Home Games අඩුවට Games ගන්න Steam Winter Sale ආරම්භ උනා
Games

අඩුවට Games ගන්න Steam Winter Sale ආරම්භ උනා

Share
blank
Share

PC ක්‍රීඩකයන් බොහෝ දෙනා බලා සිටින Steam Winter Sale වට්ටම් කාලය Valve සමාගම විසින් නිල වශයෙන් ආරම්භ කර තිබෙනවා. අවුරුදු අවසාන නිවාඩු සමය සමඟ පැවැත්වෙන මේ sale එක හරහා Steam platform එකේ ක්‍රීඩා රැසක් අඩු මිලකට ලබා ගත හැකි වෙනවා.

මෙවර Winter Sale එකේදී නව සහ ජනප්‍රිය ක්‍රීඩා කිහිපයකට සැලකිය යුතු වට්ටම් ලබා දී තිබෙනවා. ඒ අතර Clair Obscur: Expedition 33 සහ horror genre එකට අයත් Silent Hill f වැනි titles විශේෂ අවධානයට ලක්ව තිබෙනවා. සාමාන්‍යයෙන් නව ක්‍රීඩා සඳහා වට්ටම් අඩුවෙන් ලැබෙන නමුත්, මෙවර sale එකේදී ඒවාටත් මිල අඩු කිරීම් සිදු කරලා තියෙනවා.

AAA ප්‍රභේදයේ ක්‍රීඩා පමණක් නෙවේ, indie සහ classic PC ක්‍රීඩා සඳහාත් විශාල වට්ටම් ලබා දී තිබෙනවා. Action, role-playing, horror, simulation සහ adventure වැනි විවිධ genre වල ක්‍රීඩා මේ sale එකට ඇතුළත් වෙලා තියෙන නිසා, විවිධ රුචිකත්වයන් තියෙන ක්‍රීඩකයන්ට තම කැමැත්තට ගැලපෙන titles සොයාගන්න පුළුවන්.

Steam Winter Sale එකේ තවත් විශේෂත්වයක් වන්නේ, කලින් නිකුත් වූ ජනප්‍රිය ක්‍රීඩා අඩු මිලකට නැවත ලබා ගත හැකි වීමයි. මේ නිසා තම gaming library එක වැඩි කරගන්න හෝ කලින් මිල වැඩි නිසා මිලදී නොගත් ක්‍රීඩා මිලදී ගන්න මේක හොඳ අවස්ථාවක් බවට පත්වෙලා තියෙනවා.

Valve සමාගම සඳහන් කරන පරිදි, මේ Steam Winter Sale කාලය 2025 දෙසැම්බර් 18 සිට 2026 ජනවාරි 5 දක්වා තිබෙනවා. PC gaming ප්‍රියකරන අය සඳහා මේක අවුරුදු අවසානයේ වැදගත් වට්ටම් ලැබෙන අවස්ථාවක් ලෙස සලකන්න පුලුවන්.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

ලබන අවුරුද්දෙ එන අලුත්ම Control Game එක

Control Resonant යනු 2019 දී පළමු Control ක්‍රීඩාව නිර්මාණය කළ Remedy Entertainment...

Red Dead Redemption 1 මොබයිල් සදහා නිකුත් වෙයි.

Rockstar Games හි ජනප්‍රිය Red Dead Redemption ක්‍රීඩාව 2025 දෙසැම්බර් 2 වන...

නොමිලේ Play කරන්න පුලුවන් අලුත්ම Game එක

Where Winds Meet යනු පැරණි චීනය කෙන්ද්‍ර කරගෙන නිර්මාණය කර ඇති නව...

එන්න නියමිත සුපිරිම Horror Game එක

ILL යනු Team Clout නම් small studio එකක් විසින් නිර්මාණය කරන ලද...