Home Tech News Explained Digital Display එක්ක DeepCool AK Digital Coolers
ExplainedHardware

Digital Display එක්ක DeepCool AK Digital Coolers

Share
blank
Share

DeepCool කියන්නෙ ලොව තිබෙන ප්‍රධාන පෙළේ Computer Components නිපදවන සමාගමක්. ඔවුන් ප්‍රධාන වශයෙන් CPU coolers, PC cases සහ Power Supplies ඇතුලු high-performance සහිත පරිගණක උපාංග නිපදවනව. එම සමාගමෙන් අලුතෙන්ම Digital Display එකක් සහිත Air CPU coolers range එකක්ම හදුන්වා දී තිබෙනව. එය AK DIGITAL Series ලෙස නම් කර තිබෙනව.

එම අළුත් DeepCool AK Digital Air Cooler Series එකට

  • AK400
  • AK500
  • AK620 DIGITAL යන මාදිලි අයත් වෙනව.

මෙම අලුත් AK DIGITAL Series එකෙ තිබෙන ප්‍රධාන විශේෂාංග වෙන්නෙ system CPU එකෙ temperature සහ usage එක පෙන්වන digital තිරයක් තිබීමයි. එමගින් CPU එක අධික උශ්නත්වයකට පත්වන අවස්තාවලදී අනතුරු ඇඟවීමක් සිදුකරනව.

මෙම coolers වල ඩිසයින් එක ඔවුන් නම් කර තිබෙන්නෙ ZERO DARK raven ඩිසයින් එක නමින්. මේවායේ උසස් තත්වයේ copper heat pipes, dual-tower heat sink සහ අඩු ශබ්දයක් නිකුත් කරන ෆෑන් අඩංගු වෙනව. මීට අමතරව ARGB LED stripsද මෙයට එක්කර තිබෙනව.

AK DIGITAL coolers වල 28 dBA වැනි ඉතා අඩු ශබ්දයක් නිකුත් කරන ෆෑන් යොදා තිබෙනව. මේවායේ වේගය 500-1850 RPM අතර පරාසයක තිබෙනව.

මේ Coolers මාදිලි තුනෙන් AK400 කියන්නෙ බරින් අඩුම සහ අඩු මුදලක් වැය වන Cooler එකයි. DeepCool සමාගම විසින් මෙම Coolers මාදිලි තුන සදහාම වසර 3ක වගකීම් කාලයක් ලබාදෙන බව නිළ වශයෙන් පවසා තිබෙනව.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

මොනවද මේ පීරමීඩ යෝජනා ක්‍රම කියන්නෙ?

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මේ දිනවල “අහෝ දුකකි පිරමීඩ උගුලකි” කියල...

නව නිර්මාණ අංශයෙන් සම්මාන ලැබූ MSI සමාගම

2025 වර්ෂය සදහා වූ නව නිර්මාණ සදහා වූ සම්මාන උළෙලක් වන CES...

AI පරිගනක තාක්ශනය වෙනුවෙන්ම නිපදවු MSI Z890 Motherboard Series එක

MSI සමාගම විසින් හඳුන්වාදෙන අලුත්ම පරම්පරාවේ motherboards, Intel® නවතම Core™ Ultra Processors...

සිතුවිලි තරංග මගින් පාස්වර්ඩ් යෙදිය හැකි ක්‍රමය

යතුරු පුවරුවකින් ටයිප් කර පාස්වර්ඩ් යොදනවාට වඩා පාස්වර්ඩ් එක සිතෙන් සිතා යෙදිය...