Press ESC to close

2023 තිබෙන හොදම video streaming services

අද කතාකරන්න යන්නෙ streaming services ගැන. ලංකාව තුල streaming services බාවිතය ඒ තරම්ම ජනප්‍රිය නොවුනත් ලෝකයේ වෙනත් රටවල් වල බහුලව බාවිතා කරනව. පසුගිය වසර කිහිපයෙදි streaming services ඉතාමත් වේගයෙන් ජනප්‍රිය වෙන්න පටන් ගත්ත. අඩු මුදලක් ගෙවා අපි කැමතිම චිත්‍රපටියක් හෝ TV show එකක් ඕනෑම වෙලාවක ඕනෑම streaming උපාංගයකින් නරබන්න පුලුවන් වීම streaming services වල තියන වාසියක්. මේ වෙනකොට streaming services විශාල ප්‍රමානයක් තියන නමුත් ලංකාවට නිළ වශයෙන් බාවිතා කරන්න පුලුවන් services කිහිපයයි තියෙන්නෙ. අද කතාකරන්නෙ ඒ වගෙ ලංකාවට ලබාදීල තියන streaming services ගැනයි.

Netflix

Get Your Site Up with A2 Hosting

විශාලම movies සහ TV shows එකතුවක් තිබෙන Netflix ලොව දැන් තිබෙන වඩාත් ජනප්‍රියම streaming services එකක්. ඔබට නරඹන්න අවශ්‍ය ඕනෑම category එකකින් මෙහි movies සහ TV shows තිබෙනව. ඒවගේම සෑම සතියකම අලුතෙන් Netflix වෙත content එකතු වෙනව. Netflix මේ වෙනකොට ලෝකයෙ සෑම රටකටම වගේ සහය දක්වනව. ඒවගේම එහි යෙදුම සහ වෙබ් අඩවිය අන්තර්ජාලයට සම්බන්ධ වන බොහෝ උපාංග මත ධාවනය වෙනව.

Profiles අතර මාරුවීම, යමක් නරඹා එය නවතා දැමූ තැන ඉදන් නැවත නැරඹීමේ හැකියාව වගේ දේවල් ගත්තම Netflix තරම් බාවිතා කරන්න පහසු සේවයක් අනෙක් සේවාවන් වලින් සපයන්නෙ නැහැ.

Netflix වල මේ වෙනකොට ලබාගන්න පුලුවන් ප්ලෑන්ස් හතරක් තියනව. මේ හැම ප්ලෑන් එකකින්ම එකම content එක සදහා unlimited access ලැබෙනව. මෙහි Mobile ප්ලෑන් එක $2.99 වෙනව. මේකෙන් 480p quality එකෙන් content බලන්න පුලුවන්. ඊලගට Basic, Standard සහ Premium කියල ප්ලෑන්ස් තියනව. ඒ ප්ලෑන්ස් වල මිල පිළිවෙලින් $3.99, $7.99 සහ $9.99 වෙනව. මේකෙ Basic ප්ලෑන් එකෙ තියෙන්නෙ Mobile ප්ලෑන් එකෙ තියන දේවල්ම උනත් අමතර වශයෙන් HD quality එකෙන් stream කරන්න පුලුවන්. ඒවගේම Standard සහ Premium ප්ලෑන්ස් වලින් Full HD සහ Ultra HD stream කරන්න පුලුවන්. Premium ප්ලෑන් එකෙ තියන එක් අමතර විශේෂාංගයක් වෙන්නෙ එහි Netflix spatial audio බාවිතා කරන්න පුලුවන්.

Amazon Prime

මෙ Amazon Prime Video සමහර අවස්තාවල Netflix-lite ලෙස හැදින්වුවත් Netflix වල තියන විශේෂාංගම මේකෙත් තියනව. මේක සම්පූර්නයෙන්ම ad-free වෙන අතර මෙහි මාසික පැකේජය $15 වෙනව. ඒවගේම එය එකවර අවුරුද්දක් සදහා ගන්නව නම් $139කට මිලදී ගන්න පුලුවන්. ඒවගේම Prime Video පමනක් ගන්නව නම් ඒ සදහා වැයවෙන්නෙ මසකට $9ක්.

Amazon Prime තුල Netflix මෙන්ම ඔවුන් විසින් නිර්මාණය කල content අඩංගු වෙනව. මෑත වසර කිහිපයෙදි Prime වෙතින් සම්මානළාභී කතා මාලාවක් වන The Marvelous Mrs. Maisel වගේම තවත් ජනප්‍රිය කතා මාලාවන් වෙන The Boys සහ The Expanse නිර්මානය කර එළිදැක්වූවා.

Netflix මෙන් Prime තුලදී streaming quality එක සදහා අමතර අයකිරීමක් සිදු කරන්නෙ නැහැ. 4K සහ HDR සදහා සහය දක්වන ඕනෑම content එකක් මෙහි නරබන්න පුලුවන්. ඒවගේම Prime ඔවුන්ගේ Fire devices, Android සහ iOS වල content download සදහාත් ඉඩ ලබාදෙනව.

මෙහි තියන එක අවාසියක් වන්නෙ Netflix වගෙ Amazon’s apps එතරම් හොද usability එකක් නැහැ. මෙහි තියන එක් විශේෂාංගයක් තමයි අපගෙ subscription එකට අයත් නැති චිත්‍රපටි rent කර ලබාගන්න පුලුවන්. Amazon Channels මගින් Britbox, Showtime සහ Paramount+ වැනි චැනල් ලබාගන්න පුලුවන්.

Hulu

Netflix සමග තරග කරන්න NBC සමාගමෙන් ආරම්බ කල streaming service එක තමයි Hulu කියන්නෙ. Hulu මේ වෙනකොට ඉතාමත් ජනප්‍රිය TV shows නිපදවා තිබෙනව. ඒ අතර The Handmaid’s Tale සහ Only Murders in the Building හදුන්වන්න පුලුවන්.

දැන් Disney සමාගමට Hulu අයිති නිසා ඔවුන්ගේ subscription එක සමග Disney+ සහ ESPN+ ලබාගන්න පුලුවන්. Hulu subscription එක මසකට $7 ලෙසත් අවුරුද්දකට $70 ලෙසත් ලබාගන්න පුලුවන්. ඒවගේම ඇඩ් රහිත ප්ලෑන් එක $13කට ලබාගන්න පුලුවන්. මෙහි Live TV පහසුකමත් සමග ලබාගන්න නම් ඇඩ් සහිතව මසකට $70ක් සහ ඇඩ් රහිතව $76 ලෙස තිබෙනව.

මෙහිත් download කිරීමට සහ එකම වෙලාවෙ devices දෙකකින් stream කරන්න ඉඩ ලබාදෙනව.

Apple TV+

Apple TV+ මගින් ඉතාමත් ජනප්‍රිය සහ සම්මානලාභී කතාමාලාවන් වන Ted Lasso, Severance, සහ For All Mankind නිර්මානය කරා. මොවුන් Netflix හෝ Disney මෙන් විශාල වශයෙන් content එක්කරනව වෙනුවට ගුණාත්මක සහ විශාල කීර්තිමත් content එක්කරන්න අවධානය යොමු කර තිබෙනව. ඒවගේම එම උපාය මාර්ගය සාර්ථක වී ඇති බව පේනව.

මසකට $7 මුදලක් ගෙවීමෙන් මෙහි මිලියන ගණනක් වූ shows සහ movies නරබන්න පුලුවන්. ඒවගේම මෙහි Apple One නම් පැකේජයක් තිබෙනව. එහි Apple Arcade, Apple Music සහ 50GB of iCloud storage ලැබෙන අතර ඒ සදහා මසකට $15 වැයවෙනව. $20ක් ගෙවීමෙන් 200GB iCloud storage එකක් ලබාගන්න පුලුවන්. ඒවගේම මසකට $30ක් ගෙවීමෙන්  News+ සහ Fitness+ පසහුකමුත් ලබාගත හැකියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *