Press ESC to close

පරිගණක දෘඩාංග පාඩාම් මාලාව අංක 3

පරිගණක පරම්පරා (Computer Generation)

  • First Generation (පළමු පරම්පරාව) (1951-1958)

පරිගණක ඉතිහාසයේ පළමු පරම්පරාවෙ දී පරිගණක circuits සඳහා රික්ත කපාට (Vacuum tubes) memory සඳහා magnetic drums ද යොදා ගනිමින් පරිගණක නිර්මාණය කිරීම ආරම්භ විය. ඒවා ප්‍රමාණය අතින් ඉතා විශාල වූ අතර මිලෙන් ද අධික විය. තවද එම පරිගණක වල දෝෂ සහගත තත්වයන්ද අධික විය.

පළමු පරම්පරාවෙහි පරිගණක් වරකදී එක් කාර්යක් පමණක් සිදු කල අතර ඒ සඳහා ඔවුන් machine language (ද්වීමය සංඛ්‍යා Binary code) නමැති ක්‍රමවේදය භාවිතා කරන ලදී

Get Your Site Up with A2 Hosting

ENIAC

පළමු විද්‍යුත් පරිගණකය – 1946 දී J.Presper Eckert හා John Mauchly, “ENIAC” (Electronic Numerical Integrator & Calculator) නම් වු පළමු විද්‍යුත් පරිගණකය රික්තක කපාට උපයොගී කරගෙන නිපදවන ලදි. John Von Neumann විසින්, අභ්‍යන්තර ගණනය කිරීම් සඳහා ද්වීමය සංඛ්‍යා පද්ධතියක් පිළිබඳව යෝජනා කරන ලදී. Stored program සංකල්පය 1948 න් පසුව නිපදවන ලද සියලුම පරිගණක මෙම සංකල්ප 2 භාවිතා කරන ලදී.

  • Second Generation (දෙවන පරම්පරාව) (1953-1963)

1948 දී William Shockley, John Bardeen හා Walter Brattain විසින් ට්‍රාන්සිස්ටරය නිපදවන ලදී. මෙම කාලයේදී vacuum tubes වෙනුවට transistors යොදා පරිගණක නිර්මාණය ආරම්භ කෙරුණු අතර මෙය radio , TV වලටද යොදා ගැනුණි. මේවා ප්‍රමාණයෙන් කුඩා, වේගවත්, කාර්යක්ෂම electronic පරිගණක විය. IBM සමාගම ලොව ප්‍රමුඛතම පරිගණක නිශ්පාදන සමාගම වු අතර IBM 1401 පරිගණකය දෙවන පරම්පරවේ මුල්ම පරිගණකයක් ලෙස දැක්විය හැක.එම නිසා පරිගණකය වඩාත් ලාබදායී, කුඩා මෙන්ම වඩාත් වේගවත් හා විශ්වාසවන්ත උපකරණ විය.

  • Third Generation (තෙවන පරම්පරාව) (1964-1971)

1960 දශකයේ මැද භාගයේ ආරම්භ වූ මෙම පරම්පරාවේ පරිගණක ඉතා කුඩා ඒවා සහ වේගවත් ඒවා විය. මෙම පරිගණක වල integrated circuits භාවිතා කිරීම සුවිශේෂී ලක්ෂණයක් විය. මෙතෙක් භාවිත කල punched card හා print-out වෙනුවට key-board, monitors වැනි පහසු ආදාන හා ප්‍රතිධාන උපාංග බිහි විය.

මෙහිදී පරිගණකය තත්පරයකට සිදු කරන ගණනය කිරීම් බිලියන ගණනින් වැඩිය. එම නිසා මෙම පරමපරාවේ බොහෝ පරිගණක විද්‍යාත්මක සහ ව්‍යාපාරික කටයුතු සැලසුම් කිරීමට යොදාගන්නා ලදී. පරිගණකයේ ක්‍රියාකාරීත්වය වේගවත් කිරීමට සහ භාවිතය පහසු වීමට operating systems හඳුන්වා දෙන ලදී. IBM–System 360, පරිගණකය තෙවන පරම්පරවේ පරිගණයකට උදාහරණයක් ලෙස නම් කල හැක. නැවත නැවතත් පරිගණක වඩාත් ලාබදායී, කුඩා මෙන්ම වඩාත් වේගවත් හා විශ්වාසවන්ත උපකරණ විය.

  • Fourth Generation (සිව්වන පරම්පරාව) (1971 – වර්තමානය)

සිව්වන පරම්පරාවේ පරිගණක වල විශේෂිත වෙනස් වීමක් සිදු නොවූ අතර පරිගණක ප්‍රමාණයෙන් කුඩා වීම සහ වේගවත් වීම සිදු විය. එයට හේතුව වුයේ කුඩා පරිපථ විශාල ප්‍රමාණයක් එකතු කර ඉතා කුඩා ඉඩක ස්ථාපිත කිරීමයි. එලෙස ස්ථාපිත කිරීමෙන් සෑදෙන ව්‍යුහය silicon chips (Microprocessor / chip)ලෙස හඳුන්වයි. එය කුඩා නමුත් ඉතා විශාල පරිගණක හැකියාවකින් යුක්ත පරිගණකයක් විය.

මෙම පරම්පරාවේ පළමු පරිගණක mini computers ලෙස හඳුන්වන අතර පසුව ඒවා තවත් කුඩා බවට පත්විය. මෙහි

  1. Artificial Intelligence
  2. Knowledge -based expert systems
  3. Very high -level programming languages
  4. Decentralized computing
  5. Very large -scale integration technology (VLSI)
  6. Machines are capable of reasoning and decision making the way human beings does.
  7. Direct human computer interactions
  8. Natural language will be understood by computers.
  9. Ability to store knowledge

Asiri

Tech writer & designer - kuliyapitiya

Comments (1)

  • techtra automotive academysays:

    September 5, 2023 at 2:18 am

    Nice weblog here! Additionally your website lots up fast!
    What web host are you the use of? Can I get your affiliate link
    to your host? I desire my website loaded up as quickly as yours lol

Leave a Reply

Your email address will not be published. Required fields are marked *