Home Tech News social media ලගදීම Threads වෙතින් web version එකක්
social mediaTech NewsUpdates

ලගදීම Threads වෙතින් web version එකක්

Share
blank
Share

මෑත කාලයෙ වඩාත් ජනප්‍රිය වුනු සෝශල් මීඩිය ඇප් එකක් තමයි Threads කියන්නෙ. මෙටා සමාගම විසින් නිකුත් කරපු මෙම ඇප් එක නිකුත් කල දින කිහිපයෙම විශාල පරිශීලකයන් ප්‍රමානයක් එකතු වෙන්න ගත්ත. ඉතින් එම පරිශීලකයන් බොහෝදෙනා ඉල්ලල තිබුනු දෙයක් තමයි Threads සදහා web version එකක්.

Mark Zuckerberg නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුනෙ මීලග සති කිහිපයෙදි සියලුම පරිශීලකයන් සදහා Threads වල web version එකක් නිකුත් කරන බවයි. එවිට පරිශීලකයන්ට තමන්ගෙ පරිගණක වලිනුත් Threads බාවිතා කරන්න පුලුවන්.

දැනුත් Threads posts පරිගණක හරහා බැලිය හැකි නමුත් එහි තිබෙන විශේෂාංග සීමිතයි. ඒවගෙම එහි තිබෙන search function එක තවමත් වැඩ කරන්නෙ සීමිත ලෙසයි. දැනට එමගින් වෙනත් පුද්ගලයන් පිලිබද සෙවුමක් කර සොයාගත හැකි නමුත් යම් පෝස්ට් එකක් පිලිබද සෙවුමක් කර සොයාගැනීමට හැකියාවක් නැහැ.

මේ ආකාරයට Threads මගින් මෙම web version එක ලබාදෙන්න හදන්නෙ X මගින් විශාල වෙනස්කම් සිදුකරමින් සිටින වෙලාවකයි. මුදල් නොගෙවා X බාවිතා කරන පරිශීලකයන්ට web version එකෙදි දිනකට නැරබිය හැකි පෝස්ට් ගනන 600කට සීමා කර තිබෙනව.

Threads නිකුත් කර සතියක් වැනි කෙටි කාලයකින් එය මිලියන 100 පරිශීලකයන් ප්‍රමානයක් සිටින බව නිවේදනය කරා. නමුත් මෙටා සමාගම මිනිසුන් බලාපොරොත්තු වුනු තරම් විශේෂාංග සහිතව Threads නිකුත් කලේ නැහැ. එමනිසා කෙටි කාලයකින් එහි පරිශීලකයන් ගනන අඩු වෙන්න ගත්ත. ඉතින් මෙටා සමාගම දැන් නවාංග එක්කරමින් නැවතත් එම පරිශීලක පිරිස එක්කර ගන්න බලනව.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...