Home Tech News Internet ශ්‍රී ලංකාවට නිල වශයෙන් Starlink හඳුන්වාදීමට සූදානම් වේ!?
InternetTech News

ශ්‍රී ලංකාවට නිල වශයෙන් Starlink හඳුන්වාදීමට සූදානම් වේ!?

Share
blank
Share

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) පසුගියදා නිවේදනය කරා ඔවුන් විසින් Starlink අන්තර්ජාල සේවාව දිවයිනට හඳුන්වා දීම සඳහා මූලික සාකච්ඡා මේ වනවිට පවත්වමින් සිටින බව. මේ සේවාව ඉක්මනින් හඳුන්වා දෙන්න අවශ්‍ය වන නියාමන හා පූර්ව අවශ්‍යතා වලට මේ සාකච්ඡා වට වලදී අවධානය යොමු වුනා කියල TRCSL සඳහන් කරලා තියනවා.

Starlink කියන්නෙ Elon Musk ගෙ SpaceX ආයතනය යටතේ තියෙන චන්ද්‍රිකා හරහා අන්තර්ජාල සේවා සපයන ආයතනයක්. මේ සමාගමේ මූලික ඉලක්කය වෙන්නෙ නිසි අන්තර්ජාල ප්‍රවේශයක් නැති පිරිස් වලට චන්ද්‍රිකා හරහා වේගවත් අන්තර්ජාල සේවාවක් ලබාදීමයි. පාරිභෝගිකයන්ට කෙලින්ම Starlink satellite dish එකක් භාවිතයෙන් ඔවුන්ගේ සේවාව ලබාගන්න පුලුවන්.

Starlink සතුව මේ වෙද්දිත් කක්ෂයේ චන්ද්‍රිකා 1000කට අධික සංඛ්‍යාවක් තියනවා. මිලිතත්පර 20 සිට 40 දක්වා ඇති latency එකක් එක්ක 50 – 150Mbps වේගයක් ලබාදෙන්න Starlink වලට මේ වෙද්දි හැකියාව තියනවා. මේ පරාසය 100 – 200Mbps දක්වා ඉක්මනින්ම වැඩි කරන්නත් 2021 අන්තිම වෙද්දි 300 Mbps උපරිම වේගයක් ලබාගන්නත් හැකිවේවී කියල Elon Musk බලාපොරොත්තු වෙනවා. මේක ලෝකයේ තියන හුඟක් අන්තර්ජාල සේවාවක් සමග තරඟ කරන්න පුලුවන් වේගයක්. විශේෂයෙන් ලංකාවෙ අන්තර්ජාල සේවා වල තියන විකාර සීමාවන් එක්ක බලද්දි මේ වගේ සේවාවක් ලංකාවට ලැබුනොත් ඒක ලොකු වාසියක් වේවී.

2020 අගභාගයේදී Starlink සේවාවේ බීටා සේවාව ඇමරිකාවේ උතුරු ප්‍රදේශ වලටත්, කැනඩාවටත්, යුරෝපයේ සමහර රටවල් වලටත් හඳුන්වාදුන්නා. මේ අවුරුද්දෙ සැප්තැම්බර් වෙද්දි ලෝකය පුරා මේ සේවාව සක්‍රීය කරන්න Starlink සැලසුම් කරත් ඒක සාර්ථක කරගන්න තවමත් හැකිවෙලා නෑ. තවමත් ලෝකයේ තෝරාගත් කලාප කිහිපයකදී පමණයි Starlink සේවාව ලබාගන්න පුලුවන්. තවත් රටවල් වලින් නියාමන අනුමැතිය Starlink විසින් බලාපොරොත්තු වන බව Elon Musk විසින් ප්‍රකාශ කරල තියනවා.

මේ නියාමන අනුමැතිය ලබාගන්න බලාපොරොත්තු වෙන එක රටක් තමයි ශ්‍රී ලංකාව. මේ සේවාව හඳුන්වාදීම රටේ අන්තර්ජාලය භාවිතා වෙන විශේෂ අවස්ථා දිරිගන්වන්න හේතු වේවී කියලා TRCSL හි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා බලාපොරොත්තු වෙනවා. කොහොම උනත් මේ වගේම ලංකාවට හඳුන්වාදෙන්න සූදානම් වුන Google Loon බොරුවත්, වසරකට වරක් හරි කතා වෙන PayPal පහසුකම සම්පූර්ණයෙන් ශ්‍රී ලංකාවට ලබාදෙන කතා ආදියත් නිසා මේ Starlink සේවාව ගැනත් මහජනතාවගේ හිතේ සැකයක් ඇතිවෙලා තියනවා.

මේ Starlink සේවාව හඳුන්වාදීමේ තවත් ප්‍රශ්නයක් වෙන්නෙ ඒ සේවාවේ මිල ගණනුයි. මේ සේවාවට අවශ්‍ය satellite dish එක ඇතුලු අනෙකුත් hardware ඇති kit එකේ සාමාන්‍ය මිල ඇමරිකානු ඩොලර් 500ක් වෙනවා, ඒ කියන්නෙ රුපියල් ලක්ෂයකටත් අධික මුදලක්. ඒ වගේම අන්තර්ජාල සේවාව ලබාගන්න මාසෙකට ඩොලර් 99ක් ඒ කියන්නෙ රුපියල් 20,000 වැඩි මුදලක් ගෙවන්න සිදු වෙනවා. නමුත් මේ මිල ගණන් වලට ලංකාවෙ ඉන්න ISP ලත් මේ වෙද්දි unlimited packages ලබා දීම සිදු කෙරෙනවා. නමුත් ඒවගෙ speed එකනම් Starlink වලට වඩා අඩුයි.

දැන් තියෙන තත්වය අනුව Starlink සේවාව පලවෙනි මාසයේදී ලබාගන්න රුපියල් 120,000 කට අධික මුදලක් ගෙවන්න පාරිභෝගිකයන්ට සිදු වෙනවා. ඒ අනුව මේ සේවාව ලංකාවට හඳුන්වා දුන්නත් එය ලබාගන්න පුලුවන් වෙන්නෙ සීමිත පිරිසකට විතරයි. කෙසේ වෙතත් මේ මිල ගණන් පිලිබඳ ප්‍රශ්නය නිකාරණය කිරීමට TRCSL සතුව කිසියම් සැලසුමක් තියෙනවද කියලනම් ඉස්සරහට තමයි බලාගන්න වෙන්නේ.

Share
Written by
Pasindu Ruwandeniya

An internet kid who loves open-source software and new technologies.

4 Comments

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...