Contact Information

WhatsApp Us

Days Gone Review

 - 
English
 - 
en
Sinhala
 - 
si
Tamil
 - 
ta

මෙහි කතාව සිදුවන ඇමරිකාවේ ඔරිගන් ප්‍රාන්තය කඳුපන්ති, විශාල වන ලැහැබවල්, ගංඟා හා කුඩා නගරවලින් සමන්විත ඉතා සාමකාමී ප්‍රදේශයකි.නමුත්………ඒ කලකට පෙරය. Freaker වසංගතය ලෝකය ආක්‍රමණය කර දින 730ක් ගෙවී අවසන්ය. මිලියන ගණනක් මිනිසුන් මියගොසිනි.තවත් මිලියන ගණනක් සුවකල නොහැකි වෛරසයක ආසාදිතයන් වී ඇත.ආසාදිත නොවූ වාසනාවන්ත මිනිසුන් සිටියේ ඉතා කුඩා ප්‍රමාණයකි.ඔවුන් තැනින් තැන කණ්ඩායම් වී කඳවුරු සාදා ජීවිතය ගෙවූහ.සමහර මිනිසුන් කල්ලි සාදාගෙන වෙනත් මිනිසුන් කොල්ලකමින් දිවිගෙවූහ.තවත් සමහර මිනිසුන් අන්ධ භක්තිකයන් වූහ.

කතාව දෙසට හැරෙමු……….

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting

අපේ කථානායක Deacon St. John පෙර කී කිසිදු කණ්ඩායමකට අයත් නොවූවෙකි. වසංගත ආක්‍රමණයට පෙර ඔහු Mongreal Motorcycle club නම් වූ යතුරුපැදි club එකේ සාමාජිකයෙක් විය.ඔහුට club එක සහ ඔහුගේ යතුරුපැදිය හැර වෙනත් කිසිදු දෙයක් වැදගත් වූයේ නැත.නමුත් ඒ ඔහුට Sarah Whitaker හමුවනතෙක් පමණිය. Cloverdale නම් පර්යේෂණාගාරයේ උද්භිත විද්‍යාඥවරියක් වූ ඇය කිසිසේත්ම motorcycle club එකට හෝ Deacon එතෙක් ගතකළ ජීවිතයට ගැලපුණේ නැත. එම නිසා Deacon එතනින් පසු club එකට සමුදීමට තීරණය කරන අතර “nomad” එනම් සංචාරක දිවිපෙවෙතක් Sarah සමග ගතකිරීමට තීරණය කළේය.කලකට පසු ඔවුන් දෙදෙනා විවාහ වී සතුටින් කාලය ගතකළෝය.

මෙසේ ටික කලක් යනවිට විශාල ඛේදවාචකයක් සිදුවේ.ආරම්භය පිලිබඳ නිශ්චිත අදහසක් නොමැති වෛරසයක් ලෝකයට මුදාහැරෙන අතර එය ආසාදනය වන මිනිසුන් Freakers නමින් හැඳින්වෙන ප්‍රචණ්ඩකාරී මෘගයන් බවට පත්වේ.මෙම වෛරසය පැතිරයමින් දිනෙන් දින වෛරසය ආසාදනය වී මෘගයන් බවට පත්වෙන මිනිසුන් සංඛ්‍යාව වැඩිවේ.

ක්‍රීඩාව ආරම්භයේදී Deacon, Sarah සහ Mongreal motorcycle club එකේ තවත් සාමාජිකයෙකු වූ Boozer නගරයට එල්ල වූ Freaker ආක්‍රමණයකින් බේරී පලායන ආකාරය දැකගත හැකිය.පලායන අතරතුර Sarah කුඩාදරුවෙකු දකින අතර ඇයට උදව්කිරීමට Sarah යන්නේ ඇයට වෛරසය ආසාදනය වී ඇති බව නොදැනය.ආසාදනය වූ කුඩා දරුවා Sarah ට පිහියකින් ඇන පලායයි.දැඩි ලෙස රුධිරය වහනය වූ නිසා ඇයව හැකි ඉක්මනින් ප්‍රතිකාර සඳහා කඳවුරකට යැවිය යුතු විය.මේ මොහොතේ ඔවුන්ව ගලවාගැනීමට පැමිණි N.E.R.O නම් සංවිධානයට අයත් හෙලිකොප්ටර්යේ සිටි ඕබ්‍රයන් (O’Brian) නම් නිලධාරියාගෙන් Deacon ට දැනගැනීමට ලැබෙන්නේ එහි තව ඉඩ පහසුකම් දෙදෙනෙකුට පමණක් ඉතිරිව තිබූ බවයි.මුලදී Sarah ව හෙලිකොප්ටරයට නංවාගැනීම O’Brian ප්‍රතික්ෂේප කළත් Deacon ගේ gun එක O’Brian ගේ හිසට එල්ලවනවාත් සමගම O’Brian ඊට එකඟවිය.ඉන්පසු Sarah ව හෙලිකොප්ටරයට නංවා පසුව ඇයව සොයයන අරමුණින් Deacon, Boozer සමග Oregon හි රැඳීමට තීරණය කරයි. Boozer ගේ පාදයේ සිදුවී තිබූ තුවාලය නිසාත් Deacon ගේ යතුරුපැදිය මේ වනවිට විනාශ වී තිබීම නිසාත් Sarah සොයායාමේ කාර්යයට ටික කලක් ගතවන බව ඔහුට වැටහුණි.

DAYS GONE_20190626154318

මෙසේ වසර 2ක කාලයක් ගතවීගොස් අවසන්ය.මේ වනවිට Deacon හා Boozer අලුත් යතුරුපැදි දෙකක් භාවිතකිරීමට පටන්ගෙන තිබුණි. Deacon මේ වනවිට Sarah පිලිබඳ සෙවීම අතහැර තිබුනේ Sarah ව ගෙනගිය කඳවුර Freaker ප්‍රහාරයකට ලක්වී එහි සිටි සියලුදෙනා මියගොස් බව ආරංචි වූ නිසාවෙනි.

Deacon සහ Boozer සිටි Oregon ප්‍රාන්තයේ මා පෙර සඳහන්කළ ආකාරයේ Lost Lake නමැති මිනිසුන් විසින් ගොඩනගාගත් කඳවුරක් තිබූ අතර එහි ප්‍රධානියා Iron Mike විය. Rippers ලා සමග සම්බන්ධකම් පැවැත්වූ අයෙකු බවට ආරංචි වූ නිසා Deacon සහ Boozer, Lost Lake කඳවුර වෙනුවට වෙනත් කඳවුරකට යාමට තීරණය කරති. (Rippers ලා යනු පෙර කී Freakers ලාව දේවත්වයෙන් ඇදහූ අන්ධ භක්තිකයන්ය.ඔවුන් සාමාන්‍ය මිනිසුන්ට පහරදෙමින්, ඔවුන්ව කොල්ලකමින් ,ඔවුන්ව freakers ලාට භෝජන ලෙස සිරකර තබන මිනිසුන් කොට්ඨාසයක් විය).අතරමගදී Rippers ලාට හසුවන Boozer ගේ අතක් ඔවුන් පුළුස්සාදමන අතර එම මොහොතේ Deacon ට කළ හැකි කිසිවක් නොතිබුණි.ඉන්පසු Boozer ගේ සෞඛ්‍ය තත්ත්වය දිනෙන් දින නරක අතට හැරුණි.මේ නිසා Lost lake කඳවුරට හොරෙන් ඇතුළු වී ප්‍රතිජීවක ඖෂධ සොරාගැනීමට Deacon තීරණය කරන අතර ඔහුගේ එම උත්සාහයේදී කඳවුරේ සාමාජිකයන්ට ඔහුව හසුවේ.නමුත් සාකච්චාවකින් පසු Deacon ට සහ Boozer ට උදව්කිරීමට කැමතිවන Iron Mike , ඔවුන් දෙදෙනාව Lost lake කඳවුරට ඇතුළුකරගැනීමට කැමතිවෙයි.එහිදී කඳවුරේ වෛද්‍යවරිය Addy විසින් Boozer ගේ අත ඉවත්කරන අතර ඉන්පසු Boozer ක්‍රමක්‍රමයෙන් සුව අතට හැරෙයි.

මෙසේ ටික කලක් ගෙවීයනවිට තම යතුරුපැදියෙන් සංචාරය කරන Deacon ට දකින්නට ලැබෙන්නේ N.E.R.O සංවිධානයේ හෙලිකොප්ටරයකි.එය ලුහුබැඳයන ඔහුට මුණගැසෙන්නේ එදා Sarah ව හෙලිකොප්ටරයට නංවා ගෙනගිය N.E.R.O පර්යේෂණ නිලධාරී O’Brian වය.ඔහුගෙන් Deacon ට දැනගැනීමට ලැබෙන්නේ Sarah ව වෙනත් කඳවුරකට ගෙනගිය බවත් එතනින් පසු ඇය ගැන කිසිදු තොරතුරක් තමා නොදන්නා බවත්ය.මෙම තොරතුරත් සමග Deacon ට Sarah ගැන නැවත බලාපොරොත්තු ඇතිවේ.මේ මොහොතේදී Deacon ගේ gun එක O’Brian දෙසට නැවත එල්ලවෙන අතර O’Brian තමන්ගේ පර්යේෂණ කටයුතුවලට Deacon උදව්කළහොත් Sarah ගැන තොරතුරක් සොයාගැනීමට උත්සාහකරන බව පවසයි.මෙයට Deacon එකඟවීමත් සමග O’Brian එතනින් නික්මයයි.

ඉතින් එතනින් පසු කුමක් සිදුවේවිද? Freaker වෛරසයට තිත තැබීමට Deacon ට හැකිවේවිද? Rippers ලාට කුමක් වේවිද? Freaker වෛරසයේ ආරම්භය කෙසේ සිදුවූයේද?

මෙම ප්‍රශ්නවලට පිළිතුරු සොයාගැනීම ක්‍රීඩකයා වන ඔබට භාරය.    

Gameplay ගැන කිවහොත් main storylines ගණනාවක් මෙම ක්‍රීඩාවට ඇතුළත්වන අතර ඒ එක් එක් storyline එකක් තුළ story missions ගණනාවක්ම ඇත.එසේම map එක පුරා ස්ථාපිත අපේ මිතුරු කඳවුරුවලද missions ගණනාවක් ඇත.එසේම marauder camps සහ ripper camps ලෙස සතුරු කඳවුරුද ඇත.එම සතුරු කඳවුරු විනාශකර ඒවා ගවේෂනය කිරීමෙන් විවිධ වූ weapons crafting පිළිබඳව වූ blueprints ලබාගැනීමට හැකිය.ඒවා ක්‍රීඩාවේ ඉදිරියටද වැදගත්වන අතර ඉතාමත් හොඳ survival experience එකක් එමගින් ඔබට ලැබෙනු ඇත.එසේම මෙහි map එක පුරාවට N.E.R.O checkpoints පිහිටා ඇති අතර ඒවා ගවේෂණය කිරීමෙන් Deacon ගේ Health, Stamina සහ Focus එක වැඩිකරගත හැකිය.

අපගේ මිතුරු කඳවුරු වන Copeland’s camp, Tucker’s camp සහ Lost Lake camp වැනි කඳවුරුතුළදී ඔබට ඔබගේ යතුරුපැදිය upgrade කිරීමට හා customize කිරීමට හැකිය.එසේම මෙහිදී ඔබට medicine, weapon ammo, grenades වැනි දේද මිලදීගත හැක.

ක්‍රීඩාව තුළ Deacon ගේ යතුරුපැදියට ප්‍රධාන ස්ථානයක් දී ඇත.එය damage වූ විට map එක පුරා එක් එක් ස්ථානවලින් සොයාගතහැකි scrap මගින් හෝ මිතුරු කඳවුරකින් යතුරුපැදිය නැවත අලුත්වැඩියා කළ හැකිය.එසේම fuel low වූ විට map එක පුරා විසිර ඇති fuel can මගින් හෝ මිතුරු කඳවුරුවලින් ටැංකිය පුරවාගත යුතුය.ඒවායින් ඉතාමත් තාත්ත්වික survival experience එකක් ඔබට ලැබෙනු ඇත.

ක්‍රීඩාවේ සතුරන් වර්ග 3කි. Freakers ලා ප්‍රධාන සතුරන් වන අතර Marauders සහ Rippers ලා අනෙකුත් සතුරන්ය. Swarmers, Bleachers, Newts, Screamers හා Breakers වැනි මිනිස්රූපී Freakers ලාද Runners, Ragers හා criers වැනි Freaker animals ද ක්‍රීඩාව තුළ සිටිති.

ක්‍රීඩාවේ හමුවන අපහසුම missions වර්ගය “Horde missions” ය. Horde එකක් යනු Freakers ලා අතිවිශාල ගණනක රංචුය. Main storyline එකේදී ඔබට අනිවාර්යයෙන් මෙවැනි hordes 3 කට මුහුණදීමට සිදුවේ. ( Old Sawmill Horde බුදු අම්මෝ ………………..)

ක්‍රීඩාවේ Graphics ඉතාමත් ඉහළ මට්ටමක ඇත. Environment details,Character details, Facial expressions ආදිය ඉතාමත් හොඳින් නිරූපණය කර ඇත.සමස්ථයක් ලෙස ගත්කළ ඉතාමත් හොඳ පරිගණක ක්‍රීඩාවක් වන මෙය 2019දී release වූයේ playstation වලට පමණි.2021 මැයි මාසයේදී PC වලටද release වූ මෙය PC Gamers ලා අතරද ජනප්‍රිය වීමට වැඩිකලක් ගතවූයේ නැත.

Open world post-apocalyptic survival ගණයට අයත්වන මෙම ක්‍රීඩාවේදී ඔබට සැබෑ Zombie apocalyse එකක මෙන් තාත්ත්වික gameplay අත්දැකීමක් ලබාගත හැකිය.අවසාන වශයෙන් මෙහි sequel එකක් නුදුරු අනාගතයේදී අපට බලාපොරොත්තු විය හැකිබව කිවයුතුය.

මේ සඳහා අවශ්‍ය minimum සහ maximum requirements

SystemMinimumMaximum
CPUIntel Core i5-2500K 3.3GHz/ AMD FX-6300Intel Core i7-4770K 3.5GHz/AMD Ryzen 5 1500X
GPUNVIDIA GeForce GTX 780(3GB)/AMD Radeon R9 290(4GB)NVIDIA GeForce GTX 1060(6GB)/AMD Radeon RX 580(8GB)
RAM8GB16GB
VRAM3GB6GB
Storage100GB100GB
OSWindows 10(64 bit)Windows 10(64 bit)
Share:

5 Comments

  • lasantha nirmal, September 3, 2021 @ 11:42 am Reply

    super game eke days gone 2 playstation enna tiyenawa needa ?

  • Naveen Balasundaram, September 6, 2021 @ 1:10 pm Reply

    මේක ගහද්දී ස්ක්‍රීන් එක stutter වෙනවා මගේ මැශින් එකේ, මිනිමම් රික්වයමන්ට් ඔක්කොම තියෙද්දිත්!

  • Darshana pethum, September 6, 2021 @ 6:51 pm Reply

    Nice post. I’m still playing.

    • Ewan Tharumal, November 20, 2021 @ 10:17 am Reply

      you are very lucky.

  • Ewan Tharumal, November 20, 2021 @ 10:18 am Reply

    Loku PC akak hadagaththa gamanma gahanna inna game akak thamai daysgone kiyanne.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *