙන් ඉතාම විශාල වීම මෙහි දක්නට ලැබුන ප්‍රධාන දුර්වලතාවයයි. එමෙන්ම අධික උෂ්ණත්වය නිසා නිතර නිතර දැවී යන රිත්තක නල මාරු කිරීමට සිදු විය. විදුලි බලය අධික ලෙස අවශ්‍ය විය.

  • EDVAC (Electronic Discrete Variable Automatic Computer)

ප්‍රථම ගබඩා කළ ක්‍රමලේඛණ යොදා ගත් පරිගණක
1949 නිපද වූ මෙම යන්ත්‍රය ගබඩා කළ ක්‍රමලේඛණ යොදාගත් මුල්ම ආංකිත පරිගණකය ලෙස සැලකේ. EDVAC පරිගණකය නිපද වීමට දායක වූ ජෝන් ප්‍රෙස්පර් එකර්ට් සහ ජෝන් විලියම් මූචලි විද්‍යාඥයන් විසින් මෙම පරිගණකය නිපද වීමට සමත් විය.

  • UNIVAC – 1 (Universal Automatic Calculator)

1950 රෙමින්ටන්ග් රෑන්ඩ් (Remington Rand) ආයතනය විසින් නිෂ්පාදනය කරනු ලැබූ UNIVAC – 1 (Universal Automatic Calculator) තත්පරයක් තුල ගණනය කිරීම් 10000 පමණ කිරීමේ හැකියාව තිබුණි. ලොව ප්‍රථම වාණිජමය පරිගණකය මෙය විය.

  • IBM 704

1957 වසරේ දී International Business Machine Corporation (IBM) ආයතනය විසින් නිර්මාණය කරන ලද IBM 704 පරිගණකයට තත්පරයක් තුළ දී ගණනය කිරීම් 100000 පමණ ඉටු කර දීමේ හැකියාව තිබුණි.

Asiri

Tech writer & designer - kuliyapitiya

Comments (1)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *