Home Tech News දැනගත යුතුම KOOV Educator Kit
Tech News

දැනගත යුතුම KOOV Educator Kit

Share
blank
Share

පාසැල්වියේ දරුවන්ට Computer Programming Languages භාවිතා කිරීම උගන්වනු පිණිස Sony සමාගම අධ්‍යාපනික උපාංග කට්ටලයක් තනා විකුණනව. KOOV Educator Kit නම් මෙහි ඇති කොටස් යොදා ගෙන රොබෝ යන්ත්‍ර සකසන්නත්, ඒවා ක්‍රියාත්මක කර වනු පිණිස පරිගණක වැඩසටහන් ලියන්නත්, ඒ අනුව රොබෝ ක්‍රියාත්මක කරවන්නත් පුළුවන්. පරිගණක අධ්‍යාපන මෙවලම් කට්ටලය, මූලික කොටස් කීපයකින් යුක්ත වෙනව.

විවිධ හැඩයෙන් සහ සම්බන්ධක ස්ථානවලින් යුත් බිල්ඩින් බ්ලොක්ස් 300 ක් මෙහි තිබෙනව. ඝනක (cube), ප්‍රිස්ම (prism), සෘජුකෝණාස්‍ර සහ දඬු (beam) ලෙස ඇති ඒවා හැඩයෙන්ද, පැහැයෙන්ද විවිධයි. ඒවා එක් කර එකිනෙකට වෙනස් සම්බන්ධතා ආකාර 120 ක් සකසන්න පුලුවන්. ඒවා නොයෙක් ආකාරයට කලවම් කර ත්‍රිමන ආකෘති බොහෝ ගණනක් සැකසිය හැක. හැඩතල අනුව කුමන ආකෘතියක් සැකසුවත් එය රොබෝවක් සේ ක්‍රියාත්මක කරවන්න පුලුවන්.

මෙසේ ක්‍රියාත්මක කරවනු පිණිස, බිල්ඩින් බ්ලොක් අතරට යෙදිය හැකි සංවේදක සහ ක්‍රියාකාරක ගණනාවක් තිබෙනව. එල්ඊඩී බල්බ්, අධෝරක්ත පරාවර්තක, බසර් (Buzzer), ආලෝක සංවේදක, පිහිටුම් සංවේදක (accelerometer) සහ ස්විච් (push switch) යනාදිය ඊට අයත් වෙනව. එසේම උපාංග සමඟ ඇසක් සේ සම්බන්ධ කළ හැකි සංවේදකද තිබෙනව. ඒවා රොබෝවල ඇස් ලෙස යෙදීමටයි. රෝද සහ ගියර් පද්ධතිද තිබෙනව. ඒ, තැනූ උපාංග වේග පාලනය කරමින් ගමන් කරවනු පිණිසයි.

බිල්ඩිං බ්ලොක්ස් සමඟ මෙම සංවේදක සහ ක්‍රියාකාරක එක් කර නිමැවුම ක්‍රියාත්මක කරවන්නට මයික්‍රොකොන්ට්‍රෝලරයක් අවශ්‍යයි. ආඩුඊනෝ උපාංගයක් මැදි කර තැනූ විශේෂ මෙවලම එයයි. තැනූ මෙවලම සමඟ මයික්‍රොකොන්ට්‍රෝලරය සම්බන්ධ කිරීමට කේබල් ආකාර තුනක්, කේබල් සම්බන්ධක (connector) මෙන්ම බැටරි පෙට්ටියක්ද තිබෙනව.

මෙසේ සකසා ගත් උපාංගය වෙනුවෙන් කේත ලිවීමට Scratch ක්‍රමලේඛ භාෂාව යොදා ගෙන තිබෙනව. ඒ ඇසුරෙන් ලියූ වැඩසටහන් ගණනාවක් මේ සමඟ සපයනව. එසේම එම රොබෝ තනා ගන්නා ආකාරය පෙන්වන සටහන්ද දෙනව.

මේවා ඇසුරෙන් තනන උපාංගය ක්‍රියාත්මක කරවන කළමනාකරණ වැඩසටහන ඇප් එකක්. එය වින්ඩෝස්, මැක් අයිඑස්, ක්‍රෝම් යනාදී සියලුම පරිගණක මෙහෙයුම් පද්ධති සමඟ වැඩ කරනව. මෙය පරිගණකයට ඉන්ස්ටෝල් කරගත් විට, දරුවාට එය හරහා තම රොබෝව ක්‍රියාත්මක කරවන්නට පුළුවන්. එම රොබෝවේ මයික්‍රොකොන්ට්‍රෝලරය කේබලයකින් පරිගණකයට හෝ අයිපෑඩයට හෝ සම්බන්ධ කරන්නට පුළුවන්. එසේ නැතහොත් බ්ලූටූත් ක්‍රමයට රැහැන් නැතිව ක්‍රියාත්මක කරවන්නත් පුළුවන.

මෙසේ සකසා ඇති බිල්ඩි බ්ලොක්ස් සහ තවත් උපාංග ඇසුරෙන් රොබෝ යන්ත්‍ර නිමවන දරුවා, ඒවාට වැඩසටහන් සකසා ක්‍රියාත්මක කරවනව. එමඟින් දරුවාට ලැබෙන ප්‍රවීනතා ගණනාවකි. පරිගණක උපාංගයක් යනු කාටත් තැනිය හැකි භෞතික භාණ්ඩයක් මිස ආශ්චර්යමත් යමක් නොවන බව දරුවා ඉගෙන ගන්නව. ඒවා ක්‍රියාත්මක කරවිය හැක්කේ අප ලබා දෙන විධානවලට අනුව මිස ඒවාට ඕනෑ හැටියට නොවෙන බව ඉගෙන ගන්නා දරුවා, රොබෝ යන්ත්‍ර යනු මිනිසාට අභියෝගාත්මක නිමැවුමක් නොව මිනිසාගේ කීකරු සේවකයෙක් බව දැනගන්නව.

ඕනෑම පරිගණක උපාංගයක් ඇටවූවාටම ඒවා ක්‍රියාත්මක නොවෙන බවත්, ඒවා ක්‍රියාත්මක කරවන්නට පරිගණක වැඩ සටහන් ලිවිය යුතු බවත් දරුවා උගනී. මේ ආකාරයට සියල්ල තේරුම් ගත් දරුවා, අනාගතයේදී පරිගණක විද්‍යාඥයෙක් හෝ නව නිපැයුම්කරුවෙක් හෝ වීමට ඉටා ගන්නව.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...